Friday, April 8, 2016

රාජ්‍ය සේවකයන්ට එකවර රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීම රාජ්‍ය අයවැයට දැරිය නොහැකි බව එස් බී දිසානායක මහතා පවසයි.


රාජ්‍ය සේවකයන්ට එකවර රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ලබා දීම රාජ්‍ය අයවැයට දැරිය නොහැකි බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. 

රටේ තත්ත්වය යහපත් නොමැති බව ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයින් මෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය ලබාදුන් බොහෝ පිරිසක් අසතුටෙන් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ මහනුවර අරුප්පල දී ඊයේ පැවති ජන හමුවකදීයි.
පැවති රජය විසින් ගත් ණය අයවැයට එක්කර නොතිබුණ ද 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුල රටේ අඛණ්ඩ ආර්ථික වර්ධනයක් පැවති බව හෙතෙම කියා සිටි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයෙන් පවා මූල්‍ය කටයුතු පිළිබඳ රාජපක්‍ෂ යුගයට එතරම් චෝදනා නොමැති බව සඳහන් කළ අමාත්‍යවරයා දැරිය නොහැකි මැතිවරණ පොරොන්දු දීම මෙම අර්බුදයට හේතුවී ඇති බව ද පැවසිය. 

මෙරට ක්‍රීඩා පරිපාලනය සඳහා ඉදිරියේදී අතුරු පාලන කමිටු පත් නොකරන බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

මෙරට ක්‍රීඩා පරිපාලනය සඳහා ඉදිරියේදී අතුරු පාලන කමිටු පත් නොකරන බව ක්‍රීරඩා අමාත්‍යංශය සඳහන් කරයි.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසීය.

ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල පාලනය සඳහා අතුරු පාලන කමිටු පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

හෙතෙම කියා සිටියේ ක්‍රීඩා සම්මේලන සහ සංගම්වල අඩුපාඩු පෙන්වා දෙමින් එම යෝජනා ඉදිරිපත් වී ඇති බවයි.

කෙසේ වෙතත් දේශපාලනඥයින්ට ක්‍රීඩා පරිපාලනයට පැමිණිය නොහැකි ලෙස ක්‍රීඩා නිලවරණ ව්‍යවස්ථාව ද කඩිනමින් සංශෝධනය කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයින් ජීවිතක්ෂයට.


අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.

තෙලන්ගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල පවතින උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයින්ගේ වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය සතියේදීය.
ඉන් පුද්ගයින් 66 දෙනෙකු තෙලන්ගානා ප්‍රාන්තයේ වන අතර 45 දෙනෙකු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

මේවන විට එම ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවා ඇතැයි සඳහන්ය.

පසුගිය සතියේ මෙම ප්‍රාන්තවල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බව ඉන්දීය කාලගුණ අංශ පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ අන්ද්‍රා සහ තෙලන්ගානා ප්‍රාන්තවලට බලපෑ උෂ්ණාධික කාලගුණයෙන් දෙදහකට වැඩි පිරිසක් ජීවිත්ක්ෂයට පත් වූ බවට විදෙස් වාර්තා සඳහන් කර තිබිනි.

ඉන් වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රාන්තයෙනි.

මැයි දිනයට සහභාගි නොවන පක්‍ෂ සාමාජිකයින්ට එරෙහිව පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුදානම්.


මෙවර මැයි දිනය දකුණු ප්‍රදේශයේ සමරන බැවින් එය ෙඓතිහාසික මැයි දිනයක් වනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙ පවසයි.

මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනාගේ සහයෝගය අපේක්‍ෂා කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. 

එමෙන්ම පක්‍ෂයේ විනය කඩ කරමින් මැයි දිනයට සහභාගි නොවන පුද්ගලයින්ට නීතිය තදින් ක්‍රියාත්මක කිරිමට පක්‍ෂයේ නායකත්වය සහ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙරට බලවත්ම දේශපාලන බලවේගය බැවින් එය බෙදා වෙන් කිරිමට කිසිවෙකුටත් අවස්ථාවක් නොමැති බවයි. 

පළාත් පාලන මැතිවරණය කල්දැමීම නීති විරෝධි බවට ජාතික නිදහස් පෙරමුණෙන් චෝදනා.


පළාත් පාලන මැතිවරණය කල්දමා වසරක් ඉක්ම ගොස් ඇති බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. 

එය සාදාචාර විරෝධි මෙන්ම නීති විරෝධි බව පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පැවසිය. 

එසේ තිබියදී ස්වාධින මැතිවරණ කොමිසම ජනතා පරමාධිපත්‍යයට නිගරු කරමින් මැතිවරණය කල්දැමීම සාධාරණිකරණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි ජාතික නිදහස් පෙරමුණ ප්‍රශ්න කරයි. 

හෙතෙම මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මැතිවරණය කල් දැමීම වෙනුවෙන් රජය විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි. 

ඔහු සඳහන් කළේ මේ සඳහා හේතුවී ඇත්තේ වෙන කිසිවක් නොව දේශපාලන ප්‍රශ්නයක් බවයි. 

චීනය සහ ශ්‍රී ලංකා රජය විශේෂ ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි.


චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා රජය අතර විශේෂ ගිවිසුම් කිහිපයකට අත්සන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන අග්‍රාමාත්‍ය ලී ක චියාන් මහතා චීන මහජන මහා ශාලාවේ දී මෙම ගිවිසුම් අත්සන් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. 

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීම,  වකුගඩු රෝග පරික්‍ෂා කිරිමේ ජංගම රථ සඳහා ගිවිසුම, චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අවබෝධතා ගිවිසුම ඇතුළු ගිවිසුම් හතකට අත්සන් කර තිබේ. 

මීට අමතරව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය සමගින් නිරූපනය වන ශ්‍රී ලංකා - චීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් චීන යුවාන් මිලියන 500 ක ප්‍රදානයක්ද ශ්‍රී ලංකාවට පිරිනැමීමට තීරණය කළ බව චීන අග්‍රාමාත්‍ය ලීක චියාන් ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. 

හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ දෙවන අදයර සඳහා චීන රජයේ පුර්ණ සහාය හිමිවන බව ඔහු ප්‍රකාශ කර තිබේ. 

මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකා සංචාරයක නිරත වන ලෙස ආරාධනා කළ අතර ඔහු ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව දැනුම් දී ඇත. 

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජංඩ ජියෑන් මහතා සමඟ ඊයේ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත විය. 

ඉදිරි වසර විස්ස තුල ලොව ආර්ථික බලවතා වීමේ හැකියාව සහ අවස්ථාව ආසියානු කලාපය සතුව ඇති බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.
ඒ අනුව චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. 

තුන් දන නිල සංචාරයකට එක්ව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂි ජිං පින් අතර නිල ද්විපාර්ශවික සාකච්ඡා අද පැවැත්වීමට නියමිතය.

ජනතවාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන බව අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන් වහන්සේ පවසති.

රට මුහුණ දෙන ගැටළුවලදී මැදිහත්ව කටයුතු කිරිමට පියවර ගන්නා බව අභිනවයෙන් තේරීපත්වු අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රි ඥානරතන ස්වාමීන් වහන්සේ පවසති. 

ශාසනයත්, රටේ ජනතාවගේත් අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරිම තම අපේක්‍ෂාව බව උන්වහන්සේ සඳහන් කළහ. 

