Friday, April 8, 2016

රාජ්‍ය සේවකයන්ට එකවර රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීම රාජ්‍ය අයවැයට දැරිය නොහැකි බව එස් බී දිසානායක මහතා පවසයි.


රාජ්‍ය සේවකයන්ට එකවර රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීම රාජ්‍ය අයවැයට දැරිය නොහැකි බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. 

රටේ තත්ත්වය යහපත් නොමැති බව ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබාදුන් බොහෝ පිරිසක් අසතුටෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ මහනුවර අරුප්පල දී ඊයේ පැවති ජන හමුවකදීයි.
පැවති රජය විසින් ගත් ණය අයවැයට එක්කර නොතිබුණ ද 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුල රටේ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් පැවති බව හෙතෙම කියා සිටි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයෙන් පවා මූල්‍ය කටයුතු පිළිබඳ රාජපක්‍ෂ යුගයට එතරම් චෝදනා නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා දැරිය නොහැකි මැතිවරණ පොරොන්දු දීම මෙම අර්බුදයට හේතුවී ඇති බව ද පැවසිය. 

Google Plus Facebook Twitter Delicious