Friday, June 17, 2016

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සහ ක‍්‍රීඩිකාවවෝ දෙදෙනෙක් සහභාගි කරවති.

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයෝ හය දෙනෙක් සහ ක‍්‍රීඩිකාවවෝ දෙදෙනෙක් සහභාගි කරවති.

දිලීප් රුවන් මීටර් 400,  සංජීව ලක්මාල් මීටර් 1500 සහ අමිල ජයසිරි දුර පැනීම සඳහා සහභාගිවන ක‍්‍රීඩකයින්ය.

ඉෂාර සඳරුවන් රිටි පැනීම, ගයන්තිකා අබේරත්න මීටර් 800 සහ රුමේෂිකා කුමාරි රත්නායක මීටර් 200 සඳහා සහභාගි කරවීමට නියමිතයි.

ඒ  සඳහා අවශ්‍ය ලේඛණ මේ වනවිට ක‍්‍රීඩා අමාත්‍ය අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.

තායි විවෘත මළල ක‍්‍රීඩා උළෙල ජූලි මස 4 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර දී පැවැත්වෙයි.


උතුරු එංගලන්තයේ ජනමත විචාරණය සඳහා සිදු කෙරෙන ප‍්‍රචාරක කටයුතු නතර කරයි.


උතුරු එංගලන්තයේ ජනමත විචාරණය සඳහා සිදු කෙරෙන ප‍්‍රචාරක කටයුතු නතර කර ඇතැයි වාර්තා වෙයි.

වෙඩි ප‍්‍රහාරයකට ලක් වූ කම්කරු පක්ෂ මන්තී‍්‍ර ජෝ කොක්ස් ජීවිතක්ෂයට පත් වීම ඊට හේතු වී තිබේ.

රැස්වීමක් පැවැත්වෙන අතරවාරයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට පැමිණි අවස්ථාවේ දී මන්තී‍්‍රවරියට වෙඩි වැදී ඇත.

අනතුරුව ප‍්‍රහාරකයා විසින් ඇයට තියුණු ආයුධයකින් ද පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

බරපතල තත්ත්වයේ පසු වූ ජෝ කොක්ස් මන්තී‍්‍රවරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් පනස් දෙහැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය මරාන්තික උපවාසයකට සුදානම්.


හි`ග දීමනා ලබා නොදීම ඇතුළු ගැටළු රැසක් ස`දහා මෙතෙක් විස`දුම් ලැබී නොමැති බව සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය චෝදනා කරයි. 

ඒ වෙනුවෙන් පසුගිය දින කිහිපයක සිට සංකේත වැඩවර්ජනයක නිරතවු එම සංගමය අද දිනයේ මරාන්තික උපවාසයක නිරත වන බව එහි සභාපති ගාමිණි කොස්ලන්ද මහතා ස`දහන් කළේය. 

2015 වසරේ හි`ග දීමනා ලබා ගැනීම ස`දහා වසරකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශය සම`ග සාකච්ඡා කිරීමට සිදු වූ බව බව හෙතෙම කියා සිටි. 

ඒ අනුව මෙම වසරේ මැයි මාසයේ දී එක් අයෙකුට රුපියල් දහස බැගින් වූ දීමනාවක් පමණක් ලබා දී ඇති බව ස`දහන්ය.

601 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම රජයේ ආයුර්වේද කාර්ය මණ්ඩලය ස`දහා ගෙවිය යුතු මුළු මුදල හැට හය ලක්ෂ එකොළොස් දහසක් බව ගාමිණී කොස්ලන්ද මහතා පවසයි.


නවක වදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු සමාවක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.


නවක වදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු සමාවක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

නවක වදයට සම්බන්ධ සිසින් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

ඔවුන් නිදහස් කරන ලෙස පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීම සාධාරණ ද යන්න අමාත්‍යවරයා විමසා සිටියේය. 

හෙතෙම මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

අන්තවාදී පිරිස් විසින් රජයට විරුද්ධව විවිධ කටයුතු සිදුකරන බව ද හෙතෙම පැවසිය. 

