Thursday, June 2, 2016

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුට අවස්ථාවක්.


19 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායමට පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගි කරවීමට අවස්ථාව ලැබී ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.

ජූලි මස 03 වැනි දිනය දක්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් නම් කළ හැකි බව ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය සඳහන් කළේය.

ඒ අනූව ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි කිහිපයක දී උපරිම දක්ෂතා දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුට මෙම අවස්ථාව හිමි වන බව ජාතික ජල ක‍්‍රීඩා සංගමය පවසයි.

බ‍්‍රසීලයේ රියෝ ජනයිරෝ නගරයේ දී 19 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.


අනතුරට පත් ඊජිප්තු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් සංඥාවක් ග‍්‍රහණය වෙයි.


අනතුරට පත් ඊජිප්තු ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වූවා යැයි සැක කරන සංඥාවක් ග‍්‍රහණය වූ බව ප‍්‍රංශ විශේෂඥයින් පවසයි.

මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම් කටයුතු සිදු කරන විශේෂඥයින්ට සංඥාව ග‍්‍රහණය වී තිබේ.

එය ගුවන් යානයක කළු පෙට්ටියෙන් නිකුත්වූවක් බවට ඔවුහු තහවුරු කරති.

සංඥාවට ප‍්‍රමුඛතාව ලබා දී ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව ඔවුන් ස`දහන් කර ඇත.

මීට පෙර ද අතුරුදන් වූ යානයේ බවට සැලකෙන කොටස් කිහිපයක් මධ්‍යධරණී මුහුදු ප‍්‍රදේශයෙන් සොයා ගැනිණ.


ඡන්ද හිමි ආකෘති පත‍්‍රය කඩිනමින් භාර දෙන්නැයි මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක්.


නිවෙස්වලට ලබා දී ඇති ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ආකෘති පත‍්‍රය කඩිනමින් සම්පූර්ණ කර භාර දෙන්නැයි මැතිවරණ කොමිසන් සභාව ඉල්ලීමක් කරයි.

සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ස`දහන් කළේ කිසිදු ඡන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක‍්‍රියාවලියක් ස`දහා එය අත්‍යවශ්‍ය බවයි.

ඊයේ දිනට යෙදී තිබුණු "ඡන්ද හිමියන්ගේ දින" ප‍්‍රධාන සැමරුම් වැඩසටහනට නාවලපිටියේ දී එක්වෙමින් ඔහු මේ බව ස`දහන් කළේය.


සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වැනිදායින් අවසන්.


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වැනි දිනෙන් අවසන් වෙයි.

අයදුම්පත් භාර ගැනීම පසුගිය 30 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

එහෙත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල සිසුන්ට අයදුම්පත් යොමු කිරීමේ ගැටළු මතු විය.

ඒ හේතුවෙන් අයදුම්පත් යොමු කිරීමේ කාලය 10 වැනි දින දක්වා තීරණය කිරීමට විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේය.

පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ද පෞද්ගලික අයදුම්කරුවන් පුවත්පත්වල පළ කළ ආදර්ශ අයදුම්පත‍්‍රය අනුව ද අයදුම්පත් යොමු කළ යුතුය.


වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් නොවීමට ප‍්‍රධාන හේතුව ජ වි පෙ හෙළි කරයි.


වංචා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහි පරීක්ෂණ කඩිනම් නොවීමට ප‍්‍රධාන හේතුව දේශපාලනය බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා ස`දහන් කළේ වංචනිකයින්ට ද`ඩුවම් ලබා දීම ස`දහා රජය පෙළඹවීමට සියලූ දෙනාට වගකීමක් පවතින බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විවිධ වංචනික පුද්ගලයින් ආරක්ෂා කිරීම රජය මේ වනවිට ප‍්‍රසිද්ධියේ සිදු කරමින් පවතින බව ද අනුර කුමාර දිසානායක මහතා ස`දහන් කළේය.

යුද ගැටුම් හා දේශපාලනික බලපෑම් හේතුවෙන් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ දී පනවා තිබූ රෙගුලාසි ඉවතට.


