Thursday, April 7, 2016

මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දින සැමරුම් උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්.


ශ්‍රී ලංකාවේ අග්‍රගණය කලාකරුවෙකු වූ මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දින සැමරුම් උළෙල අද පැවැත්වෙයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පස්වරු 3 ට එය ආරම්භ කිරීමට නියමිතය.


අප්‍රේල් 7 වැනි දින රදාවානේ දී උපත ලද මහගම සේකරයන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකි.


කවියෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය කරුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සුපතල මහගම සේකරයන් සිංහල නිසදැස් පද්‍ය කලාවේ ද සුවිශේෂි සලකුණකි.


එමෙන්ම ඔහු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ද වෙයි.

සැමරුම් උළලේ දී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රත්න ශ්‍රී විජේසිංහ හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරු විසින් සමරු දේශන පවත්වනු ලබති.


එමෙන්ම මහගම සේකර සමරු ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීමට ද නියමිතය.


අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව උළෙල සංවිධාන කර තිබේ.

Google Plus Facebook Twitter Delicious