එහෙත් එක්සත් ජාතික පක්‍ෂය වටා එක්ව සිටින මධ්‍යස්ථ කොටස් ශක්තිමත් රජයක් ගොඩනැගීම ස`දහා කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 


චක‍්‍රලේඛවලට සීමා නොවී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමතිගෙන් නිළධාරින්ට උපදෙස්.


ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ප‍්‍රදේශයේ ජනතාවට අත්තිකාරම් ගෙවීම් ස`දහා රුපියල් මිලියන 380 ක මුදලක් ආපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත ලබා දෙයි. 

ඊයේ දිනයේ එම මුදල් ලබාදුන් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. 

මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පෙන්වා දෙන්නේ නිළධාරින්ගේ ආකාර්යක්‍ෂමතාව සහ නොසලකිලිමත්කම මෙන්ම චක‍්‍රලේඛවලට සීමා වී සිටිම හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී බාධා එල්ලවී ඇති  බවයි. 

මෙම තත්ත්වය වහා වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවන් සොයා බැලීමට වගකිය යුතු නිළධාරින් චක‍්‍රලේඛවලට සීමා නොවි ක‍්‍රියාත්මක විය යුතු බව හෙතෙම අවධාරණය කර සිටි. 

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැුස්වීමට එක්වෙමිනි. 

විපතට පත් පවුලක් වෙනුවෙන් රුපියල් 10 000 බැගින් අත්තිකාරම් ගෙවීම ස`දහා කටයුතු සුදානම් කර තිබුණ ද මෙතෙක් එම කටයුතු ප‍්‍රායෝගික තත්ත්වයන් හේතුවෙන් ප‍්‍රමාද වී ඇති බවට අනාවරණය වු බව හෙතෙම පැවසිය. 

විපතට පත් ජනතාවට සහන සැලසීම ප‍්‍රමුඛ කොට සැලකිය යුතු බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

රුපියල් 10 000 ක අත්තිකාරම් මුදල ප‍්‍රමාණවක් නොවේ නම් එය සුදුසු ප‍්‍රමාණයකින් ඉහළ නැංවීමට වුවද හැකි බව රවී කරුණානායක මහතා කියා සිටි.

හෙට දිනය වනවිට මෙම අත්තිකාරම් මුදල සියළු පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය. 


රුවන්වැලි මහා සෑයේ සුළු ඉරිතැලීමක් පමණක් සිදුව ඇති බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසයි.


අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විශාල ලෙස පිපිපුරුමක් සිදුව ඇති බවට මාධ්‍ය මගින් සිදුකරන ප‍්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි. 

නියෝජ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළේ රුවන්වැලි මහා සෑයේ සුළු ඉරිතැලීමක් පමණක් සිදුව ඇති බවයි. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

එවැනි බරපතල පිපිරීමක් සිදුව නොමැති බවට පුරාවිද්‍යා කොමසරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප‍්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය. 

වෙනත් කූඨ අරමුණු ඉටු කර ගැනීම ස`දහා ඇතැම් පිරිස් මෙවැනි අසත්‍ය ප‍්‍රචාර සිදු කරන බව හෙතෙම පැවසිය. 

ඒ හේතුවෙන් ජනතාව නොම`ග යවන එවැනි ප‍්‍රවෘත්ති පළ කිරිමේ දී සත්‍ය අසත්‍යාව තහවුරු කර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සියළු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි. 


Thursday, June 16, 2016

අයර්ලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙයි.


අයර්ලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙයි.

ඩබ්ලිංහි දී පස්වරු 3 යි 25 ට එය ආරම්භ කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා පිලට ෆර්වේස් මහරූෆ්, උපුල් තරංග, සීකුගේ ප‍්‍රසන්න, ධනුෂ්ක ගුණතිලක සහ සුරාජ් රන්දිව් එක්කර ඇත.

සිය මංගල ප‍්‍රාන්ත තරගයේදීම කඩුලූ 5 ක් බි`ද දැමූ එංගලන්ත ක‍්‍රීඩක බැරී මැකාති ද මෙවර කණ්ඩායමට එක්කර තිබේ.

ශ‍්‍රී ලංකා පිලට මීට පෙර අයර්ලන්තය සමග එක්දින තරග 4 කට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වුව ද වර්ෂාව හේතුවෙන් තරග 2 ක්ම අතහැර දැමීමට සිදු විය.