යුද ගැටුම් හා දේශපාලනික බලපෑම් හේතුවෙන් විදෙස්ගතව සිටින ශ‍්‍රී ලාංකිකයින්ට ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ දී කලක සිට පනවා තිබූ රෙගුලාසි ඉවත් කරයි.

ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි තීරණය ගත් බව විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ‍්‍රී ලංකාව හැර ගිය පුද්ගලයින්ට ගමන් බලපත‍්‍ර නිකුත් කිරීමේ දී පිළිපැදිය යුතු රෙගුලාසි මාලාවක් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් විදෙස් රටවල පිහිටි තානාපති කාර්යාලවලට 2011 වසරේ දී යොමු කර තිබිණි.

ඒ අනුව ලාංකිකයින් සරණාගතභාවය හෝ රැුකවරණය ඉල්ලා සිටි රටවලින් ඔවුන්ට සරණාගතභාවය හෝ රැුකවරණය ලැබී ඇත්න, එවැනි පුද්ගලයින්ට ගමන් බලපත‍්‍ර නිකුත් නොකරන ලෙස දැනුම් දී තිබිණ.

එම තත්වය යටතේ අදාළ ශ‍්‍රී ලාංකිකයින්ට යළි දිවයිනට පැමිණීමේ දී ගැටලූකාරී තත්වයටක මුහුණ පෑමට සිදුව ඇත.

ඒ අනුව එම සීමාවන් ඉවත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ස`දහන් කර තිබේ.


Wednesday, June 1, 2016

ජාතික මහා ක‍්‍රිඩා උළෙලේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අතර තරග අද ආරම්භ වෙයි.


ජාතික මහා ක‍්‍රිඩා උළෙලේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශ අතර තරග අද ආරම්භ වෙයි. 

මේ අනුව ක‍්‍රිඩා තරග මෙම මස 30 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ක‍්‍රිඩා අමාත්‍යංශය ස`දහන් කළේය. 

ජාතික මහා ක‍්‍රිඩා උළෙලේ තුන්වන අදියර ලෙස මෙම ක‍්‍රිඩා තරග පැවැත්වෙයි. 

ජාතික මට්ටමේ තරග ලබන ජුලිි මස 2 වැනිදා ආරම්භවීමට නියමිතය. 

ක‍්‍රිඩා 22 ක් දිස්ත‍්‍රික් තරගවලට ඇතුළත් බව අමාත්‍යංශය ස`දහන් කළේය.


ප‍්‍රංශ පාපන්දු තරගාවලියේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක්.


"යුරෝ 2016" ප‍්‍රංශ පාපන්දු තරගාවලියේ ආරක්ෂාව පිළිබ`ද අමෙරිකා එක්සත් ජනපදය අනතුරු අඟවයි.

තරගාවලියට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බව අමෙරිකාව ස`දහන් කර තිබේ.

කෙසේ වෙතත් ප‍්‍රංශය ස`දහන් කර ඇත්තේ තරගාවලියේ ආරක්ෂාව පිළිබ`ද දැඩි අවධානය යොමු කර ඇති බවයි.

තරගාවලිය නැරඹීම ස`දහා විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ද බී බී සී ලෝක සේවය ස`දහන් කළේය.

ලබන 10 වැනිදා සිට මාසයක කාලයක් තරගාවලිය පැවැත්වීමට නියමිතය.

ප‍්‍රංශයේ පැරිස් අගනුවර ඉලක්ක කර ගනිමින් පසුගිය වසරේ ද ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයෙන් පුද්ගලයෝ 130 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


රටේ අධ්‍යාපනය ගොඩනැගීමට සියලූ දෙනා පෙරමුණ ගත යුතු කාලය උදා වී ඇතැයි විෂයභාර අමාත්‍යවරයා කියයි.


