Tuesday, April 5, 2016

නව ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාවක් සැකසීමට ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වීමට සුදානම්.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරිම සඳහා වසර 44 කට පසු සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අද රැස්වීමට නියමිතයි.
කතානායක කරු ජයසූරියගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේදී එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ. 


සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස අවසන් වරට රැස්වුයේ 1972 වසරේදීය. 


රටට වඩාත් සුදුසු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සහ නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


පාර්ලිමේන්තුව පස්වරු 1 ට රැුස්වීමෙන් අනතුරුව න්‍යාය පත‍්‍රය අනුව වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පසු පාර්ලිමේන්තුව කල් තබනු ඇත.
පසුව පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ව්‍යවස්ථාදායක මණ්ඩලය ලෙස මන්ත‍්‍රීවරු 225 දෙනා රැස්වීමට නියමිතයි. 


ව්‍යවස්ථාදායක මණ්ඩලය සඳහා නියෝජ්‍ය සභාපතිවරුන් 7 දෙනෙකු පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රීවරු අතරින් තෝරා ගනු ඇත. එම රැස්වීම සඳහා ඝනපූරණය ලෙස මන්ත‍්‍රීවරුන් 20 දෙනෙකු සිටිය යුතුය. 


එමෙන්ම අග‍්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ තවත් සාමාජිකයන් 17 කට නොවැඩි සංඛ්‍යාවකින් යුත් මෙහෙයුම් කමිටුවක්ද පත්කර ගැනීමට ප‍්‍රතිපාදන පවතියි.

Google Plus Facebook Twitter Delicious