ඉතිරි තරග දෙකම ජය ගනු ලැබූයේ ශ‍්‍රී ලංකාවයි.


දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවේ සම්මුතියට ප‍්‍රංශ ජනපති අත්සන් තබයි.


පසුගිය වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවති දේශගුණ විපර්යාස පිලිබඳ සමුළුවේ සම්මුතියට එරට ජනාධිපති ප‍්‍රංශුවා හොලාන්ඬේ අතසන් කරයි.

මෙය බලාත්මක වීමට නම් හරිතාගාර වායු මුදාහරින රටවල් සියයට 55 ක් හෝ එම සම්මුතිය ක‍්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට සම්මුතියට අත්සන් තබා ඇත්තේ මුහුදු ජල මට්ටම ඉහළ යෑමේ අවදානමට ලක්ව ඇති කුඩා රටවල් 17 ක් පමණි.

සම්මුතිය බලාත්මක වීමට නම් යුරෝපා හා කාර්මික රටවල් ඊට අත්සන් තැබිය යුතු බව ද ප‍්‍රංශුවා හොලාන්ඬේ වැඩිදුරටත් පෙන්වා දෙයි.


අනුරාධපුරයේ පාසල් 13 කට අද සිට නිවාඩු.


අනුරාධපුරය මිහින්තලය සහ තන්තිරිමලේ ප‍්‍රදේශවල පාසල් 13 ක් අද සිට ලබන බදාදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, ශාන්ත ජොශප් මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ඒ අතර වෙයි. 

මීට අමතරව දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, මිහින්තලය මහා විද්‍යාලය, මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාන මහා විද්‍යාලය ද වසා තැබේ. 

පොසොන් උත්සවයට අදාළ පහසුකම් සැපයීම වෙනුවෙන් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ. 

විශේෂ රාජකාරී ස`දහා පිට ප‍්‍රදේශවලින් පැමිණෙන ආරක්‍ෂක නිලධාරීන්ට නවාතැන් ලබා දීම ස`දහා එම පාසල් යොදා ගන්නා බව ද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.


පොසොන් සමයේ දුම්රියෙන් ගමන් කරන මගීන්ට උපදෙස් මාලාවක්.


පොසොන් උත්සව සමයේ දුම්රියෙන් ගමන් කිරීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නැයි දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

විශේෂයෙන් දුම්රිය පාපුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙස ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

දුම්රිය මාර්ගයේ පටු පාලම් රැුසක් පවතින හෙයින් සෑම වසරකදීම පාපුවරුවේ ගමන් කරන මගීන් අනතුරට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.

එමෙන්ම සිය ආභරණ සහ මුදල් පසුම්බි පිළිබ`දව ද විශේෂ අවධානයක් යොමු කරන්නැයි ගමනාගමන අධිකාරිවරයා ඉල්ලා සිටියි.

මගීන්ගේ ආරක්ෂාව ස`දහා දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් යොදවා ඇති බව ද හෙතෙම පැවසීය. 

වැඩිදුරටත් අදහස් දැක් වූ ගමනාගමන අධිකාරිවරයා කියා සිටියේ මෙවර පොසොන් පොහොය නිමිති කර ගනිමින් විශේෂ දුම්රිය 26 ක් ධාවනයට යොදවන බවයි.


ශී‍්‍ර ලාංකීය දෙමළ පුරවැසියන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නැයි ජයලලිතා ජයරාම් ඉල්ලයි.

ශී‍්‍ර ලාංකීය දෙමළ පුරවැසියන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව තමිල්නාඩු මහ ඇමතිනිය පවසයි. 

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සම`ග පැවති සාකච්ඡාවේ දී ජයලලිතා ජයරාම් ඒ බව සඳහන් කර තිබේ.  

අග‍්‍රාමාත්‍ය නිල නිවසේ දී හමුව සිදුව ඇත.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ඉන්දියාව ඍජු ප‍්‍රතිපත්තියකට එළඹිය යුතු බව ද ජයලලිතා ජයරාම් අවධාරණය කර තිබේ.