ජාතික ආණ්ඩුවක් ලෙස රටේ අධ්‍යාපනය ගොඩනැගීමට සියලූ දෙනා පෙරමුණ ගත යුතු කාලය උදා වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වල ප‍්‍රමුඛතාව ලබා දිය යුතු අවශ්‍යතා හ`දුනා ගැනීමට අමාත්‍යංශය කටයුතු කර ඇති බවයි. 

පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහයෝගය ලබා ගනිමින් එම අවශ්‍යතා සපුරාලීමට කි‍්‍රයා කරන බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් සම`ග ඊයේ පස්වරුවේ අපේගම පරිශ‍්‍රයේ පැවති සාකච්ඡුාවකට එක්වෙමිනි.


‘‘කිසිදු ඡන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක‍්‍රියාවලිය ’’ තේමා කර ගත් ඡන්ද හිමියන්ගේ දිනය අදයි.

ඡන්ද හිමියන්ගේ දිනය අදයි.  

‘‘කිසිදු ඡන්ද හිමියෙකු අත්නොහැරෙන මැතිවරණ ක‍්‍රියාවලිය ’’ යන්න මෙවර එහි තේමාව වී තිබේ.

එහි ප‍්‍රධාන සැමරුම් වැඩසටහන නාවලපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පා ගමනක්, අත් පත‍්‍රිකා බෙදා දීමක් හා වීදි නාට්‍ය සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාවලපිටිය හින්දු සංස්කෘතික ශාලාවේ දී රැස්වීමක් ද පැවැත්වෙයි.

පෙරවරු 10.30 ට එය ආරම්භ කරන බව මහනුවර දිස්ති‍්‍රක් මැතිවරණ කොමසාරිස් එස්. ඞී. එස් රූපසිංහ මහතා ස`දහන් කළේය.


ශ‍්‍රී ලංකාවට යළි ජී එස් පී ප්ලස් සහනය හිමිවන බවට ඇමති මහින්ද අමරවීරගෙන් ප‍්‍රකාශයක්.


ශ‍්‍රී ලංකාවට යළි ජී එස් පී ප්ලස් සහනය හිමිවීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල එය මෙරටට හිමිවනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා ස`දහන් කළේ ජාත්‍යන්තරයෙන් මෙරටට එල්ලවෙමින් තිබූ සියලූ බාධා ඉවත් කිරීමට වත්මන් රජය සමත්වූ බවයි.


හීලෑ අලි ඇතුන් පිළිබඳ පවතින අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ අවධානය.


හීලෑ අලි ඇතුන් පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ පෙරහැර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි.

මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

චිරාගතව පැවත එන පෙරහැර සංස්කෘතිය ස`දහා ප‍්‍රමුඛත්වයක් ලබා දී කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙල ඔස්සේ හීලෑ අලි ඇතුන් සම්බන්ධ ගැටළුවට විස`දුම් සෙවීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


Tuesday, May 31, 2016

ලොව ඉහළම ස්ථානයේ සිට ශ‍්‍රී ලංකා ධජය ලෝකයා හමුවේ ලෙළ දීමට ලැබීම සිය ජීවිතයේ ලද භාග්‍යයක් බව ජාත්‍යන්තර කඳු නැගීමේ ශූරී ජයන්ති කුරුඋතුම්පලා සඳහන් කරයි.


ලොව ඉහළම ස්ථානයේ සිට ශ‍්‍රී ලංකා ධජය ලෝකයා හමුවේ ලෙළ දීමට ලැබීම සිය ජීවිතයේ ලද භාග්‍යයක් බව ජාත්‍යන්තර ක`දු නැගීමේ ශූරී ජයන්ති කුරුඋතුම්පලා ස`දහන් කරයි.

එවරට්ස් කන්ද තරණය කිරීමේ පළමු ශ‍්‍රී ලංකිකයින් දෙදෙනා ලෙස ජයන්ති කුරුඋතුම්පලා සහ යොහාන් පීරිස් ජය ග‍්‍රහණය හිමි කරගත්හ.

ඔවුන් ඊයේ පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවටකට ද සහභාගි විය.

ජයන්ති කුරුඋතුම්පලා අඩි විසි නවදහස් විසි නමක් උස එවරට් කන්දු මුදුණට ළ`ගා වීමට සමත් වූවාය.