මහනායක ධුරයට තේරී පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වරකාගොඩ ශ්‍රි ඥානරතන නාහිමි මේ බව පැවසුහ. 

හෙට ආරම්භ වන අයි පී එල් තරගාවලියට අදාළව ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ තරග නොපවත්වන ලෙස මුම්බායි මහාධිකරණය සංවිධායකයින්ට දැනුම් දෙයි.


හෙට ආරම්භ වන අයි පී එල් තරගාවලියට අදාළව ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ තරග නොපවත්වන ලෙස මුම්බායි මහාධිකරණය සංවිධායකයින්ට දැනුම් දෙයි.

මේ දිනවල මහාරාෂ්ට ප්‍රාන්තයට බලපා ඇති නියං කාලගුණය ඊට හේතු වී තිබේ.
මෙවර තරග 20 ක් මහාරාස්ට ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතව තිබිනි.

කෙසේ වෙතත් මුම්බායි මහාධිකරණය අයි පී එල් තරග සංවිධායකයින්ට දන්වා ඇත්තේ පවතින අධික නිඟය හේතුවෙන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සඳහා ජලය සැපයීමේ ගැටළුවක් මතුවන බවයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මැයි මස 29 වැනිදායින් අවසන් විමට නියමිතය.

මියන්මාරයේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර.


මියන්මාරයේ බන්ධනාගාර ගත කර සිටින සියලූ දේශපාලන සිරකරුවන් ඉදිරි සති කිහිපය තුළ නිදහස් කිරීමට කයුතු කරන බව එරට රජය පවසයි.

ඒ අනුව පන්සියයකට ආසන්න දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට චෝදනා ඔප්පු වී සිර ඳඩුවම් විඳින ක්‍රියාධරයින්ට සමාව ලබා දෙන බව සඳහන්ය.

එමෙන්ම අනෙකුත් දේශපාලන සිරකරුවන්ට එරෙහි නඩු ඉවත් කර ගැනීමට ද මියන්මාර රජය තීරණය කර තිබේ.

මියන්මාරයේ රාජ්‍ය උපදේශිකා තනතුර නිර්මාණය කිරීමෙන් පසු වැදගත්ම කාර්යය ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා අවධානය යොමු කළ බව මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන්සාන් සුචී සඳහන් කර ඇත.

සිංහල හා දෙමළ රජයේ පාසල් සහ රජය අනුමත කළ පෞද්ගලික පාසල්වල පළමුවාරය අදින් අවසන්.


සිංහල හා දෙමළ රජයේ පාසල් සහ රජය අනුමත කළ පෞද්ගලික පාසල්වල පළමුවාරය සඳහා අද නිවාඩු ලබා දෙයි. 

අප්‍රේල් මස 25 වැනිදා දෙවන පාසල් වාරය සඳහා එම පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය ලබන 11 වනදායින් අවසන් වන අතර දෙවන පාසල් වාරය අධියර දෙකක් යටතේ ක්‍රියත්මක වෙයි. 

පළමු අදියර අප්‍රේල් 18 වනදා ආරම්භ වී ජූනි මස 3 වන සිකුරාදා තෙක් පැවැත්වෙනු ඇත.

රාමසාන් උපවාසය වෙනුවෙන් ජූනි 6 වනදා සිට ජූලි මස 6 වනදා තෙක් එම පාසල්වලට නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්ය. 

දෙවන පාසල් වාරයේ දෙවන අධියර ජූලි මස 7 වන වැනිදා ආරම්භ වෙයි.

රජය සිදුකරන ජනතා විරෝධි ක්‍රියා හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.


ජාතික ආණ්ඩු සංකල්පය මුවාවෙන් නව රජය ජනතාවගේ කැමැත්තට විරුද්ධව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. 

හිතූ මනාපෙට අමාත්‍ය ධුර ලබා දෙමින් නවත්වා ජන වරමට ගරු කරන ලෙස එහි ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා රජයෙන් ඉල්ලා සිටි. 

හෙතෙම මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රජය සිදුකරන ජනතා විරෝධි ක්‍රියා හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

"ඉසුරු පුර" නිවාස ව්‍යාපෘතිය ලබන 11 වැනිදා ජනතා අයිතියට.


සැමට සෙවන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදිකරන ලද ප්‍රථම උදා ගම්මානය වන "ඉසුරු පුර" නිවාස ව්‍යාපෘතිය ලබන 11 වැනිදා ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි. 

නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම සඳහා සංවිධාන කර තිබු මාධ්‍ය හමුවකදී නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් කේ කේ අතුකෝරල මහත්මිය මේ බව සඳහන් කළාය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් උදා ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මකය.
එම වැඩපිළිවෙල යටතේ මේ වනවිට දිවයින පුරා උදා ගම්මාන 40 ක් ඉදිව ඇති බව ලේකම්වරිය සඳහන් කළාය. 

ඒ අනුව ජනතා අයිතියට පත් කිරීමට නියමිත ප්‍රථම උදා ගම්මානය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලූ යටිතල පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද නිවාස 25 කින් සමන්විත ඉසුරුපුර උදා ගම්මානයයි. 

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපුර උදා ගම්මානය විවෘත කිරිමට නියමිත බව ද ඩබ්ලිව් කේ කේ අතුකෝරල මහත්මිය සඳහන් කළාය. 

නීල හරිත යුගයක ඇරඹුම ජනාධිපති පරිසර සම්මාන සඳහා අයදුම්පත් කැඳවයි.


නීල හරිත යුගයක ඇරඹුම ජනාධිපති පරිසර සම්මාන සඳහා අයදුම්පත් කැඳවයි.
පරිසර විෂය ක්‍ෂේත්‍රයට අදාළව විශිෂ්ඨ මෙහෙවරක් සිදුකළ ආයතන සංවිධාන පුද්ගලයින් හා වෙනත් ක්‍රියාදාමයන් ඇඟයීම සඳහා සම්මාන උළෙල සංවිධාන කර තිබේ. 

රාජ්‍ය, රාජ්‍ය නොවන සංවිධාන, කර්මාන්ත, ව්‍යාපාර හා සේවා, ජනමාධ්‍ය ආයතන හා ජනමාධ්‍යකරුවන්, පාසල් හා නව නිපැයුම්කරුවන් යන විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ සම්මාන ප්‍රදානය කිරිමට නියමිතය. 

ඊට අමතරව ගෘහ නිර්මාණකරුවන් , කෘෂිකාර්මික ගොවිපල , ගීත නිර්මාණ හා ප්‍රකාශන ඇතුළත් පාරිසරික සාහිත්‍ය යන ක්‍ෂේත්‍රයන්ට අදාළව ද සම්මාන පිරිනමනු ඇත. 

අයදුම්පත් භාර ගැනීම මැයි මස 16 වැනිදින දක්වා සිදුකරයි.
අයදුම්පත් හා වැඩිදුර තොරතුරු 0112 872 278 දුරකථන අංකයෙන් හෝ www.cea.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. 

එයට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයෙන් ද තොරතුරු හා අයදුම්පත් ලබා ගත හැකිය. 

බලය කෙසේ භාවිත කළ යුතු යන්න පිළිබඳ සියළු දේශලානඥයින් අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනපති පවසයි.


ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක ජනතාව විසින් නායකත්වයට සහ පක්‍ෂයට ලබාදෙන බලය කෙසේ භාවිත කළ යුතු ද ඒ තුළ තමන්ට හිමිවන ස්ථානය කුමක්ද යන්න පිළිබඳ දේශපාලනඥයින් අවධානයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිවරයා පවසයි. 

