Monday, April 4, 2016

මාධ්‍ය නිදහස ඉල්ලූ මාලදිවයින් මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට.

මාලදිවයින් ආණ්ඩුවට එරෙහි  උද්ඝෝෂණයකට සහභාගී වූ මාධ්‍යවේදීන් පිරිසක් අඩංගුවට ගනියි.


මාලදිවයිනේ මාධ්‍ය නිදහසට බාධා එල්ලවන බව පවසමින් උද්ඝෝෂණය පැවැත්විනි.


ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පිරිස් පොලිසිය විසින් විසිරුවා හැර තිබේ.


අපහාස නීතීය දැඩි කීරීම සඳහා වන අණ්ඩුවේ සැලසුම බහුතරයක් වූ ජනමාධ්‍යවේදිහු ප‍්‍රතික්ෂේප කරති.


වසර දෙකකට පෙර මාධ්‍යකරුවෙකු අතුරුදන් වීම මෙන්ම පුවත්පත් ආයතනයක් තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන්  උද්ඝෝෂකයන්ගේ විරෝධය එල්ල වීය.


මේ අතර විරුද්ධ මතධාරීන් සම්බන්ධයෙන් මාලදීවයින් රාජ්‍යයේ ක‍්‍රියා පිළිවෙත ජාත්‍යන්තරයේ විවේචනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.                                          


Google Plus Facebook Twitter Delicious