යොහාන් පීරිස්ට ශාරීරික ආබාධයකට ලක්වීම හේතුවෙන් තරණය කිරීමට හැකිවූයේ අඩි විසි හත් දහස් පන්සිය අනු නවයක් පමණි.


චැඞ් රාජ්‍යයේ හිටපු නායකයාට ජීවිතාන්තය දක්වා සිර ඳඩුවම්.


චැඩි රාජ්‍යයේ හිටපු නායක හිසෙයින් හබ්රේ ජීවිතාන්තය දක්වා සිරද`ඩුවමට ලක් කරයි.

මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ රැසක් සිදුකලේ යැයි පවසමින් සෙනගාලයේ අධිකරණයක් විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

1982 වසරේ සිය 1990 දක්වා සිය පාලන කාලය තුළ ස්ත‍්‍රි දුෂණ, ලිංගික වහල් සේවය සහ ඝාතන සිදුකිරීමට නියෝග ලබා දීම යන චෝදනාවලට අධිකරණය විසින් හිසෙයින් හබ්රේ වරදකරු කර තිබේ.

කෙසේ වෙතත් පුද්ගලයින් හතලිස් දහසකගේ ඝාතනවලට නියෝග ලබාදුන් බවට එල්ලවන චෝදනා චැඞ් රාජ්‍යයේ හිටපු නායක හිසෙයින් හබ්රේ පුතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබේ.


දුම්වැටි භාවිතය අවම කළ හැක්කේ මිල වැඩි කිරිමෙන් පමණක් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි.


දුම්කොළ භාවිතය වැඩි වශයෙන් සිදුවනුයේ දුම්වැටි මගින් බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ විධායක අධ්‍යක්‍ෂ පුබුදු සුමනසේකර මහතා පවසයි. 

දුම්වැටි භාවිතය හේතුවෙන් වසරකට ශ‍්‍රී ලංකාවේ සියයට හතක පමණ ප‍්‍රමාණයක් මියයන බව හෙතෙම සඳහන් කළේය. 

පුබුදු සුමනසේකර මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

එබැවින් දුම්වැටි භාවිතය අවම කිරිම ප‍්‍රතිපත්තිමය වශයෙන් සිදුකළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි. 

දුම්වැටි භාවිතය වැළැක්වීම සඳහා සිදුකළ හැකි එකම ක‍්‍රියාමාර්ගය එහි මිල ගණන් ඉහළ නැංවීම බව පුබුදු සුමනසේකර මහතා සඳහන් කළේය. 

දුම්වැටි මිල පාලනය කිරිම සඳහා රජයට අයිතියක් නොමැති බවත් සිදුකළ හැක්කේ දුම්වැටි බද්ද වැඩිකිරිම පමණක් බවත් ඒ මහතා කියා සිටි. 


නව රජයට කිසිදු සැලැස්මක් නොමැති බවට ජ වි පෙන් චෝදනා.


බදු පැනවීමට හේතුව කුමක්ද යන්න රජය ජනතාවට මෙතෙක් කිසිදු පැහැදිලි කිරිමක් සිදු නොකළ බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. 

බදු පැනවීමට තරම් ආර්ථිකයේ සිදුවු කඩා වැටීම කුමක් ද යන්න අග‍්‍රාමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යවරයා මෙතෙක් අනාවරණය කර නොමැති බව එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවසිය. 

නව රජයට කිසිදු සැලැස්මක් නොමැති බවට හෙතෙම චෝදනා කර සිටි. 

ඒ හේතුවෙන් රට ආරජික තත්ත්වයට පත්ව ඇති බව ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි. 

හෙතෙම මේ බව කියා සිටියේ රජයට එරෙහිව පෙළ ගැසීම ස`දහා ජනතාව දැනුවත් කිරිම වෙනුවෙන් කොළඹදී ඊයේ අත්පත‍්‍රිකා බෙදීමේ අවස්ථාවකට එක්වෙමිනි. 