ජනතාව ලබාදෙන බලය තම පවුල ශක්තිමත් කර ගැනීමට හෝ දේශපාලන බලය වැඩි කර ගැනීමට භාවිතා නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවති දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ඡන්ම ශත වර්ෂ සැමරුම් උළෙලට එක්වෙමිනි. 

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කිසිදිනෙක බලය අනිසි ලෙස භාවිතා නොකළ අතර වංචාවට, දුෂණයට සහ අක්‍රමිකතාවය සම්පුර්ණයෙන් පිටුදකමින් කටයුතු කළ බව හෙතෙම පැවසිය.

එතමිය තුළ ඉවසීම, කැපවීම, අවංකභාවය සහ අභියෝග හමුවේ නොසැළි ඉදිරියට යාමේ විශිෂ්ඨ ගුණාංග වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ සියලූදෙනාට මහඟු ආදර්ශයක් වන අතර එය භාවිතය අද දවසේ අත්‍යවශ්‍යව පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

බණ්ඩාරනායක මැතිණිය රටට ඉටු කළ ෙඓතිහාසිකා කාර්යභාරය එම යුගවල අවශ්‍යතාවය අනුව මෙන්ම අන්තර්ජාතික වශයෙන් මහා වැදගත්කමක් ගන්නා බව මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. 

රටේ ඇතිවු දේශාපලන ප්‍රශ්නවලදී රට සහ පක්‍ෂය වෙනුවෙන් එතුමියගේ දෑසේ කදුළු නැගුණු අවස්ථා තම දේශපාලන අත්දැකීම් අතර තිබෙන බව ද හෙතෙම කියා සිටි. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස කටයුතු කිරිමේ දී අංක එක හිමිවන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

Thursday, April 7, 2016

කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි.


කොරියානු ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙයි.


අවුරුදු 19 න් පහළ වයස් සීමාව යටතේ පස්වරුවේ මෙම තරග ක්‍රියාත්මකය.


ඒ අනූව ත්‍රීකුණාමලය සහ කින්යා පාපන්දු සංගම් ත්‍රීකුණාමලයේ දී ද බණ්ඩාරවෙල සහ සීතාවක පාපන්දු සංගම් බණ්ඩාරවෙල දී ද තරග කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් තරගාවලිය සංවිධාන කර තිබේ.

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තහනම් කරමින් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය විසින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කරයි.


ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය තහනම් කරමින් ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය විසින් පනවා තිබූ තහනම් නියෝගය ඉවත් කරයි.


2015 වර්ෂයේ මාර්තු මාසයේ පැවති ජල ක්‍රීඩා සංගම් නිලවරණය ව්‍යවස්ථා විරෝධී බවට කරුණු දක්වමින් 2015 ජූනි 17 වැනි සිට එහි ක්‍රියාකාරීත්ව තහනමකට ලක් කරන ලදී.


පසුගිය පෙබරවාරි මාසයේ පැවති සාග් ක්‍රීඩා උළෙල අරමුණු කර ඉදිරිපත් කරන ලද අභියාචනයක් අනූව 2016 වර්ෂයේ නැවත නිලවරණයකට අවසර ලබා දී තිබිනි.


ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය එම නිලවරණය පිළිබඳ සෑහීමකට පත්වෙමින් ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයට එරෙහිව පනවා තිබූ තහනම් නියෝගය මාර්තු මස 30 වැනි දින සිට ඉවත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සඳහන් කරයි.

සිරියානු හමුදාවලින් ඇලෙප්පෝ නගරයට යළි ප්‍රහාර.


සිරියානු හමුදා ඇලෙප්පෝ නගරයේ උතුරු ග්‍රාමය වෙත යළි ප්‍රහාරයක් එල්ල කරයි.


ප්‍රදේශයේ බලය තහවුරු කරගෙන සිටින ජිහාඞ් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය එල්ලකර තිබේ.


උතුරු ග්‍රාමයේ බලය තහවුරු කර ගැනිම එහි අරමුණ බව සිරියානු ආරක්ෂක අංශ නිවේදනය කළේය.


ප්‍රහාරයෙන් සටන්කාමීන්ට බරපතල හානි සිදුව ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.


සිරියාවෙහි සාමය ප්‍රතිෂ්ඨාපනය සඳහා සටන් විරාමයක් ද ක්‍රියාත්මක විය.
කෙසේ වෙතත් එය වරින්වර බිඳ වැටීමට ද ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

2016 න් 3 වැටුප් චක්‍රලේඛයට එරෙහිව විදුහල්පති හා ගුරු සංගම් ශ්‍රේෂ්ඨාධිකරණයට.

2016 න් 3 රාජ්‍ය සේවක වැටුල් චක්‍රලේඛයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට විදුහල්පති හා ගුරු සංගම් එකමුතුව තීරණය කරයි.


විදුහල්පති හා ගුරු සංගම් එකමුතුවේ නියෝජිත සමස්ත ලංකා පශ්චාත් උපාධිධාරී සංගමයේ මාධ්‍ය ලේකම් ඞී ජී සුරවීර මහතා සඳහන් කළේ අදාළ චක්‍රලේඛය තුළින් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ද්වීතික කණ්ඩායමේ පිහිටුවා ඇති බවයි.


ඒ තුළින් ගුරුවරුන් මහත් අපහසුතාවට ලක්වන අතර එය මීට පෙර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් උල්ලංඝණය කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.


ඞී ජී සුරවීර මහතා මෙම අදහස් පළ කළේ පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

උතුරුමැද උපාධිධාරීන් ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය දින නියමයකින් තොරව කල් යයි.


උතුරු මැද පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගය දින නියමයකින් තොරව කල් යයි.


එම විභාගය අනිද්දා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබිණි.


කෙසේ වෙතත් දින නියමයකින් තොරව විභාගය කල් දැමීමට පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව තීරණය කර ඇත.


ඒ සම්බන්ධයෙන් සියලූ අයදුම්කරුවන් දැනුවත් කළ බව ද කොමිසම සඳහන් කළේය.

මේ අතර අදාළ තරග විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ද පියවර ගෙන තිබේ.


ඒ අනුව උතුරුමැද පළාත් උපාධිධාරීන්ට ලබන 22 වැනි දින දක්වා ඒ සඳහා අයදුම්පත් යොමු කළ හැකි බව පළාත් රාජ්‍ය සේවා කොමිසම සඳහන් කළේය.

ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියේ 12 දෙනෙකුට චෝදනා පත්‍ර.


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකුට චෝදනා පත්‍ර ගොනුකර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.


ලේකම් ආර්යදාස කුරේ මහතා සඳහන් කළේ ඇඹිලිපිටිය පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව මෙම චෝදනා පත්‍ර ගොනු කර ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ කමිටුව විසින් එම චෝදනා පත්‍ර සකස් කර තිබේ.


ඒ පිළිබඳ ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් අද දිනයේ රැස්වන ජාතික පොලිස් කොමිසම තීරණය කරනු ඇති බව ද ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.


පසුගිය දා පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න තරුණයා ජීවිතක්ෂයට පත් විය. එම සිද්ධියට අදාළ නඩුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් විභාග වෙයි.

අගමැති ඇතුලූ දූත පිරිසට චීනයෙන් ඉහළ පිළිගැනීමක්.


තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස මහත් හරසරින් පිළි ගනියි.


අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස ඊයේ රාත‍්‍රියේ බෙයිජිං නුවර වෙත ළඟා වූහ.


චීන විදේශ අමාත්‍යංශයේ සහකාර අමාත්‍ය කොං ෂුආන් යු මහතා හා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා විසින් බෙයිජිං නුවර කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපල පර්යන්තයේ දී ඔවුන් පිළිගනු ලැබීය.


යහපාලන රජය පිහිටුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.


සංචාරයේ දී ඔහු චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ද හමු වී ඉහළ පෙලේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


එම සාකච්ඡා ශ්‍රී ලංකා - චීන සබඳතා නව මානයකට ගෙනඒමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂිතය.

ලෝක සෞඛ්‍ය දිනය අදයි.


ලෝක සෞඛ්‍ය දිනය අදයි.


ලෝක සෞඛ්‍ය දිනයේ මෙවර අවධානය යොමුව ඇත්තේ ගෝලීය වශයෙන් මහත් තර්ජනයක් වී ඇති දියවැඩියා රෝගය පාලනය කිරීම පිළිබඳවයි.


ඒ අනුව "දියවැඩියාව වළක්වමු, ප්‍රතිකාර කරමු, පරදවමු" යන්න සෙර ලෝක සෞඛ්‍ය දිනයේ තේමාව වී තිබේ.

රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.


රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට එක්සත් ජාතික පක්ෂය වගකිව යුතු බව නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.


අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ සියලූ වැදගත් අමාත්‍යංශය ඔවුන් සතුව පවතින බැවින් එම වගකීම එක්සත් ජාතික පක්ෂයට පැවරෙන බවයි.


අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ජාතික ආණ්ඩුව නියෝජනය කළ ද එක්සත් ජාතික පක්ෂය ගන්නා ඇතැම් තීන්දු තීරණ අනුමත කළ නොහැකි බවයි.


ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡුාවක් පැවැත් වූ බව ද අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය.

ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ තරග කාල සටහන ප්‍රකාශයට පත් කරයි.


ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාළ තරග කාල සටහන  ප්‍රකාශයට පත් කරයි.


ටෙස්ට් තරග 03 කට , එක්දින තරග 05 කට සහ විස්සයි විස්ස තරග 02 කට සහභාගි වීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වර්ෂ 05 කට පසුව වීම විශේෂත්වයකි.


දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජූලි 26 වැනි දින මහනුවර දී ආරම්භ වෙයි.
තරග 05 කින් යුත් එක්දින තරගාවලිය අගෝස්තු 21 වැනි දින කොළඹ දී ආරම්භ වීමට නියමිතය.


විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් මස 6 වැනි දින පල්ලේකැලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සිරියානු කැරළි නායකයින් රුසියාවෙන් ආරක්ෂාව ඉල්ලයි.


සිරියාවේ සටන් විරාමය සඳහා එක්ව සිටින සටන්කාමී කණ්ඩායම්වල නායකයින් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස රුසියානු හමුදාවෙන් ඉල්ලීමක් කරයි.


සටන් විරාමයට එකඟ වූ නායකයින් සොයා ඝාතනය කරන බවට අයි එස් ත්‍රස්තවාදීන් විසින් සිදු කර ඇති ප්‍රකාශය ඊට හේතු වී තිබේ.


අමෙරිකාව හා රුසියාව අතර එකඟතාව පළ වූ එදිරිවාදිකම් අත්හැරීමේ වැඩපිළිවෙල තුළ අයි එස් හා අල් නුස්රා කණ්ඩායම් සටන් විරාමයෙන් බැහැර කර ඇත.

මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දින සැමරුම් උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්.


ශ්‍රී ලංකාවේ අග්‍රගණය කලාකරුවෙකු වූ මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දින සැමරුම් උළෙල අද පැවැත්වෙයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පස්වරු 3 ට එය ආරම්භ කිරීමට නියමිතය.


අප්‍රේල් 7 වැනි දින රදාවානේ දී උපත ලද මහගම සේකරයන් ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෙකි.


කවියෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටි කතා කරුවෙකු, නාට්‍ය කරුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු ලෙස සුපතල මහගම සේකරයන් සිංහල නිසදැස් පද්‍ය කලාවේ ද සුවිශේෂි සලකුණකි.


එමෙන්ම ඔහු ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ද වෙයි.

සැමරුම් උළලේ දී මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රත්න ශ්‍රී විජේසිංහ හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා යන මහත්වරු විසින් සමරු දේශන පවත්වනු ලබති.


එමෙන්ම මහගම සේකර සමරු ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීමට ද නියමිතය.


අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව උළෙල සංවිධාන කර තිබේ.

හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායකවරයා වාර්තාවක් කැඳවයි.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව රජය පවසයි.


සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.


ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයට මෙන්ම රජයට ද උවමනාවක් පවතින බවයි.


විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට දැනට සිටින හමුදා සාමාජිකයින් මැයි මස 10 වැනි දින වනවිට ඉවත් කිරීමට උපදෙස් දී ඇති බවයි.


සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙන්ම අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද එහි දී අදහස් දැක්වීය.


අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප්‍රතිචාර දැක්වීය.


කෙසේ වෙතත් කථානායක කරූ ජයසූරිය මහතා එහි දී සභානායකවරයාට උපදෙස් ලබා දුන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලා තමන්ට වාර්තා කරන ලෙසයි.

ගොවීන්ගේ යහපත උදෙසා ජාතික ගොවි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවීමට ජනපතිගෙන් සැලසුම්.


පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද යෝජනාවක් අනුව නව ජාතික ගොවි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ජනාධිපතිවරයා සඳහන් කළේ වාර්ෂික අයවැය සැකසීමේ දී හා කෘෂිකර්මාන්තයට අදාළ තීන්දු තීරණ ගැනීමේ දී ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම එහි අරමුණ බවයි.


සෑම දිස්ත්‍රික්කයකම ගොවි සංවිධාන නියෝජනය වන පරිදි එම ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවීමට නියමිතය.


ජනාධිපතිවරයා සඳහන් කළේ මහා භාණ්ඩාගාරය, කෘෂිකර්ම, වාරිමාර්ග මෙන්ම මහවැලි සංවර්ධන අමාත්‍යංශවල නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සෑම මාස හයකට වරක්ම එම ව්‍යවස්ථාපිත මණ්ඩලය රැස් කරන බවයි.


එහි දී වී මිල දී ගැනීම, පොහොර සහනාධාරය මෙන්ම කෘෂි ආම්පන්න ලබා ගැනීම, වෙළඳපොල ආදී සියලූ කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිතය.


එම තීන්දු තීරණ පසුව කිසිවෙකුට වෙනස් කළ නොහැකි අතර අනිවාරයෙන් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් ලෙස නීතිගත කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.


මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාතික වාරි ගොවි සමුළුවට ඊයේ පස්වරුවේ එක්වෙමිනි.

"ගොවි මුළුවයි - ජන සුවයයි" තේමාව යටතේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය විසින් මෙම ගොවි සමුළුව සංවිධාන කර තිබිණි.

නව අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ තෝරා ගැනීම අද.


පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශවයේ මහනායක ධුරය සඳහා සුදුසු ස්වාමීන් වහන්සේ නමක් තෝරා ගැනීම අද සිදු කරයි.