තමිල්නාඩු මහ ඇමතිනිය පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඒ පිළීබ`ද ඉන්දියාවේ ස්ථාවරය සඳහන් කළ යුතු බවයි.

එමෙන්ම තමිල්නාඩුවේ වෙසෙන ශී‍්‍ර ලාංකීය දෙමළ පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡාවේ දී අවධානයට ලක් විය.


දීඝවාපි රජමහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද.


අපවත් වදාල දීඝවාපිය රජමහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය නන්නපුරාණේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබඳ ආදාහන උත්සවය අද පැවැත්වෙයි.

දීඝවාපී රජමහා විහාරස්ථ භූමියේ දී පස්වරු 2 ට එය සිදු කිරීමට නියමිතය.

රෝගී තත්වයක් හේතුවෙන් අම්පාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 12 වැනි දින අපවත් වූහ.

අපවත් වනවිට උන්වහන්සේ 93 වැනි වියේ පසු වූහ.


Tuesday, June 14, 2016

2016 - සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලට බස්නාහිර පළාත නියෝජනය කිරීම සඳහා ක‍්‍රීඩකයින් තිදෙනෙකු සහ ක‍්‍රීඞීකාවන් තිදෙනෙකු තෝරා ගනියි.


2016 - සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලට බස්නාහිර පළාත නියෝජනය කිරීම සඳහා ක‍්‍රීඩකයින් තිදෙනෙකු සහ ක‍්‍රීඞීකාවන් තිදෙනෙකු තෝරා ගනියි.

තේරීම් තරග පසුගිය සති අන්තයේ මීගමුවේ දී පැවැත්විනි.

බාලක තරගයෙන් තිඹිරිගස්කටුව දුටුගැමුණු විදුහලේ තරුෂ ගිම්හාන ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේය.

දෙවැනි ස්ථානය නයිවල මාරපොල විද්‍යාලයේ කල්ප ශාවින්ද විසින් දිනා ගන්නා ලදී.

මිනුවන්ගොඩ හය වැනි පාවුලූ විද්‍යාලයේ සුපුන් පියුමාල් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

බාලිකා තරගයෙන් මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ නතාෂා සඳමිණි ප‍්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවැනි ස්ථානය යක්කල අනුර මහ විද්‍යාලයේ ශාමිනි සෙව්වන්දි විසින් හිමි කරගන්නා ලදී.

ගමගම්පහ දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත් පාසල් අධ්‍යක්ෂ කාර්යාලය මගින් තරගාවලිය සංවිධාන කර තිබේ.


අමෙරිකාවේ ඕලන්දෝ නගරයේ වෙඩි තැබීමේ වගකීම අයි එස් ත‍්‍රස්ත සංවිධාන බාර ගනියි.

අමෙරිකාවේ  ඕලන්දෝ නගරයේ රාත‍්‍රි සමාජ ශාලාවේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධියේ වගකීම අයි එස් ත‍්‍රස්ත සංවිධාන බාරගෙන තිබේ.

අල් බයාන් ගුවන් විදුලිය ප‍්‍රකාශයක් නිකුත් කරමින් ස`දහන්් කර ඇත්තේ මහම්මද් තුමන්ගේ පරම්පාරවෙන් පැවැත එන සොල්දාදුවෙකු විසින් මෙම ප‍්‍රහාරය සිදුකර ඇති බවයි.

ඇෆ්ගන් සම්භවයක් ඇති අමෙරිකාවේ ජීවත් වන ඔමාර් මතීන් නැමැති 29 හැවිරිදි තරණයෙකු ප‍්‍රහාරය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබේ.

කෙසේ වෙතත් පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

සමාජ ශාලාවේ සිදුවු වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර 53 දෙනෙකු තුවාල තුවාල ලැබීය.

මේ අතර අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර ඇත්තේ මෙම ද්වේශ සහගත සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බවයි.


ඇතැම් දේශපාලන තීන්දු හේතුවෙන් පසුගිය කාලය තුල සමෘද්ධි ව්‍යාපාර විනාශ වු බව ඇමති එස් බී දිසානායක කියයි.


