Thursday, April 7, 2016

හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා වාර්තාවක් කැඳවයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව රජය පවසයි.


සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.


ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට මෙන්ම රජයට ද උවමනාවක් පවතින බවයි.


විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට දැනට සිටින හමුදා සාමාජිකයින් මැයි මස 10 වැනි දින වනවිට ඉවත් කිරීමට උපදෙස් දී ඇති බවයි.


සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද එහි දී අදහස් දැක්වීය.


අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප්‍රතිචාර දැක්වීය.


කෙසේ වෙතත් කථානායක කරූ ජයසූරිය මහතා එහි දී සභානායකවරයාට උපදෙස් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලා තමන්ට වාර්තා කරන ලෙසයි.

Google Plus Facebook Twitter Delicious