Wednesday, April 6, 2016

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.


නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.


පසුගිය 23 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එන්. ගනේෂරාජා මහතා නියෝග කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 


අනතුරුව අවස්ථා කිහිපයක දී ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණි. 


මේ අතර කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන සිදුවීම් හතකට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් සැකකරු ද අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 29 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය නියෝග කළාය.

Google Plus Facebook Twitter Delicious