ශ්‍යමෝපාලි මහා නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක බදුලූ -  මුතියංගණ රජමහා විහාරාධිපති පූජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමීන් වහන්සේ සහ පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති පුජ්‍ය වෙඞරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ඒ සඳහා සුදුසුකම් ලබා සිටිති.


ඒ අනුව උන්වහන්සේ දෙනමගෙන් එක් නමක් අස්ගිරි පාර්ශවයේ 22 වැනි මහනායක ස්වාමීන් වහන්සේ ලෙස ඡන්දයෙන් තෝරා ගැනීමට නියමිතය.


අස්ගිරි පාර්ශවයේ 21 වැනි මහනායක ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කළ පූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි ස්වාමීන් වහන්සේ පසුගිය මස අටවැනි දින අපවත් වූහ.


අනතුරුව අස්ගිරි මහනායක ධුරය පුරප්පාඩු විය.

Wednesday, April 6, 2016

පාසල් මට්ටමින් බිහිවන ක්‍රිකට් ක්‍රීඩකයින් පිළබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.


පාසල් මට්ටමින් බිහිවන ක්‍රිකට් ක්‍රීඩකයින් පිළබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතු කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.


මාධ්‍යවේදීන් සමඟ ඊයේ පස්වරුවේ කොළඹ  පැවති හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.


වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳ සිය අදහස් දක්වමින් තිලංග සමුතිපාල මහතා කියා සිටියේ අවුරුදු 19 න් පහළ වයසේ සිටම පුහුණු සංචිත ආරම්භ කළ යුතු බවයි. 


එමඟින් ක්‍රිකට් ක්‍රීඩාවේ සිව් ඉරියව් සඳහා දක්‍ෂයින් හදුනා ගනිමින් අනාගතයේ දී දක්‍ෂ ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් සකස් කර ගැනීම සඳහා ප්‍රබල මෙහෙයුමක් ඉදිරියේ දී සිදුකරන බව හෙතෙම පැවසිය. 


මෙම කාර්යේ දී ජාතික මට්ටමින් සිටි ක්‍රිකට් ක‍්‍රිඩකයන්ගෙන් පුහුණුකරුවන් ලෙස සහයෝගය ලබා ගන්නා බව ද ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

චීනය රුසියාවේ විශාලතම ඉන්ධන ගැණුම්කරු බවට පත්වෙයි.


චීනය රුසියාවේ විශාලතම ඉන්ධන ගැණුම්කරු බවට පත්වෙයි.
ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිකුත් කළ වාර්තාවක ඒ බව සඳහන්ව තිබේ. 


නැව්ගත කිරිමේ දත්ත උපයෝගී කර ගනිමින් වාර්තාව සකසා ඇත.
වර්තමානයේ දී ඉන්ධන පරිභෝජන රටවල් අතරින් ලොව දෙවන ස්ථානයට පත්වනේ  ද චීනයයි. 


මේ වනවිට දිනකට ඉන්ධන බැරල් බිලියන හයයි දශම හතක් චීනය විසින් ආනයනය කරන බව ද ජාත්‍යන්තර බලශක්ති ආයතනය පවසයි.
ආයතනය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ චීනය වෙත රුසියාවෙන් ලබාදෙන ඉන්ධන සැපයුම පසුගිය වසර පහ තුල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. 


දෙරට අතර පවතින බලශක්ති සහයෝගීතා ගිවිසුම් හේතුවෙන් මෙම තත්ත්වය ඉදිරියේ දී තවත් වර්ධනය වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 

නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා ව්‍යාපාරික වෙබ් අඩවියක දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි.


නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා ව්‍යාපාරික වෙබ් අඩවියක දැන්වීම් පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරයි.


ඔහු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පහ මහාධිකරණය නියෝග කළේය.


විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගත් බව කාර්යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ඔහු ගම්පහ නෙළුම් මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහුගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර 26 ක් ද විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව ජවිපෙ කියයි.


වර්තමානයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ බවයි.


පවතින ආර්ථික ක්‍රමයෙන් ජනතා ගැටළු සඳහා විසඳුම් ලබා දිය නොහැකි බව ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.


හෙතෙම මේ බව කියා සිටියේ 45 වැනි ඉල්මහ විරු සමරුව වෙනුවෙන් පානදුර නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


වැඩිදුරටත් අදහස් දැක් වූ ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ මෙතෙක් පැවති නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සියල්ලම රට පාලනය කිරීමට අසමත් වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය කල් දැමීම තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයකට ලක් කර ඇති බවයි.

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තීරණයක්.


පෞද්ගලික රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කටයුතු සඳහා සාධාරණ මිලක් නියම කිරීමට සෞඛ්‍යඅමාත්‍යංශය පියවර ගනියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේය.


හෙතෙම කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට තීරණය කර ඇති බවයි.


එම රෝහල් පරීක්ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් ද සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

එම රෝහල්වල සිදු කරන රෝගී සත්කාරක සේවා නිවැරදි ආකාරයකට නියාමනය කර ගුණාත්මක සේවාවක් ලබා දීම අරමුණ වී ඇත.


රසායනාගාර පරීක්ෂණ 33 ක් සඳහා මේ වනවිට මිල නියම කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. 


මේ අතර පෞද්ගලික රෝහලක දී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කළ යුතු කාලය විනාඩි 10 ක් බව සෞඛ්‍ය  අමාත්‍යංශය දැනුම් දෙයි.


එමෙන්ම පෞද්ගලික රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සඳහා අධ්‍යයනයක් සිදුකර සාධාරණ මිලක් නියම කිරීමට ද අමාත්‍යංශය තීරණය කර තිබේ. 

සීටී ස්කෑන් පරීක්ෂණ, එක්ස් රේ පරීක්ෂණ ඊට ඇතුළත් බව සඳහන්ය.

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව චාරිත්‍රානුකූලව ජනපතිට පිළිගන්වයි.


සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වයි.


ජනාධිපති නිල නිවසේ දී පෙරවරුවේ එය සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.


චිරාගත පිළිවෙත් අනුව නැකැත් මොහොට්ටාල සංකේතවත් කළ අයෙකු විසින් ජනාධිපතිවරයා වෙත නැකැත් සීට්ටුව පිළිගන්වනු ලැබීය.


අභ්‍යන්තර - වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී නාවින්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රරශංසාව.

මිනිස් ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නය  ඕස්ට්‍රේලියානු රජයේ ඇගයීමට ලක් වෙයි.


මිනිස් ජාවාරම් පිළිබඳ සොයා බැලීමේ  ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඇන්ඩෲ ගොලෙඞ්සි නොස්කි මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කර තිබේ. 


නාවික හමුදා මූලස්ථානයේ දී ඊයේ හමුව සිදුව ඇත.


ලක් රජය මිනිස් ජාවාරම් මැඩලීමට ගන්නා කඩිනම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදී ප්‍රශංසාවට ලක් වූ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.


මිනිස් ජාවාරම් මැඩලීමට කටයුතු කිරීම මෙන්ම දෙරට අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම පිළීබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ලෝක ශූරතා ලීග් හොකි තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක අද සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතයි.


ලෝක ශූරතා ලීග් හොකි තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක අද සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතයි. 


