Wednesday, April 27, 2016

ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ විධායක කමිටු අධ්‍යක්ෂ තනතුරට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පත් කරයි.


ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ විධායක කමිටු අධ්‍යක්ෂ තනතුරට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පත් කරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ බව ස`දහන් කළේය.

පසුගිය මාර්තු මාසයේ කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ තිලංග සුමතිපාල මහතාට පෙර පැවති චෝදනාවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාවක් ලබා දී තිබිණි.

ඒ අනුව තිලංග සුමතිපාල මහතා ලබා දී ඇති පිළිතුරු පිළිබ`ද කිසිදු විරෝධතාවකින් තොරව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය විසින් ඒ මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයා ලෙස පිළිගෙන ඇත.

මේ අතර පසුගියදා ඩුබායිහි දී පැවති ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිල සැසිවාරයට විධායක කමිටු අධ්‍යක්ෂවරයෙක් ලෙස තිලංග සුමතිපාල මහතා සහභාගි වූ බව ද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ස`දහන් කරයි.


ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු අයි එස් සටන්කාමීන් විසින් ඝාතනය කරයි.


ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි කැනේඩියානු ජාතිකයෙකු ඉස්ලාමීය සටන්කාමීන් විසින් මරාදමා ඇතැයි වාර්තා වෙයි.

අබු සයාෆ් නම් සටන්කාමීන් විසින් ඝාතනය සිදු කර ඇති බව වාර්තා වෙයි.
ප‍්‍රාණ ඇපකරු පිලිපීනයේ දී මරා දමා තිබේ.

ඔහු වයස අවුරුදු 68 ක් වන කැනේඩියානු ජාතිකයෙකු බව ද සඳහන්ය.

සංචාරක නවාතැනක සිටිය දී ඉස්ලාමීය සටන්කාමීන් විසින් ඔහු පැහැර ගෙන තිබිණි.

ඔහු නිදහස් කිරීම සඳහා ඉල්ලා සිටි කප්පම් මුදල නිසි කාලය තුළ නොලැබීම හේතුවෙන් ඝාතනය සිදු කළ බව ඉස්ලාමීය සටන්කාමීන් ප‍්‍රකාශ කර තිබේ.


සිසිලියා කොතලාවල මහත්මිය අද යළි අධිකරණයට.


සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරි`ද, සිසිලියා කොතලාවල මහත්මිය අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.

ඒ අනුව ගොල්ඩන් කී මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අද සිදු කිරීමට නියමිතය.

රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි සිසිලියා කොතලාවල මහත්මිය අභියාචනාධිකරණයේ නියෝගයක් අනුව මාර්තු මස 31 වැනිදා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

ඒ අනුව රුපියල් ලක්‍ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දහය බැගින් වු ශරිර ඇප දෙකක් මත නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කරන ලදී. 

කෙසේ වෙතත් වැඩිදුර නඩු විභාගය අද දිනය දක්වා කල් තබනු ලැබීය.


ශී‍්‍ර ලංකාව තීරණාත්මක අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙවර කම්කරු දිනය උදා වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.


ශී‍්‍ර ලංකාව තීරණාත්මක අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය උදා වන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ස`දහන් කළේය.

හෙතෙම කියා සිටියේ රටේ ආර්ථිකය වර්ධන වේගය ශීඝ‍්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

බලයට පැමිණ කෙටි කාලයක් තුළ රටේ ආර්ථිකය බි`ද වැටීමට ලක් කළ ආණ්ඩුවක් මෙරට ඉතිහාසයේ නොතිබූ බව විමල් වීරවංශ මහතා කියා සිටියි.


ඉදිරි වසර කිහිපය තුළ රටේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව රජය කියයි.


නිසි වැඩපිළිවෙලක් සහිතව වත්මන් රජය කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව පියවරෙන් පියවර මෙරට ආර්ථිකය ශක්තිමත් කරමින් පවතින බව අමාත්‍යවරයා ස`දහන් කළේය.

අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වත්මන් රජයේ වසර පහක පාලන කාලය තුළ රටේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව හෙතෙම පැවසීය.

තම රජයට භාර ගැනීමට සිදුවූයේ රාජපක්ෂ රජයෙන් විනාශ කළ, බරපතල ආර්ථික අර්බුදයට ලක් කළ රටක් බව අකිල විරාජ් කාරියවසම් මහතා ස`දහන් කළේය.


අස්ගිරි මහවිහාර පාර්ශවයේ අනුනායක හිමි තෝරා පත් කර ගැනීම අද.


සියම් මහ නිකායේ අස්ගිරි මහවිහාර පාර්ශවයේ අනුනායක පදවිය ස`දහා සුදුසු ස්වාමීන් වහන්සේ නමක් තෝරා පත් කර ගැනීම අද සිදු කරයි. 

මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී පස්වරු 3 ට එය සිදු කිරීමට නියමිතය.

මේ ස`දහා අස්ගිරි මහවිහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාව රැස්වනු ඇත.

