Saturday, May 7, 2016

විශ්ව විද්‍යාල තුළ පැසි පන්දු ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා නව තරගාවලියක් හඳුන්වා දෙයි.


විශ්ව විද්‍යාල තුළ පැසි පන්දු ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා නව තරගාවලියක් හඳුන්වා දෙයි.

ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පැසිපන්දු සංගමය මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ජාත්‍යන්තරව ජනප‍්‍රියව ඇති, එක් පිළකට තිදෙනෙක් බැගින් සහභාගීවන "තුනයි - තුන" පැසි පන්දු තරගාවලියක් අද සහ හෙට පැවැත්වෙයි.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පැසිපන්දු ක‍්‍රීඩා පිටියේ දී එය පැවැත්වෙයි.
මේ ස`දහා විශ්ව විද්‍යාල 12 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගී වෙති.


ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ අක්කර අසූ පන් දහසක් විනාශ වෙයි.


ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ අක්කර අසූ පන් දහසක භූමි ප‍්‍රමාණයක් විනාශ වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ ආශී‍්‍රත ප‍්‍රදේශවල ජීවත් වූ පුද්ගලයින් අසූ අට දහසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බවයි.

කැනඩාවේ දකුණු දිග ප‍්‍රදේශයේ මීට දින පහකට පමණ පෙර ලැව් ගිනි තත්ත්වයක් ඇති විය.

ගින්න මැඩපැවැත්වීම ස`දහා කැනඩා ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් දැඩි ප‍්‍රයත්නයක නිරතව සිටි.


පෞද්ගලික ඔසුසැල් තුළ අධි මිලට ඖෂධ නිකුත් කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.


පෞද්ගලික ඔසුසැල් තුළ අධි මිලට ඖෂධ නිකුත් කරන බව සමස්ත ලංකා සුව සේවා සංගමය පවසයි.

ප‍්‍රධාන ලේකම් ගාමිණී කුමාරසිංහ මහතා ඒ බව ස`දහන් කළේය.

එම තත්ත්වය හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බව ද හෙතෙම අවධාරණය කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී කුමාරසිංහ මහතා කියා සිටියේ ඇතැම් ඖෂධ සමාගම්වල කි‍්‍රයාකාරීත්වය ද සතුටුදායක තත්ත්වයක නොපවතින බවයි.


පාර්ලිමේන්තුවේ කතානායක භූමිකාව ඉටුකරනුයේ අග‍්‍රාමාත්‍යවරයා බවට චෝදනා.


පාර්ලිමේන්තුව තුළ කතානායක භූමිකාව ඉටුකරනුයේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බවට චෝදනා එල්ල වෙයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට ඊයේ සහභාගි වෙමින් ඒ පිළිබ`ද අදහස් දැක්වීය.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ක‍්‍රියා කලාපය කතානායක ධුරයට බරපතල ගැටළුවක් බව ද හෙතෙම පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ පසුගිය දා පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම්කාරි වාතාවරණයට ද අග‍්‍රාමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය බලපෑ බවයි.


ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ සුළු ජාතීන්ගේ නියෝජනයක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය ඇමති කියයි.


ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානය වන විට සුළු ජාතීන්ගේ නියෝජනයක් දක්නට ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 

මෙවර මැයි රැළියෙන් එය මනාව පිළිබිඹු වූ බව ද හෙතෙම පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව ස`දහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංහි`දියා ක‍්‍රියාකලාපය ඊට ප‍්‍රධාන හේතුව බවයි.


වදහිංසා සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ශී‍්‍ර ලංකාව අලලා සැකසුණු විශේෂ වාර්තාවක් අද ප‍්‍රකාශයට කරයි.


වදහිංසා සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබ`ද ශී‍්‍ර ලංකාව අලලා සැකසුණු විශේෂ වාර්තාවක් අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

වදහිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබ`ද එක්සත් ජාතීන්ගේ සංවිධානය එය සකසා තිබේ.

පසුගියදා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනා ශී‍්‍ර ලංකාවේ සිදු කළ සංචාරය අලලා එම වාර්තාව සකසා ඇත.

ඔවුන් සංචාරයට පැමිණ තිබුණේ ලක් රජයේ ආරාධනයකට අනුවයි.

