Monday, April 4, 2016

පැවති රජය සමයේ විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා ලබා දී ඇති බවට ඇමති දයා ගමගේගෙන් චෝදනා.

පැවති රජයේ ඇතැම් තීරණ හේතුවෙන් වත්මන් රජය අපහසුතාවට පත්ව ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.


විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා නිර්මාණය කිරීම සහ විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබා ගැනීම හේතුවෙන් රජය දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි හෙතෙම සඳහන් කළේය.


එවැනි පසුබිමක් තුළ වුව ද දුෂ්කර හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට අවශ්‍ය රජයේ සේවක අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පසුගිය රජය කටයුතු කර නොමැති බව දයා ගමගේ මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ කරතගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දයා ගමගේ මහතා සඳහන් කළේ මෙරට අධ්‍යාපන හා සෞඛ්‍ය කේෂ්ත‍්‍රයේ ගැටළු විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා  බවයි.


Google Plus Facebook Twitter Delicious