Tuesday, April 5, 2016

කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ සනීපාරක්ෂක කටයුතු භාර සමාගම අසාදු ලේඛණ ගත කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය.


කුරුණෑගල ශික්ෂණ රෝහලේ අපිරිසිදුභාවය හේතුවෙන් සනීපාරක්ෂක කටයුතු භාර පෞද්ගලික සමාගම අසාදු ලේඛණ ගත කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි. 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පසුගියදා සිදු කරන කුරුණැගල ශික්‍ෂණ රෝහලේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය. 


රෝහලේ පිරිසිදු කිරීෙමි කටයුතු විධිමත්ව සිදු නොකරන බවට එහිදී අනාවරණය වී තිබේ.
රෝහල් භූමියේ මදුරු කීටයන් බෝවන ආකාරයකට පත්ව ඇති බවත් එහිදී නිරීක්ෂණය විය. 


එබැවින් දින 03 ක් ඇතුළත වහාම රෝහල් පරිශ‍්‍රයේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල සමාගමට දැනුම් දී තිබේ.
එලෙස පිරිසිදු නොකරන්නේ නම් සමාගම අසාදු ලේඛණ ගත කිරීම සදහා පියවර ගැනීමට නියමිතයි. 


පිරිසිදු කිරීම පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ද පාලිත මහීපාල මහතා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතාට නියෝග කරන ලදි.
මෙම නිරීක්ෂණ චාරිකාෙවි දී රෝහලේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්විණි. 


රෝහලේ සංවර්ධන කටයුතු සදහා මෙම වසරේ දී රුපියල් මිලියන 650 ක් ලබා දෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදි ප‍්‍රකාශ කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ මුළුතැන් ගෙය ද මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර රෝගීන් සදහා අංග සම්පුර්ණ ආහාර ෙවිලක් ලබාදෙන ලෙසත්, අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Google Plus Facebook Twitter Delicious