රජයේ නිලධාරීන් ඇතුළු පිරිස සම`ග ඔවුන් සාකච්ඡා පවත්වා තිබිණි.

උතුරු නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක ද සංචාරයක නිරත වූ නියෝජිතයින් එහිදී ලබා ගත් තොරතුරු ද වාර්තාවට ඇතුළත් කර තිබේ.

එමෙන්ම අදාල වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි වාරයට ද ඉදිරිපත් කිරීමට නියමිතය.


Friday, May 6, 2016

මෙරට මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දේශීය සහ ජාත්‍යන්තර තරගාවලි 04 කට සහභාගි වීමේ අවස්ථා ලබා දිය හැකි බව ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය පවසයි.


මෙරට මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දේශීය සහ ජාත්‍යන්තර තරගාවලි 04 කට සහභාගි වීමේ අවස්ථා ලබා දිය හැකි බව ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය පවසයි.

2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් එය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

අගෝස්තු මාසයේ බ‍්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නගරයේ පැවැත්වීමට නියමිත 19 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට මේ වනවිට සුදුසුකම් ලබා සිටින්නේ මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙකු පමණි.

අනෙක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද ඊට සහභාගිවීමට අවස්ථාව ලබා ගැනීම ස`දහා දේශීය ක‍්‍රීඩා උළෙලේවල් දෙකකට සහ ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා උළෙලවල් දෙකකට සහභාගි විමට අවස්ථාව ලබා දී ඇත.

ලබන 31 වැනි දින විවෘත මළල ක‍්‍රීඩා උළෙලක් පැවැත්වෙයි.

ජාතික මළල ක‍්‍රීඩා ශූරතා තරග උළෙල ජූලි මස අට වැනි දින සිට 10 වැනි දක්වා ශ‍්‍රී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ජූනි මාසයේ කසකස්තාන ආරාධිත සහ තායි ආරාධිත මළල ක‍්‍රීඩා උළෙලට ද ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කරවන බව මළල ක‍්‍රීඩා සංගමය පවසයි.


පවතින දරුණු මුදල් හිඟයට මුහුණ දීමට සිම්බාබ්වේ රජයෙන් දැඩි තීරණ.

රටේ පවතින දරුණු මුදල් හිඟයට මුහුණ දීමට සිම්බාබ්වේ රජය දැඩි තීරණ ගනිමින් සිටියි.

එක් දිනක දී බැංකුවකින් ආපසු ගතහැකි වැඩිම මුදල් ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් දහස දක්වා සිමා කර ඇත.

ආනයනය කළ හැක්කේ අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන පමණක් බවට නීති පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිම්බාබ්වේ රාජ්‍යයටම පමණක් සුවිශේෂ වූ "බොන්ඞ් නෝට්ස් " නම් අමෙරිකානු ඩොලර් විෂේශයක් මුද්‍රණය කිරීමට ද තීරණය කර තිබේ.

2009 වර්ෂයේ දී දැඩි උද්ධමනයකින් රට පීඩා විද්දී සිය රටට ආවේනික මුදල් වර්ගය අත් හැර දැමූ සිම්බාබ්වේ රාජ්‍යය අමෙරිකානු ඩොලර් සහ දකුණු අප‍්‍රිකානු රෑන්ඞ් ඇතුළු විදේශ මුදල් ඒකක භාවිතය ආරම්භ කළේය.

සිම්බාබ්වේ මහ බැංකුවේ අධිපතිවරයා ස`දහන් කර ඇත්තේ නියගය සහ අපනයන ආදායම් හීන වීමෙන් මෙම මුදල් හි`ගය ඇති වූ බවයි.


යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද යළි අධිකරණයට.


සී එස් එන් ආයතනයේ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද අධිකරණය හමුවේ පෙනි සිටිමට නියමිතයි.  

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පසුගිය අපේ‍්‍රල් මස 28 වැනි දින කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැ`දවනු ලැබීය.

එහි දී මෙම නියෝගය නිකුත් කෙරිණි.

යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශයට භාර දී ඇති අතර ඔහුගේ පැරණි විදේශ ගමන් බලපත‍්‍ර ද එම කොට්ඨාශයට භාර දෙන ලෙස එහි දී නියෝග කෙරිණි.

ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට නිළධාරින් තුන්දහස් අටසිය පනස් නව දෙනෙකු බඳවා ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.


ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට නිළධාරින් තුන්දහස් අටසිය පනස් නව දෙනෙකු බ`දවා ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.  

එම නිළධාරින් ස`දහා සේවා ආරම්භක පුහුණුව ලබන 9 වැනිදා ආරම්භ වීමට නියමිතය. 

සියළු පළාත් ආවරණය වන පරිදි බ`දවා ගැනීම් සිදුකළ බව අමාත්‍යංශය ස`දහන් කරයි. 

ඔවුන්ට සති හයක සේවා පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව නිවේදනයේ දැක්වේ. 

ඒ අනුව තෝරාගත් නිළධාරින්ගේ නාම ලේඛණය අඅඅගපදැගටදඩගකන වෙබ් අඩවියේ පළකර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ස`දහන් කරයි. 

ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4431 ක් සම්පුර්ණ කිරිම ස`දහා 2015 වර්ෂයේ පැවැත්වු තර`ග විභාගයට අයදුම්කරුවෝ දහ නව දහසකට අධික පිරිසක් පෙනී සිටියහ. 


අඛණ්ඩව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි ඇමති චන්දිම වීරක්කොඩි කියයි.


මෙවර මැයි දිනයේ වැඩිම ජන සහභාගිත්වයක් තිබුණේ ගාල්ල සමනල ක‍්‍රිඩාංගණයේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි රැලියට බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 

ශ‍්‍රී ලාංකික ජනතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින බවට මේ තුළින් ගම්‍ය වන බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

1931 වසරේ සිට නොඩකවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින රට බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.  

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් පක්‍ෂයේ ප‍්‍රතිපත්ති විශ්වාස කරන බව චන්දිම වීරක්කොඩි මහතා පවසයි. 

මෙරට වැඩකරන ජනතාවට ඉතිහාසයේ සිටම සේවය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පමණක් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ස`දහන් කළේය.


පරිසර දුෂණයේ අයහපත් තත්ත්වයන්ට සමස්ත ලෝකයම මුහුණ දී ඇති බව ජනපති පෙන්වා දෙයි.


පරිසර දුෂණය හා වායු දුෂණය හේතුවෙන් ඇතිවන අයහපත් තත්ත්වයන්ට සමස්ත ලෝකයට මේ වනවිට මුහුණ දී ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.  

ලොව ප‍්‍රබල රටවල රාජ්‍ය නායකයින් එක්ව පරිසර සමුළු පවත්වමින් කඩිනම් තීන්දු තීරණ ගන්නේ එහි අයහපත් තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගනිමින් සිටින බැවින් බව ජනාධිපතිවරයා ස`දහන් කළේය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ බත්තරමුල්ලේ පැවති වායු තත්ත්ව කළමණාකරණය පිළිබ`ද හයවන ජාතික සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ශ‍්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමණාකරණය පිළිබ`ද ජාතික සම්මන්ත‍්‍රණය අද දිනයේ ද වෝටර්ස් ඒජ්හිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.  

ජනාධිපතිවරයා ලෙස තමන් පරිසර අමාත්‍යංශය භාරගනු ලැබුවේ පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් අන් අයගේ බලපෑමකින් තොරව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව මතුව තිබීම හේතුවෙන් බව ජනාධිපතිවරයා ස`දහන් කළේය.


Thursday, May 5, 2016

අවුරුදු 20න් පහල සිංගර් කුසලාන රගර් තරගාවලියේ පෙරමුණ ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වෙයි.


අවුරුදු 20න් පහල සිංගර් කුසලාන රගර් තරගාවලියේ පෙරමුණ ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වෙයි.

පළමු කොටසින් තරග වදින ශාන්ත තෝමස් විදා්‍යාලීය කණ්ඩායම සහ ඉසිපතන කණ්ඩායම තරග  05 කට සහභාගි වී එම තරග ජයගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබේ.

ගල්කිස්ස විද්‍යාලය තරග 04 ක් ජය ගනිමින් දෙවැනි කොටසේ දෙවැනි ස්ථානයට පත් ව සිටියි.

කොළඹ රාජකීය විද්‍යාලය පළමු කොටසේ දෙවැනි ස්ථානයට ද මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලය තෙවැනි ස්ථානයට ද පත්ව ඇත.