පසුගිය වසර දහය තුල මෙරට ජනතාව කටයුතු කළ ආකාරය සහ හැසිරුණු ආකාරය වෙනසක් කර ගත යුතු බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. 

එසේ නොවුනහොත් පසුගිය කාලය තුල සිදුවු ඇතැම් දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් විනාශ වු සමෘද්ධි ව්‍යාපාරය යළි ගොඩනගා ගත නොහැති බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ සමෘද්ධි නිළධාරීන් සම`ග බදුල්ලේ දී පැවති හමුවකට එක්වෙමිනි. 

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමෘද්ධි ව්‍යාපාරයට බිලියන අටක පමණ විශාල පාඩුවක් සිදුකර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

සමෘද්ධිය ශක්තිමත් ආයතනයක් ලෙස නැවත ගොඩනැවිය යුතු බව හෙතෙම ස`දහන් කළේය.
              

සාලාව අවි ගබඩාව පිපිරිම හේතුවෙන් රටේ ආරක්‍ෂාව බරපතල තර්ජනයකට ලක්ව ඇතැයි රංජිත්ද සොයිසා මන්ත‍්‍රී පවසයි.


"සාලාව" අවි ගබඩාව පිපිරීම සම්බන්ධව බලධාරීන්ගේ මැදිහත්වීම සෑහීමකට පත් විය නොහැකි බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි. 

ගින්න සම්බන්ධයෙන් මේ වනවිට ජනතාව තුල බරපතල සැකයක් පැන නැගී ඇති බවට රංජිත් ද සොයිසා මහතා ස`දහන් කළේය. 

මේ දිනවල චීනයේ සංචාරයක නිරතව සිටින මන්ත‍්‍රීවරයා සංචාරය අතරතුරදී පුවත්පතකට අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. 

හෙතෙම ස`දහන් කළේ මේ වනවිට රටේ ආරක්‍ෂාව බරපතල තර්ජනයකට ලක්ව ඇති බවයි. 


පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් දහතුනක් අනිද්දා සිට වසා තැබේ.

අනුරාධපුරය මිහින්තලය සහ තින්තිරිමලේ ප‍්‍රදේශවල පාසල් 13 ක් ලබන අනිද්දා සිට ලබන 22 වැනිදා දක්වා වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, ශාන්ත ජොශප් මහා විද්‍යාලය, වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවන්තක චේතිය මහා විද්‍යාලය සහ සහිරා විද්‍යාලය ඒ අතර වෙයි. 

මීට අමතරව දේවානම්පියතිස්ස මහා විද්‍යාලය, විවේකානන්ද මහා විද්‍යාලය, මහා බෝධි විද්‍යාලය, මිහින්තලය මහා විද්‍යාලය, මිහින්තලය කණිෂ්ඨ විද්‍යාලය, කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාන මහා විද්‍යාලය වසා තැබේ. 

පොසොන් උත්සවය වෙනුවෙන් පහසුකම් සැපයීම වෙනුවෙන් පාසල් වසා තැබීමට පියවර ගෙන තිබේ. 

විශේෂ රාජකාරී ස`දහා පිට ප‍්‍රදේශවලින් පැමිණෙන ආරක්‍ෂක නිළධාරීන්ට පාසල්වලදී නවාතැන් ලබාදෙන බව ද උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 


නැවත බලයට ඒමට නොව රටට අවශ්‍ය දේ ඉටු කිරිමට කැපවන බව ජනපති අවධාරණය කරයි.


නැවත බලයට ඒම සඳහා බලය තහවුරු කර ගැනීමට නොව රටට අවශ්‍ය දේ ඉටුකිරිමට කැපවන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

වත්මන් රජයේ ජාත්‍යන්තර සබඳතා වැරදි ලෙස විග‍්‍රහ කරමින් ලෝකයේ බලවතුන්ට රට ආක‍්‍රමණය කිරීමට ඉඩ දෙන බවට දේශපාලන ප‍්‍රතිවාදීන් කරන චෝදනා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

"ගෝලීය කටයුතු තුළ ශ‍්‍රි ලංකාව - 2015 ජනවාරියේ සිට ගමන් මඟ" මැයෙන් විද්වත් කතිකාවතක් ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්විණි. 

එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය. 

සංහි`දියාවේ සහ යහපාලනයේ වටිනාකම් මෙරට ඇතැමුන් තේරුම් නොගැනීම මත ගැටලූ මතුව තිබෙන බව හෙතෙම පෙන්වා දෙයි. 

මෙරට අනාගතය ර`දා පවතින්නේ සංහි`දියාවේ සහ යහපාලනයේ වටිනාකම් යථාර්තවාදී කිරිම තුළින් පමණක් බව සියළුදෙනා අවබෝධ කරගත යුතු බව ද ජනාධිපති මෙත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය. 

විදේශ සම්බන්ධතා ක්‍ෂේත‍්‍රයෙහි ශ‍්‍රී ලංකාව ලබා ඇති සාර්ථකත්වය සමලෝචනය කිරිමේ අරමුණින් මෙම විද්වත් කතිකාව සංවිධාන කර තිබුණි. 

මෙහි ප‍්‍රධාන දේශනය ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රාම් මානික්කලිංගම් මහතා විසින් සිදුකර තිබේ.


Monday, June 13, 2016

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයේ අවසන් දිනය අදයි.


සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වැනි තරගයේ අවසන් දිනය අදයි.

දෙවැනි ඉණිම සඳහා පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඊයේ දිනට තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 32 ක් ලබා සිටියේය.

කඩුල්ලේ රැ`දී සිටිනේනේ දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වායි.

එංගලන්ත ක‍්‍රීඩකයින් සිය පළමු ඉණිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 416 ක් රැස් කළේය.

එයට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින්ට සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 288 ක් පමණි.

අනතුරුව දෙවැනි ඉණිම ක‍්‍රීඩා කළ එංගලන්ත ක‍්‍රීඩකයින් කඩුලූ හතක් දැවී ලකුණු 233 ක් ලබා සිටිය දී ඉණිම අත්හිටුවා දෙවැනි ඉණිම සඳහා පන්දුවට පහර දීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ඒ අනුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් මේ වනවිට කඩුලූ දහයක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 330 ක් පිටිපසුන් පසුවෙයි. ඓතිහාසික ලෝඞ්ස් පිටියේ දී තරගය පැවැත්වෙයි.


ග‍්‍රිසියේ තවකාලික රැඳවුම් කඳවුරුවල සරණාගතයින් නීති විරෝධි ක‍්‍රම මගින් මුදල් උපයයි.


ග‍්‍රිසියේ තාවකාලික රැඳවුම් කඳවුරුවල සරණාගතයින් නීති විරෝධී ක‍්‍රම මගින් මුදල් උපයන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කඳවුරුවුලූවල වෙසෙන බොහෝ තරුණයින් සිය ශරීරය විකුණමින් මුදල් උපයන බව ද සඳහන්ය.

මැදපෙරදිග කළාපයේ සිට යුරෝපය බලා පැමිණි සරණාගතයින්ගෙන් ඇතැම් පිරිස් දේශසීමා වසා දැමීම හේතුවෙන් යුරෝපයට ඇතුල් වීමට නොහැකිව ග‍්‍රිසියේ කොටුවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව හැට දහසකට ආසන්න සරණාගතයින් පිරිසක් මේ වනවිට ග‍්‍රිසියේ තාවකාලික කඳවුරුවල රඳවා තිබේ.

ආහාර ලැබුන  ද මුදල් ඉපයීම නීති මගින් බලධාරින් විසින් තහනම් කර ඇත.

මෙම තත්ත්වය හමුවේ මුදල් උපයා ගැනීම සඳහා තරුණ සරණාගතයින් හොර රහසේ විවිධ ක‍්‍රියාවන්වල නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කර තිබේ.    


අළුත්කඬේ උසාවි සංකීර්ණයේ දී ලංකා ගුරුසේවා සංගමය අද නිහඬ විරෝධතාවක.


දකුණු පළාත් උපාධි ගුරුපත්වීම් ලබා දීමේ දී සිදු වූ අසාධාරණයට එරෙහිව නිහඬ විරෝධතාවක් අද පවත්වයි.