ලබන 9 වැනිදා සිට 17 වැනිදා දක්වා සිංගප්පුරුවේ දී තරගාවලිය පැවැත්වෙයි. 


එහි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා රටවල් දෙකට ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි කොටසට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. 


තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ඇතුළත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.


පිරිමි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක සිංගප්පුරුව, මියන්මාරය, චීනය, හොංකොං, බෲනායි, වියට්නාමය, කසකස්තානය සහ තායිලන්තය යන රටවල් නවය සහභාගි වෙයි. 


කාන්තා තරගාවලියේ දී කසකස්තානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, බෲනායි සහ කාම්බෝජය යන රටවල් හත තරග වදියි. 


ශ්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායමේ නායකයා ලෙස නලන්ත ද සිල්වා කටයුතු කරන අතර මධාරා ධර්මරත්න ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ නායිකාව  ලෙස කටයුතු කරන්නීය. 


අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ජී ජී ධර්මරත්න මහතා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරති. 

අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි.


අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි. 


පැනමා ලිපි ගොනු සම්බන්ධයෙන් පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් අග්‍රාමාත්‍ය සිගමනෝර් ගුන්ලූග්සන් ඉල්ලා අස්වී තිබේ. 


පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ වසර 40 ක ගනුදෙණු පිළිබඳ දත්ත ඇතුළත් ලිපි ගොනුවල අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නම ඇතුළත්ව තිබිණ. 


ඊට එරෙහිව ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.
ඩොලර් මිලියන ගණනක් වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 


කෙසේ වෙතත් රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය සිගමනෝර් ගුන්ලූග්සන් මහතා චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබිණ.


ඔහු සඳහන් කර ඇත්තේ විදේශ සමාගම් සමග තමන්ගේ සබඳතා පැවතිය ද වත්කම් සහ බදු සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළි කර ඇති බවයි. 

සිංහල අළුත් අවුරුද්දේ සංස්කෘතික අගයන් පිළිබඳ ප්‍රාසාංගික සැදෑවක් සහ සංස්කෘතිකාංග විවරණයක් අද පැවැත්වෙයි.


සිංහල අළුත් අවුරුද්දේ සංස්කෘතික අගයන් පිළිබඳ ප්‍රාසාංගික සැදෑවක් සහ සංස්කෘතිකාංග විවරණයක් අද පැවැත්වෙයි.


කතරගම මහ දේවාලය ඉදිරිපිට අංගනයේ දී පස්වරුවේ එය පැවැත්වීමට නියමිතය.
කතරගම වැඩිහිටි නිවාසය, ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසල සහ කතරගම ජාතික පාසල එක්ව වැඩසටහන සංවිධාන කරයි.


අළුත් අවුරුදු උළෙල තුළ වැඩිහිටියාට හිමිව තිබූ වටිනාකම මූර්තිමත් කීරිම අරමුණ වී තිබේ.


ග්‍රාමීය වැඩිහිටි කමිටු සාමාජිකයින්, පාසල් සිසුන් මෙන්ම දහම් පාසල් සිසුන් විසින් එහිදී විවිධ සංස්කෘතිකාංග ඉදිරිපත් කරන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.


රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කතරගම ශ්‍රී අභිනවාරාමාධීපති ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ගිහි පැවිදි විද්වත් පිරිසක් මේ සඳහා සහභාගි වෙති.

නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.


නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.


පසුගිය 23 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එන්. ගනේෂරාජා මහතා නියෝග කළේය.


පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පිල්ලෙයාන් පසුගිය වසරේ ඔක්තෝබර් මස 9 වැනිදා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 


අනතුරුව අවස්ථා කිහිපයක දී ඔහු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණි. 


මේ අතර කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන සිදුවීම් හතකට සම්බන්ධ බවට අත්අඩංගුවට ගත් සැකකරු ද අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 29 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය නියෝග කළාය.

බෝ නොවන රෝග "යුගයේ අභියෝගය" වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.


වර්තමානයේ බෝ නොවන රෝග "යුගයේ අභියෝගය" වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


ඒ අතරින් දියවැඩියාව ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.


හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


දියවැඩියා රෝගය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී අදහස් දැක්වීය.
හෙතෙම සඳහන් කළේ ඒ සඳහා ශරීර ස්කන්ධ දර්ශකය මනාව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි. 


ඊට අමතරව සමබර ආහාර වේලක් ලබා ගැනීම ද වැදගත් බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.


වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ව්‍යායාම්වල නිරත වීම තුළින් ද දියවැඩියා රෝගය වළක්වා ගත හැකි බවයි. 

අල්ලස් චෝදනාවට ඇමතිනී තලතා අතුකෝරලගෙන් පිළිතුරු.


තමන්ට විරුද්ධව අල්ලස් කොමිසමට කෙතරම් පැමිණිලි ඉදිරිපත් වුව ද කිසිවිටෙකත් බිය නොවන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.


කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා යන ශ්‍රමිකයින් වෙනුවෙන් විදේශීය රක්‍ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇත.


ශ්‍රී ලංකා විගමනික සුබ සාධක සංගමයේ කුවේට් ශාඛාව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල පිළිබඳවතලතා අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළාය.


අමාත්‍යවරිය මේ බව කියා සිටියේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය කියා සිටියේ යහපාලන රජය  ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බවයි.

මත්ද්‍රව්‍ය පාලනය සහ මර්දනය සඳහා සියලූ දෙනාගේ පුළුල් අවධානය යොමු වී තිබෙන බව ජනපති පවසයි.


සමස්ත ලෝකයටම උවදුරක් වූ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්දනය වෙනුවෙන් සියලූ දෙනාගේ පුළුල් අවධානය යොමු වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේ පැවති "මතින් නිදහස් රටක්" මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමිනි.


මතින් නිදහස් රටක් බිහි වීමට නම්, ප‍්‍රථමයෙන් මතින් නිදහස් පවුල් සංස්ථාවක් සකස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

Tuesday, April 5, 2016

ක‍්‍රීඩා කේෂ්ත‍්‍රයේ ප‍්‍රථමවරට සංවිධන කරන ජනාධිපති ක‍්‍රීඩා සම්මාන සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන් වෙයි.


ක‍්‍රීඩා කේෂ්ත‍්‍රයේ ප‍්‍රථමවරට සංවිධන කරන ජනාධිපති ක‍්‍රීඩා සම්මාන සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන් වෙයි.


වසරේ ක‍්‍රීඩා විශිෂ්ඨයින්, ක‍්‍රීඩා කණ්ඩායම්, වසරේ ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව,ආබාධිත සහිත ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය.


එමෙන්ම වසරේ කනිෂ්ඨ සහ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව, වසරේ ක‍්‍රීඩා විද්්‍යුත් සහ මුද්‍රිත ප‍්‍රකාශනය, වසරේ ක‍්‍රීඩා පිටුව සහ වසරේ ජනමාධ්‍යවේදියා ඇතුලූ අංශ 19 ක් යටතේ සම්මාන පිරිනමයි.


ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙල මැයි මස 13 වැනි දින කොළඹ බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
ක‍්‍රීඩා අමාත්‍යංශය මගින් එය සංවිධාන කර තිබේ.

අමෙරිකාව විසින් හමුදා සේනාංකයක් යුරෝපය තුළ යෙදවීමට පියවර.


