Friday, April 1, 2016

2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට හා 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලට මේ දිනවල අයදුම්පත් භාරගනියි.

2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට හා 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලට මේ දිනවල අයදුම්පත් භාරගනියි.

ලබන 30 වැනිදා දක්වා අයදුම්පත් භාර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සිංහල, දමිළ හා ඉංග‍්‍රිසි මාධ්‍යයෙන් සීමිත සහ විවෘත දෙඅංශයෙන් පැවැත්වෙනු ඇත.


මේ අතර 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල පැවැත්වෙන්නේ සිංහල හා දෙමළ මාධ්‍යයෙනි.


නිර්මාණකරුවන්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන අයදුම්පත සම්පුර්ණ කර රාජ්‍ය ළමා නාට්‍ය හෝ කෙටි නාට්‍යයේ පිටපත් 3 ක් සම`ග ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි.


2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ හා 2017 රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලේ අයදුම්පත හා ව්‍යවස්ථාව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හෝ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි.


මීට අමතරව දිවයින පුරා දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලවල සංස්කෘතික අංශයෙන් ද අයදුම්පත් ලබාගත හැකි බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 2 87 23 85 දුරකතන අංකයට ඇමතීමෙන් ලබා ගත හැකිය.


"සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහළ, සෙත්සිරිපාය, බත්තරමුල්ල" ලිපිනයට නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.


අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධාන කරනු ලබයි.


Google Plus Facebook Twitter Delicious