කොලඹ - අළුත්කඬේ උසාවි සංකීර්ණය දී පෙරවරු 10 යි 30 ට එය සිදු කිරීමට නියමිතය.

දකුණු පළාත් උපාධි ගුරු විභාගය සමතුන්ගේ එකමුතුව සහ ලංකා ගුරුසේවා සංගමය එක්ව එය සිදු කරයි.

දකුණු පළාතේ ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා කටයුතු කිරීමේ දී පළාත් අධ්‍යාපන නිලධාරීන් විසින් අවිධිමත් ලෙස බඳවා ගැනීම් සිදු කර ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් විභාගය සමත් උපාධිධාරීන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එහි ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

එම අසාධාරණයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ද ගන්නා බව මහින්ද ජයසිංහ මහතා පවසයි.


සම්මුවාදී ආණ්ඩුවේ අපේක්ෂාව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා පැහැදිලි කරයි.


රට සංවර්ධනය කරා ගෙන යාම සම්මුවාදී ආණ්ඩුවේ අපේක්ෂාව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක ප‍්‍රියන්ත මහතා පවසයි.

වත්මන් රජය යටතේ සිදුවන වෙනසට හුරු වීම සඳහා ජනතාවට තවත් කාලයක් ගත වනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

ජනතාවට සේවය කිරීම ජනතා නියෝජිතයින්ගේ වගකීම බව අශෝක ප‍්‍රියන්ත මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ නාත්තන්ඩිය - තබ්බෝව ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.


අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයෙන් රජයට චෝදනා.



කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්නෙන් වත්මන් රජයේ නොහැකියාව පෙන්නුම් කරන බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.

විවිධ හේතූන් මත රජය මගින් මුදල් වෙන් කිරීම හේතුවෙන් අනාගත දරු පරපුර තවදුරටත් ණය කාරයින් වන බව සභාපතිනි සරෝජා සාවිත‍්‍රී මහත්මිය සඳහන් කළාය.

පිළිකා රෝගීන් හ`දුනා ගැනීමේ යන්ත‍්‍රයක් මිළ දී ගැනීමට මුදල් වෙන් කිරීමට නොහැකි රජය සැප වාහන ගැනිමට මුදල් වෙන් කරන්නේ කෙසේ ද යන්න ඇය ප‍්‍රශ්න කරයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ සරෝජා සාවිත‍්‍රී මහත්මිය කියා සිටියේ ජනතාව පිළිබඳ අවධානය යොමු නොකරන ජනතා නියෝජිතයින් පිළිබඳ තීරණ ගැනීමේ කාලය එළඹ ඇති බවයි.


"සාලාව" යුද හමුදා කඳවුරේ හටගත් ගින්න හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද විවෘත කරයි.


කොස්ගම "සාලාව" යුද හමුදා කඳවුරේ හටගත් ගින්න හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද විවෘත කිරීමට නියමිතයි.

කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ , බොරලූගොඩ සිද්ධාර්ථ විද්‍යාලය, අකරවිට විද්‍යාලය, අලූත් අම්බලම විද්‍යාලය සහ කොස්ගම විද්‍යාලවල සිසුන්ට පාසල් නිල ඇදුමෙන් හෝ තමාට තිබෙන ඇ`දුමකින් පාසල් පැමිණිය හැකි බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

යුද හමුදා මගින් එම දරුවන්ට පාසල් උපකරණ හා පොත්පත් ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් මුදල් ප‍්‍රතිපාදන නිකුත් කිරීම ද අද සිදු කිරීමට නියමිතය.

කොස්ගම ප‍්‍රදේශයේ පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් පළමු වන මූල්‍ය ආධාර වාරිකය පිරිනැමීම හෙට සිට ආරම්භ වනු ඇත.

පිපිරීම හේතුවෙන් ප‍්‍රදේශයේ නිවාස හා ගොඩනැගිලි 654 කට හානි සිදුව ඇති බවට දැනට තක්සේරු කර තිබේ.

මේ අතර පසුගිය ඉරිදා පස්වරුවේ සිදු වූ පිපිරීමෙන් හානි සිදු වු කොස්ගම රජයේ රෝහලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි.


Google Plus Facebook Twitter Delicious