රජයට එරෙහිව දැවැන්ත අරගලයක අවශ්‍යතාව මේ වනවිට පැන නැගී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 


වාහන මිල ඉහළ නැංවීමට හේතුව ඇමති ජෝන් අමරතුංග කියයි.


රට තුළ පවතින රථ වාහන සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් වාහන මිල ඉහළ නැංවීමට සිදුවු බව සංචාරක සංවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ ගලේවෙල වහකෝට්ටේ ප‍්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

එමෙන්ම වාහනවල නව මිල ගණන් ගැසට් පත‍්‍රය නිකුත් වන තෙක් ප‍්‍රකාශ කළ නොහැකි බව ද ජෝන් අමරතුංග මහතා එහිදී වැඩිදුරටත් ස`දහන් කළේය. 

වාහනවල මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් තවදුරටත් අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කර සිටියේය. 

ත‍්‍රිරෝද රථ සංඛ්‍යාව වැඩිවීම සහ ත‍්‍රිරෝද රථ සංගම්වල ඉල්ලීම මත මිල ඉහළ නැංවීමට සිදුවු බව මාධ්‍යවේදීන් සිදුකළ ප‍්‍රශ්න කිරිම්වලට පිළිතුරු දෙමින් හෙතෙම පැවසිය. 

පරිසරය සතියේ සෑම පාසලකම සහ රාජ්‍ය ආයතනයකම පැළයක් සිටුවිය යුතු බව ජනපති පවසයි.


පරිසරය සතිය තුළ රටේ සෑම පාසලකම සහ රාජ්‍ය ආයතනයකම එක් පැළයක් හෝ සිටුවීමට පියවර ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

එමෙන්ම පරිසර සතිය තුල රාජ්‍ය පෞද්ගලික සහ පාසල් දරුවන් පරිසර සංරක්‍ෂණ වැඩසටහන් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා ස`දහන් කළේය. 

ලබන මස 5 වැනිදින දක්වා පරිසර සතිය ක‍්‍රියාත්මකය. 

ඇළ දොළ ගං`ගා මහපොළව ඇතුළු ස්වභාවික සම්පත් ආරක්‍ෂා කර ගැනීම ස`දහා සිය වගකීම් සහ යුතුකම් ඉටුකිරිමට අධිෂ්ඨාන කරගත යුතු බව හෙතෙම පැවසිය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ පරිසර සතිය ප‍්‍රකාශයට පත් කිරිම ස`දහා ඊයේ පොළොන්නරුව සේවා මුක්ත ක`දවුර මහා විද්‍යාලයේ දී පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.


Monday, May 30, 2016

2016 ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වෙයි.


ඊයේ රාත‍්‍රියේ පැවති අවසන් මහා තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල පරදා ලකුණු අටක ජයක් ලැබීමට ඔවුන්ට හැකි විය.

කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දුන්නේය.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 208 ක් ලබා ගැනීමට සමත් විය.

නායක ඬේවිඞ් වෝනර් ලකුණු 69 යි.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ හතක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 200 ක් පමණි.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඉණිම වෙනුවෙන් ක‍්‍රිස් ගේල් ලකුණු 76 ක් හා නායක විරාට් කෝලි ලකුණු 54 ක් ලබා ගත්තේය.

ඉන්දියාවේ බැංගලෝර්හි දී තරගය පැවැත්විණි.


යුක්රේනයේ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට.


යුක්රේනයේ කියෙව් අගනගරයට නුදුරින් වූ ගම්මානයක පිහිටි වැඩිහිටි නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයෝ 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

වැඩිහිටියන් 35 දෙනෙකු පමණ ජීවත් වන දෙමහල් වැඩිහිටි නිවාසයක ගින්න හටනෙ ඇත.

හදිසි ආපදා සේවා කණ්ඩායම් විසින් 18 දෙනෙකු බේරාගෙන ඇති අතර ඉන් පස් දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කරයි.

අනතුර ඉතා සංවේදී සිදුවීමක් බව යුක්රේන අගමැති ව්ලැදීමීර් ග්රෝයිස්මාන් පවසා තිබේ.