ශ‍්‍රී ලංකා පාසල් රගර් සංගමය මගින් තරගාවලිය සංවිධාන කර තිබේ.


ප‍්‍රධාන පෙලේ රත‍්‍රං ජාවාරම්කරුවෙකු බංගලාදේශයේ දී අත්අඩංගුවට.


ප‍්‍රධාන පෙලේ රත‍්‍රං ජාවාරම්කරුවෙකු බංගලාදේශයේ ඩකා අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගනියි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සැකකරුගේ සිරුර අභ්‍යන්තරයේ ස`ගවා තිබූ රත‍්‍රං ග‍්‍රෑම් 600 ක් සොයාගෙන ඇති බවයි.  

ඒවායේ වටිනාකම ඩොලර් 384 ක් බවට ගණන් බලා ඇත.

සැකකරු බංගලාදේශය ඇතුළු ආසියානු රටවල මහා පරිමාණයේ රත‍්‍රං ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය සඳහා මෙරටින් සාත්තු සේවිකාවක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.


අමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් සාත්තු සේවය ස`දහා මෙරටින් සාත්තු සේවිකාවක් බ`දවා ගැනීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පෙන්වා දෙන්නේ අමෙරිකානු රජයේ ලියාපදිංචි විදේශ ශ‍්‍රමිකයින් බ`දවා ගැනීමේ ආයතනයක් විසින් එයට අදාළ ගිවිසුම අත්සන් කළ බවයි.

එම ගිවිසුම අවුරුදු පහකට වලංගු වන අතර එම`ගින් රැුකියා අවස්ථා තිස් දහසකට අධික ප‍්‍රමාණයක් හිමි වන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය ස`දහන් කර තිබේ.

එමෙන්ම එහි පළමු කණ්ඩායම කඩිනමින් බ`දවා ගැනීමට අපේක්ෂිතය.

කාර්යංශය ම`ගින් පවත්වාගෙන යනු ලබන පුහුණු මධ්‍යස්ථානයක ඔවුන් පුහුණු කිරීමට තීරණය කර ඇති බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.


රජයේ සෑම කටයුත්තකටම පාදක වී ඇත්තේ හිටපු ජනපති බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා.


වර්තමාන රජයේ සෑම කටයුත්තකටම පාදක වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ස`දහන් කළේ රජය බලයට පත්වීමේ දී ජනතාවට ලබාදුන් සියලූ පොරොන්දු මේ වනවිට අසත්‍ය වී ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත‍්‍රීවරයා ස`දහන් කළේ ප‍්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ජේමිස් පැකර් දිවයිනට පැමිණ ඇති බවට ද තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බවයි.


පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ පිරිසට එරෙහි විනය පියවර පිළිබඳ අවසන් තීරණය අද.


පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභාව අද රැස්වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ස`දහන් කළේ පෙරවරු නවයට කමිටුව රැස්වන බවයි.

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය ගැටුමක් දක්වා වර්ධනය වීමට තුඩු දුන් පාලිත තෙවරප්පෙරුම හා ප‍්‍රසන්න රණවීර මන්තී‍්‍රවරුන්ට එරෙහිව උපරිම විනය කි‍්‍රයාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ නියෝජ්‍ය කතානායකවරයා ප‍්‍රමුඛ කමිටුව විසින් සැකසූ වාර්තාවේ නිර්දේශවල මේ බව දැක්වෙයි.

එමෙන්ම දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන හා පියල් නිශාන්ත යන මන්තී‍්‍රවරුන් මූලාසනයට අවනත නොවී අශෝබන අන්දමින් කටයුතු කිරීම ද අනුචිත කි‍්‍රයාවක් බවට වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර අද රැුස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභාවේ දී තීරණය කරනු ඇත.


මිල වැඩි කිරීමේ ගැසට් පත‍්‍රයේ ඇතුළත් වූ භාණ්ඩ 37 ක් වැට් බද්දෙන් නිදහස්.


ගැසට් පත‍්‍රයේ ඇතුළත් වූ භාණ්ඩ 37 ක් වැට් බද්දට යටත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ස`දහන් කළේ බදු ඉහළ යාම සිදුවන්නේ විශේෂ බද්දට යටත් වූ භාණ්ඩවලට පමණක් බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් ස`දහන් කළේ පාරිභෝගිකයින්ට ගැටළුවක් නොවන අයුරින් බදු සංශෝධනය සිදු කර ඇති බවයි.


ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ජගත් සංවිධානය අවධානයෙන්.


ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ`ද අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

දිවයිනේ සංචාරයක නිරත එහි අධිකරණ විනිශ්චය සහ නීති වෘත්තිය පිළිබ`ද විශේෂ කරුණු වාර්තා කරන කණ්ඩායම මේ බව ප‍්‍රකාශ කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම`ග පැවති හමුවක දී ඔවුන් ඒ පිළිබ`ද ස`දහන් කර ඇත.

19 වැනි ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිසන් සභාවල ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු වාර්තා කිරීම ස`දහා එම පිරිස දිවයිනට පැමිණියහ.


Wednesday, May 4, 2016

ඔලිම්පික් ගිනි සිළුව බ‍්‍රසීලයට ළඟා වෙයි.


ඔලිම්පික් ගිනි සිළුව බ‍්‍රසීලයට ළඟා වෙයි.

අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ජිනීවාහි ස්විස් නගරයේ සිට විශේෂ ගුවන් යානයකන් ඊයේ බ‍්‍රසීලයට රැගෙන එන ලදී.

බ‍්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් මහත්මිය විසින් ගිනි සිළුව පිළිගැනීමෙන් අනතුරුව බ‍්‍රසීල කාන්තා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ෆැබියානා ක්ලෝඩිනෝ වෙත එය භාර දෙනු ලැබීය.

බ‍්‍රසීලය පුරා ගිනි සිළුව රැගෙන කී‍්‍රඩක ඛ‍්‍රඩිකාවන් 12 දහසක් පමණ ධාවනයේ යෙදෙනු ඇත.
දින 95 ක් පුරා ගිනි සිළුව රැගත් ධාවකයෝ බ‍්‍රසීලයේ නගර හා ගම්මාන 300 කට වැඩි සංඛ්‍යාවක් පසු  කරමින් ධාවනයේ යෙදෙති.

අගෝස්තු 05 වැනි දින එය රියෝඩි ජැනරෝයි නුවර මැරකානා කී‍්‍රඩාංගණයට ළඟා වීමට නියමිතය.

ගිනි සිළුව රැගෙන යන ධාවකයින් අතර සිරියානු යුද්ධයෙන් අනාථව මේ වනවිට බ‍්‍රසීලයේ වෙසෙන කී‍්‍රඩකයෙකු ද වෙයි. 


ඉතාලියේ විදී මුර සංචාරය සඳහා චීන පොලිස් භට කණ්ඩායමක් යෙදවීමට දෙරට අතර එකඟතාවක්.


ඉතාලියේ සුප‍්‍රකට රෝම සහ මිලාන් නගරවල විදී මුර සංචාරය සඳහා චීන පොලිස් භට කණ්ඩායමක් යෙදවීමට දෙරට අතර එකඟතාවක් ඇති වෙයි.

ඉතාලි භාෂාව කථා කළ හැකි එම චීන පොලිස් භට කණ්ඩායම ඊයේ සිට ලබන 13 වැනිදා දක්වා පරික්‍ෂණ මෙහෙයුමක් ලෙස මුර සංචාර ආරම්භ කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වසරකදී චීන ජාතිකයින් තිස් ලක්‍ෂයක් පමණ ඉතාලියේ සංචාරය කරනු ඇත.

මේ හේතුවෙන් චීන සංචාරකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙම චීන පොලිස් භට කණ්ඩායමක් යොදවන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇන්ජලීනෝ අල්ෆානෝ ප‍්‍රකාශ කර තිබේ.


ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සී ඩබ්ලිව් සී ධර්මරත්න මහතා අද යළි අධිකරණයට.


ඇඹිලිපිටිය සුමිත් ප‍්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සී ඩබ්ලිව් සී ධර්මරත්න මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.

ඔහු පසුගිය මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා නියෝග කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ජනවාරි මස 27 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මනීලාල් වෛද්‍යරත්න මහතා ඉදිරියේ කැ`දවනු ලැබීය.

එම අවස්ථාවේ දී රෝහිත අබේගුණවර්ධන මහතාට අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නොතීසි නිකුත් කළේය. 

සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩුව ගොනු කර ඇත.