යුරෝපයට අමෙරිකානු යුධ ටැංකි සේනාංකයක් යෙදවීම මගින්, හමුදා යෙදවීම් පිළිබඳ ජාත්‍යන්තර එකඟතා ක‍්‍රියාත්මක නොවන බව තවදුරටත් තහවුරු වී ඇතැයි නේටෝ සංවිධානය සඳහා රුසියානු නියෝජිත ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ පවසයි.


අමෙරිකාව විසින් 4200 ක හමුදා සේනාංකයක් යුරෝපය තුළ යෙදවීම අමෙරිකානු මිලිටරි බලය වර්ධනය කිරීමේ තවත් පියවරක් ලෙස සැලකිය යුතු බව ඔහුගේ අදහස වී ඇත.


මේ වනවිට යුරෝපා රටවල් 6 ක් තුළ අමෙරිකානු හමුදා සේනාංක රඳවා ඇත.
යුරෝපය වෙත කඩිනම් මිලිටරි සැපයුම් සිදු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය, රුසියානු දේශසීමා අසල ප‍්‍රහාරක යානා ස්ථානගත කිරීම සහ ගුවන් චරපුරුෂ මෙහෙයුම් ඉහළ නැංවීම යනාදී පියවර රැුසක් අමෙරිකාවෙන් ගෙන ඇති බව ගෘෂ්කෝ පවසා තිබේ.


මෙවැනි ක‍්‍රියාවන් තුළින් ලෝකයේ මිලිටරිමය තත්ත්වය වඩාත් අස්ථාවර බවට පත්වීම සිදුවන බව ද ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ පවසා ඇත.

කුරුණෑගල ශීක්‍ෂණ රෝහලේ සනීපාරක්ෂක කටයුතු භාර සමාගම අසාදු ලේඛණ ගත කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය.


කුරුණෑගල ශික්ෂණ රෝහලේ අපිරිසිදුභාවය හේතුවෙන් සනීපාරක්ෂක කටයුතු භාර පෞද්ගලික සමාගම අසාදු ලේඛණ ගත කිරීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි. 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පසුගියදා සිදු කරන කුරුණැගල ශික්‍ෂණ රෝහලේ නිරික්‍ෂණ චාරිකාවක නිරත විය. 


රෝහලේ පිරිසිදු කිරීෙමි කටයුතු විධිමත්ව සිදු නොකරන බවට එහිදී අනාවරණය වී තිබේ.
රෝහල් භූමියේ මදුරු කීටයන් බෝවන ආකාරයකට පත්ව ඇති බවත් එහිදී නිරීක්ෂණය විය. 


එබැවින් දින 03 ක් ඇතුළත වහාම රෝහල් පරිශ‍්‍රයේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල සමාගමට දැනුම් දී තිබේ.
එලෙස පිරිසිදු නොකරන්නේ නම් සමාගම අසාදු ලේඛණ ගත කිරීම සදහා පියවර ගැනීමට නියමිතයි. 


පිරිසිදු කිරීම පිළිබඳ කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ද පාලිත මහීපාල මහතා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කදන්ගමුව මහතාට නියෝග කරන ලදි.
මෙම නිරීක්ෂණ චාරිකාෙවි දී රෝහලේ වෘත්තීය සමිති නියෝජිතයින් සහ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්විණි. 


රෝහලේ සංවර්ධන කටයුතු සදහා මෙම වසරේ දී රුපියල් මිලියන 650 ක් ලබා දෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදි ප‍්‍රකාශ කර ඇත.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ මුළුතැන් ගෙය ද මෙහිදී පරීක්ෂාවට ලක් කර ඇති අතර රෝගීන් සදහා අංග සම්පුර්ණ ආහාර ෙවිලක් ලබාදෙන ලෙසත්, අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඇතැම් රාජ්‍ය නායකයන් පටු ආකල්පයක පසුවන බව ඇමති පාඨලී චම්පික රණවක කියයි.


බලය හිමිවූ පසු රිසි ලෙස කටයුතු කල හැකි බවට ඇතැම් රාජ්‍ය නායකයන් පටු ආකල්පයක පසුවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 


අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි. 


රාජ්‍ය නායකයන් පිරිසක් විසින් ලොවපුරා ඩොලර් ටි‍්‍රලියන 31 ක මුදලක් සගවා ඇති බවට පැනමා රාජ්‍යයේ නීති සමාගමක් කල හෙළිදරව්ව පිළිබඳවද අමාත්‍යවරයා අදහස් දැක්විය. 


අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජාතික ධනය විනාශ කල පුද්ගලයන් විසින් සිදුකරන චරිත ඝාතනවලින් ජනතා ගමන නතර කල නොහැකි බවයි.

දහම් පාසල් ගුරු භවතුන්ට සාම විනිසුරු තනතුරක් පිරිනැමීම පිළිබඳ රජයේ අවධානය.

දහම් පාසල් ගුරු සේවයේ වසර පහකට වැඩි කාලයක් නිරතවු සෑම ගුරුවරයෙකුටම සාම විනිසුරු තනතුරක් පිරිනැමීය යුතු බව දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලාල් බණ්ඩාරගොඩ මහතා පවසයි. 


වසර 10 කට වැඩි කාලයක් ගුරු සේවයේ නිරතවුවන්ට පමණක් එම තනතුරු පිරිනැමීමට රජය තීරණය කර ඇතැත් එය වසර පහක කාලයක් සේවය කළ පුද්ගලයින් වෙනුවෙන් ද ලබා දිය යුතු බව හෙතෙම සඳහන් කළේය. 


ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී සාකච්ඡුා කරන බව මන්ත‍්‍රීවරයා කියා සිටි.
ඉරිදා දින උදය කාලයේ දී සහ පොහෝ දිනවල පුද්ගලික පංති දකුණු පළාතේ තහනම් කිරිමට ද කටයුතු කර ඇති බව බන්දුලාල් බණ්ඩාරගොඩ මහතා පවසයි. 


මේ වනවිට එය වයඹ පළාතේ ක‍්‍රියාත්මක වන බවද හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් දේශාපලන නායකයින් සියළු දෙනා නැඟි සිටිය යුතු කාළය එළඹ ඇතැයි මන්ත‍්‍රීවරයා කියා සිටි. 

නව ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාවක් සැකසීමට ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වීමට සුදානම්.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා වසර 44 කට පසු සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අද රැස්වීමට නියමිතයි.
කතානායක කරු ජයසූරියගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. 


සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අවසන් වරට රැස්වුයේ 1972 වසරේදීය. 


රටට වඩාත් සුදුසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


පාර්ලිමේන්තුව පස්වරු 1 ට රැුස්වීමෙන් අනතුරුව න්‍යාය පත‍්‍රය අනුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පසු පාර්ලිමේන්තුව කල් තබනු ඇත.
පසුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ව්‍යවස්ථාදායක මණ්ඩලය ලෙස මන්ත‍්‍රීවරු 225 දෙනා රැස්වීමට නියමිතයි. 


ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා නියෝජ්‍ය සභාපතිවරුන් 7 දෙනෙකු පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු අතරින් තෝරා ගනු ඇත. එම රැස්වීම සඳහා ඝනපූරණය ලෙස මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකු සිටිය යුතුය. 


එමෙන්ම අග‍්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තවත් සාමාජිකයන් 17 කට නොවැඩි සංඛ්‍යාවකින් යුත් මෙහෙයුම් කමිටුවක්ද පත්කර ගැනීමට ප‍්‍රතිපාදන පවතියි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා සහ පිරිමි ලෝක ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කරයි.