මාධ්‍ය හමුවේ බොරු සංදර්ශන පැවැත්වීම වත්මන් රජයේ ක‍්‍රමය නොවෙයි - ඇමති අර්ජුන රණතුංග පවසයි.


මාධ්‍ය හමුවේ බොරු සංදර්ශන පැවැත්වීම වත්මන් රජයේ ක‍්‍රමය නොවන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

රට සංවර්ධනය කිරීමේ කටයුතු විධිමත් පරිදි සිදු කෙරෙමින් පවතින බව ඔහු ස`දහන් කළේය.

අර්ජුන රණතුංග මහතා මේ බව කියා සිටියේ වත්තල වැලිකඩමුල්ල වාළුකාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් ස`දහන් කළේ වැට් බදු සංශෝධනයෙන් ජනතාවට වැඩි බලපෑමක් සිදු නොවන බවයි.


වත්මන් සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී.


වත්මන් සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සංවිධාන කරයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල දී අද පස්වරු 4 ට එය ආරම්භ කිරිමට නියමිතය.

රට දියුණු විය යුත්තේ සොබාදහම මානවයා හා අන් සියල්ල වනසා නොවන බව ජාතික සම්බන්ධීකාරක පූජ්‍ය වෑකදවල රාහුල ස්වාමීන් වහන්සේ ස`දහන් කළහ.

පැවති රජය සේම වත්මන් රජය ද මේ වනවිට ක‍්‍රියාත්මක කරමින් පවතින්නේ අවිධිමත් සංවර්ධනයක් බව උන්වහන්සේ පෙන්වා දෙති.


කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බාහිර රෝගී අංශ රාත‍්‍රී 8 දක්වා විවෘතව තැබීමේ තීරණයක්.

පවතින ආපාදා තත්ත්වය හමුවේ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල සියලූ සෞඛ්‍ය ආයතනවල බාහිර රෝගී අංශ රාත‍්‍රී 8 දක්වා විවෘතව තැබීමට තීරණය කරයි.

එය අද සිට ක‍්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යංශය ස`දහන් කළේය.

මී උණ වැළැක්වීමේ ප‍්‍රතිකාර, ළිං ක්ලෝරිනිකරණය සහ නිවෙස් පිරිසිදු කිරීමේ සියලූ රසායන ද්‍රව්‍ය ද මෙම මධ්‍යස්ථානය හරහා ලබා දීමට සැලසුම් කර ඇත.

ආපදා කළමනාකරණ ඒකකයේ ඊයේ පැවති සම්බන්ධීකර රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් මේ පිළිබ`ද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


ජාතික පරිසර සතිය ප‍්‍රකාශයට පත් කරයි.


අද සිට ලබන මස 05 වැනි දින දක්වා එය ක‍්‍රියාත්මකය.

ජාතික පරිසර සතිය ප‍්‍රකාශයට පත් කිරීමේ උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරවරුවේ පොළොන්නරුව සේවා මුක්ත ක`දවුර මහා විද්‍යාලයේ දී පැවැත්වෙයි.

පරිසර දින ජාතික සැමරුම් උත්සවය ජූනි මස 05 වැනි දින පෙරවරු 9 ට මාතලේ එඞ්වඞ් ක‍්‍රීඩාංගණයේ දී ආරම්භ කිරීමට නියමිතය.

මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වනුයේ ”වනජීවි සම්පත් නීති විරෝධී ලෙස අලෙවි කිරීමට එරෙහි වෙමු ” යන්නයි.

පරිසර සතියට සමගාමීව මාතලේ දිස්ත‍්‍රික්කය සහ දිවයින පුරා පරිසර සංවර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මකය.

දුෂ්කර පාසල් සංවර්ධනය, රුක් රෝපණ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම, කසළ කළමනාකරණ සහ ප‍්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය යනාදී වැඩසටහන් රැසක් එහි දී ක‍්‍රියාත්මක කරයි.


Google Plus Facebook Twitter Delicious