2004 වසරේ සිට 2006 දක්වා වූ දෙවසරක කාලය තුළ එම දේපල උපයා ඇති බවට මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.


පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි.


පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.

නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රැස් වූ පාර්ලිමේන්තුව අද දිනය දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය. 

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දුන්නේය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු සභා ගර්භය මධ්‍යයට පිවිස විරෝධතාවයේ නිරත වූහ.
එම අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් හා ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

මේ හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි සන්දීප් සමරසිංහ මහතා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.  

කෙසේ වෙතත් ඊයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් අද පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය.

මේ අතර පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනිව මන්ත‍්‍රිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයා අප‍්‍රසාදය පළ කර සිටියි.

කරූ ජයසූරිය මහතා ස`දහන් කළේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ද පවත්වන බවයි.


මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ඇති ප‍්‍රගතිය බංගලාදේශයේ පැසසුමට.


ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ලබා ඇති ප‍්‍රගතිය බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍ය මොහොමඞ් නසීම් මහතාගේ පැසසුමට ලක් වෙයි.

නිල සංචාරයක් ස`දහා දිවයිනට පැමිණ සිටින බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ පැවැත්විණි.

එම අවස්ථාවේ දී මොහොමඞ් නසීම් මහතා මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ප‍්‍රශංසාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් බංගලාදේශ රජයෙන් ලබා දිය හැකි සහයෝගය පිළිබ`දව මෙහිදී සාකච්ඡුා කර ඇත.

ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය සේවාව පිළීබ`ද අධ්‍යයනයක් සිදු කිරීමට බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු කණ්ඩායමක් දිවයිනට පැමිණ සිටියි.


අතුරුදන් වූ පබහින්න නියඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ මෙතෙක් සොයාගෙන නැත.


පබහින්න නියඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ මෙතෙක් සොයාගෙන නැතැයි බලංගොඩ අප වාර්තාකරු පවසයි.

ඊයේ පස්වරුවේ සිදු වූ නායයාමකින් බලංගොඩ - පබහින්න නියඳගල ආරණ්‍ය සේනාසනය සම්පූර්ණයෙන් යට විය.    

ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ එම අවස්ථාවේ එහි වැඩ සිට ඇත.

නායගොස් ඇත්තේ බලංගොඩ පබහින්න පුවක්ගහවෙල හගලේ කන්දයි.

බලංගොඩ පොලිසිය, සමනලවැව පොලිසිය, දියතලාව හමුදා ක`දවුරේ නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටින බව අප වාර්තාකරු ස`දහන් කළේය. 

ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලද පවුල් 60 ක පිරිස් මේ වනවිට පුවක්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නවාතැන් ගෙන සිටිති.

ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප‍්‍රාදේශිය ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.


Tuesday, May 3, 2016

41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.


41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි. 

තරගාවලිය සැප්තැම්පර් මුල් සතියේ පැවැත්වීමට නියමිතය. 

ක‍්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර තරග ඉදිරි දෙමස තුළ පැවැත්වෙයි.

අදියර 04 කින් යුත්තව මෙම ජාතික මහා ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.

පළමු අදියර වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල පිහිටි ක‍්‍රීඩා සමාජ අතර තරග පසුගිය අපේ‍්‍රල් 30 වැනි දිනෙන් අවසන් විය.

දෙවැනි අදියර තරග ජූනි මස 30 වැනි දින දක්වා දිස්ත‍්‍රික් තුල පැවැත්වෙයි.

මෙවර ජාතික මහා ක‍්‍රීඩා උළෙල යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

චීන සබිමැරීන සම්බන්ධයෙන් ඉන්දියාව හා අමෙරිකාව අතර තීරනාත්මක සාකච්ඡා.


ඉන්දිය සාගරයේ චීන නාවික ක‍්‍රියාකාරකම් ඉහල යෑම සම්බන්ධයෙන් අමෙරිකාව හා සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගනියි.

ඉනි්දියානු මුහුදු සීමාව තුළ චීන සබ්මැරීන ගමන් කීරීම මෙයට හේතු වී තිබේ.

දකුණු දිග චීන මුහුදේ සිය බලය පතුරවමින් එය ඉන්දියාව තෙක් ව්‍යෘප්ත කීරිම සම්බන්දයෙන් චිනය කටයුතු කරමින් සිටින බව දේශපාලන විශ්ලේෂකයින් ස`දහන් කරති.