පන්දුවාර විස්සයි විස්ස කාන්තා සහ පිරිමි ලෝක ක‍්‍රිකට් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කරයි.


දක්ෂතා අතර ඉහළින්ම සිටින ක‍්‍රීඩකයින් ඊට එක්කර තිබේ.
මෙම ලෝක පිරිමි හෝ කාන්තා කණ්ඩායමට කිසිදු ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු නම් කර නොමැත.


පිරිමි කණ්ඩායමේ නායකයා ලෙස ඉන්දීය ක‍්‍රීඩක විරාත් කෝලි නම් කර තිබේ.
කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායිකා ස්ටෙෆනි ටේලර් නම් කර ඇත.


දකුණු ආසියානු කුඩා දරුවන් බි‍්‍රතාන්‍යයේ ගෘහ සේවයට යොදවන බවට තොරතුරු.

දකුණු ආසියානු රටවල කුඩා දරුවන් නීති වීරෝධීව ගෘහ සේවයේ යොදවන බවට බි‍්‍රතාන්‍ය "සන්" පුවත්පත වාර්තා කරයි.


බි‍්‍රතාන්‍ය හා වෙනත් රටවලට කුඩා දරුවන් අලවි කිරිමේ ජාවාරම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නැයි බි‍්‍රතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි තෙරේසා මේ එරට පොලිසියට නියෝග කර තිබේ.


බි‍්‍රතාන්‍ය සන් පුවත් පත වාර්තා කළ ගවේශනාත්මක පුවතකින් අනතුරුව ඇය මෙම තීරණය ගෙන ඇත.


අවුරුදු 10 ක තරම් ලාබාල දරුවන් බි‍්‍රතාන්‍ය පවුල් වෙත අලෙවිකිරීම සිදුවන බව සන් පුවත්පත අනාවරණ කර තිබේ.


නේපාලයේ සහ ඉන්දියාවේ දුගී ප‍්‍රාන්තවලට අයත් දරුවන් වැටුප් ගෙවීමකින් තොරව බි‍්‍රතාන්‍ය පවුල් වෙත ලබාදී ගෘහ සේවයේ යොදවන බවට තොරතුරු ඇතැයි සන් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ පර්යේෂණ මත පදනම් වු වාර්ෂික සම්මන්ත‍්‍රණය අද පැවැත්වෙයි.

සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ පර්යේෂණ මත පදනම් වු වාර්ෂික සම්මන්ත‍්‍රණය අද පැවැත්වෙයි.


සම්මන්ත‍්‍රණය පෙරවරු 9 ට කොළඹ විශ්ව විද්‍යාලීය සනාතන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


"අධ්‍යයන පර්යේෂණ සොයා ගැනීම් ශ‍්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා" යන තේමාව යටතේ එය පැවැත්වෙයි. 


කොළඹ විශ්ව විද්‍යාලීය සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත‍්‍රපති පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ සොයා ගැනීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කරනු ඇත. 


සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ විශ‍්‍රාමික මහාචාර්ය සරත් කොටගම මහතා විසින් පවත්වනු ලබයි. 


මෙමඟින් ශ‍්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් තිරසර සංචාරක සංවර්ධන ක‍්‍රියාවලිය දක්වා සංවර්ධනය කිරීමට හා ශක්තිමත් කිරිමට අවකාශය සැලසෙනු ඇත. 

තවද පර්යේෂණවල ප‍්‍රායෝගික ප‍්‍රතිඵල පදනම් කර ගනිමින් ශ‍්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට ඇති අභියෝග සාකච්ඡුාවට ලක්කරන බව සඳහන්ය. 


කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සම්මන්ත‍්‍රණය පැවැත්වෙයි. 


විශ්ව විද්‍යාලීය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව හා සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකව සම්මන්ත‍්‍රණය සංවිධාන කර තිබේ.

නව ව්‍යවස්ථා ව්‍යුවහයක් සකස් කිරිමට ස්වර්ණමය අවස්ථාව උදා වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

නව ව්‍යවස්ථා ව්‍යුවහයක් සකස් කිරිම සඳහා ස්වර්ණමය අවස්ථාව වර්තමානයේ උදා වී ඇති බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා අඟුරුවැල්ල ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. 

පාර්ලිමේන්තුවේ සියළු මන්ත‍්‍රීවරුන් එකතුවී පස්වරු 2 ට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරිමට මුල් පියවර ගන්නා බව මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර කුමාර් ගුණරත්නම් සිරගත කළ බවට චෝදනා.

විදේශයන්හි සිටින ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට නැවත පැමිණෙන ලෙස ආරාධනා කළ රජය තම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සිරකොට ඇත්තේ වෙනත් අරමුණකින් බව පෙරටුගාමී සමාජවාදි පක්‍ෂය පවසයි. 

එහි ප‍්‍රචාරක ලේකම් පුබුදු ජගොඩ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සඳහන් කළේය. 

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය මර්ධනය කිරිම සඳහා සිදුකරන මෙම ක‍්‍රියාමර්ග වෙනුවෙන් සියළු බලවේග ඒකරාශි කර ගනිමින් මුහුණ දීමට සුදානම් බව පුබුදු ජාගොඩ මහතා කියා සිටි. 

පසුගිය රජය ලබාගත් ණය පියවීම සඳහා රටේ ආදායම යෙදවීමට සිදුව ඇතැයි ඇමති දයා ගමගේ කියයි.

අද වනවිට රටේ ආදායම පසුගිය පාලන සමය තුල ලබා ගත් ණය පියවීමට පමණක් සරිලන බව ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. 


අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් අවශ්‍ය පරිදි මුදල් වෙන් කිරීමේ හැකියාවක් නොමැතිකමින් වත්මන් රජය අපහසුතාවට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 


කෙසේ වෙතත් නව රජය පැවති රජය වෙන් කළ මුදල මෙන් තුන් ගුණයක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට වෙන් කර ඇති බව දයා ගමගේ මහතා පෙන්වා දෙයි. 


ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති රැුකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කතරගම කිරිවෙහෙර භූමියේ පැවති දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

"මතින් නිදහස් රටක්" මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පස්වන අදියර අද ජනපති ප‍්‍රධානත්වයෙන් කුරුණෑගල දී.

"මතින් නිදහස් රටක්" මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ පස්වන අදියර අද කුරුණෑගල දී පැවැත්වෙයි. 


ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 2 ට කුරුණෑගල මාළිගාපිටිය ක‍්‍රිඩාංගණයේ දී එය පැවැත්වීමට නියමිතය. 


2014 ට සාපේක්‍ෂව 2020 වන විට ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප‍්‍රවාහනය සහ අලෙවිය සියයට අසුවකින් අඩු කිරිම මෙහි එක් අරමුණකි. 

ඒක පුද්ගල මද්‍යසාර භාවිතය සියයට 25 කින් සහ ඒකපුද්ගල දුම්කොළ භාවිතය සියයට 5 කින් ද අඩු කිරිමට ද මෙමඟින් අපේක්‍ෂිතයි.


එමෙන්ම 2020 වනවිට දුම්කොළ නිෂ්පාදන භාවිතය අවම වශයෙන් සියයට 50 කින් අඩු කිරිමට මෙම වැඩපිලිවෙල යටතේ බලාපාරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 


Google Plus Facebook Twitter Delicious