අමෙරිකාව හා චීනය අතර පැවැත්වෙන සාකච්ඡා වලදි සබ්මැරීන නාශක යුධ උපක‍්‍රම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති අතර එම තාක්ෂණය අමෙරිකාව මෙතෙක් හුවමාරු කර ගත්තේ සිය සමීපතම රටවල් සමග පමනක් බව ද ස`දහන්ය.

මේ අතර චීන සබ්මැරීන ඉන්දිය මලක්කා සමුද්‍ර සංධිය ආසන්නයේ පිහිටි ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දිවයින් ආසන්නයේ දක්නට ලැබෙන බවද ඉන්දීය බලධාරීන් ස`දහන් කර තිබේ.


පක්‍ෂ ලේකම්වරුන්ට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව ඇමති ෆයිසර් මුස්තාපා කියයි.


නිදහස් සන්ධාන මහ ලේකම් ඇතුළු පක්‍ෂ ලේකම්වරුන්ට අවශ්‍ය පරිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය නොහැකි බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය. 

සීමා නිර්ණ කටයුතු අවසන් වනතුරු පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි. 


යෝෂිත රාජපක්ෂ ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද යළි පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශයට.


සී එස් එන් ආයතනයේ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද යළි පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශය හමුවේ පෙනී සිටිමට නියමිතයි. 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පසුගිය මැයි මස 28 වැනිදා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැ`දවනු ලැබීය.

ඒ අනුව අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගොස් සාක්ෂි සටහන් කර ගැනීම ස`දහා දින නියම කර ගන්නා ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා එහිදි නියෝග කෙරිණි. 

එම ප‍්‍රකාශ ලබා ගැනීම සති දෙකක් තුළ අවසන් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශයට භාර දී ඇති අතර ඔහුගේ පැරණි විදේශ ගමන් බලපත‍්‍රය ද එම කොට්ඨාශයට භාර දෙන ලෙස එහි දී නියෝග කෙරිණි.

සිද්ධියට අදාළ නඩුව මැයි 6 වැනි දින යළි කැ`දවීමට නියමිතය.

කෙසේ වෙතත් එදිනට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන බවට ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දී තිබේ.


රජයට එරෙහිව පෙළ ගැසුණු ජනතාවට ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රණාමය.


විරුද්ධ පක්‍ෂයේ මැයි රැලි පැවැත්වීමට එරෙහිව රජය ගෙන ගිය වැඩපිළිවෙල නොසළකා හරිමින් මෙරට දේශමාමක ජනතාව කිරුළපනට සහ නුගේගොඩට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

රජයට එරෙහිව පෙළ ගැසුණු ජනතාවට සිය ප‍්‍රණාමය පුද කරන බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

මහින්ද රාජපක්‍ෂ මහතා වටා ගොඩනැගෙන ජන පෙළහර කෙතරම් ද යන්න මෙවර මැයි රැලියේ දී දැක ගැනීමට හැකිවු බව හෙතෙම පැවසිය. 


ජනතාව පීඩාවට පත්වන අයුරින් බදු හදුන්වාදුන් ආර්ථික විදඥායින් ඉවත් කරන බවට ජනපති ලබාදුන් පොරොන්දු ඉටු කරන්නැයි හෙළ උරුමයෙන් ඉල්ලීමක්.

අහිංසක දුප්පත් ජනතාව පීඩාවට පත්වන අයුරින් බදු හ`දුන්වාදීමට ආර්ථික විදඥායින්ට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ඉල්ලිමක් කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් විසින් බදු වැඩි කිරිමට කටයුතු කරන බවට පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක දී ජනාධිපතිවරයාට දැනුම් දුන් බව නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. 

ඒ අනුව මුල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා නිළධාරින් එම තනතුරින් ඉවත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුකදී කියා සිටියේය. 

එම නිළධාරින් ඉවත් කරමින් හෝ වැට් බද්ද වාහම ඉවත් කර ජාතියට ලබාදුන් පෙරොන්දු ඉටු කරන ලෙස හෙතෙම ජනාධිපතිරයාගෙන් ඉල්ලීමක් කරයි. 


Google Plus Facebook Twitter Delicious