අනුනායක පදවිය ස`දහා අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සී ස්වාමීන් වහන්සේ සහ මහියංගණ රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ ඉදිරිපත්ව සිටිති. 

ජ්‍යෙෂ්ඨ අනුනායක ධුරය හෙබවූ අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරත්න ස්වාමීන් වහන්සේ මහනායක පදවියට පත් වීමෙන් අනතුරුව අස්ගිරි මහවිහාරීය අනුනායක පදවි දෙකෙන් එකක් පුරප්පාඩු විය.

ඒ අනුව පුරප්පාඩු වූ ජ්‍යෙෂ්ඨ අනුනායක පදවියට වෙ`ඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ පත්ව සිටිති.

අනෙක් අනුනායක ධුරය ස`දහා සුදුසු ස්වාමීන් වහන්සේ නමක් පත් කර ගැනීම අද සිදු කිරීමට නියමිතව ඇත.


Tuesday, April 26, 2016

සිය පුහුණුවීම් සැලසුම් කළ පරිදි අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පවසයි.


සිය පුහුණුවීම් සැලසුම් කළ පරිදි අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පවසයි.

පුහුණුවීම් අතරතුර තුවාල ලැබූ කෞෂාල් සිල්වාට කණ්ඩායමේ සියලූ ක‍්‍රීඩකයින් ඉක්මන් සුව ප‍්‍රාර්ථනා කරන බව එහි කළමනාකරු චරිත් සේනානායක මහතා ස`දහන් කළේය.

අනතුර හේතුවෙන් පුහුණුවිම් සැලසුම් වෙනස් නොකරන බව ද ඔහු පැවසීය.

එංගලන්ත සංචාරය වෙනුවෙන් ක‍්‍රීඩකයින් විසි දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ වනවිට නම් කර තිබේ.

ඔවුන් සහභාගි වන පුහුණු තරගයක් කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ දී අද ආරම්භ වීමට නියමිතයි.

මේ අතර කෞශාල් සිල්වාට එංගලන්ත සංචාරයට සහභාගි විය හැකි බවට බලාපොරොත්තු තැබිය හැකි බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ස`දහන් කළේය.


තුර්කි - සිරියානු දේශ සීමාවට අයි එස් ත‍්‍රස්ත සංවිධානයෙන් රොකට් ප‍්‍රහාර.



තුර්කි හා සිරියානු දේශ සීමාවේදී එල්ල වූ රෝකට් ප‍්‍රහාර වලින් පුද්ගලයෙකු මිය ගොස් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

අයි එස් ත‍්‍රස්තවාදීන් ප‍්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නිවාස කිහිපයකට මෙන්ම මුස්ලිම් දේවස්ථානයකට ද ප‍්‍රහාරයෙන් හානි සිදුව තිබේ.

පසුගිය සති කිහිපයේ දි අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් තුර්කි සිරියානු දේශ සීමාව ආසන්නයට රොකට් ප‍්‍රහාර කිහිපයක් එල්ල කර ඇත.

එම ප‍්‍රදේශයේ සිටින සරණාගතයින් ප‍්‍රහාර හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ඉදිරි වසර පහ තුල ජාති ආගම් බේදයකින් තොරව නිවාස ගැටළු විසදන බව ඇමති සජිත් පේ‍්‍රමදාස පවසයි.


ඉදිරි වසර පහ තුල ජාති ආගම් බේදයකින් තොරව නිවාස ප‍්‍රශ්නයෙන් පීඩා වි`දින පුද්ගලයින්ගේ ගැටළු විස`දන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. 

එමෙන්ම ඉදිරියේ දී ව්‍යාපතී රැසක් ආරම්භ කිරිමට ද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා ස`දහන් කළේය. 

මේ වනවිට ශ‍්‍රී ලංකාවේ උදා ගම්මාන 38 ක් ආරම්භ කර ඇති බව හෙතෙම කියා සිටි. 

අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වීරකැටිය ප‍්‍රදේශයේ පවුල් 650 කට නිවාස ආධාර ප‍්‍රදානය කිරිමේ උත්සවයට එක්වෙමිනි. 

එමෙන්ම මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ උදා ගම්මාන 10 ක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසිය. 


ෆෙඩරල් ක‍්‍රමයකට එකග නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියයි.


මෙරට ෆෙරඩරල් ක‍්‍රමයක් ඇති කිරිමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම එක`ග නොවන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

එය ව්‍යවස්ථාවට පටහැනි දෙයක් බව අමාත්‍යවරයා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ස`දහන් කළේය. 

මහින්ද සමරසිංහ මහතා මේ බව ස`දහන් කළේ මෙරට ෆෙරඩරල් ක‍්‍රමයක් ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ සම්මත කර ගෙන ඇති යෝජනාව පිළිබ`ද අදහස් දක්වමිනි. 

ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම ඉඩ නොදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ස`දහන් කළේය. 

මේ අතර උතුරු පළාත් සභා යෝජනාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්විය. 

නායක උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේ උතුරු පළාත් සභාව විසුරුවා හැර බලය ජනාධිපතිවරයාට යටතට ලබාගත යුතු බවයි. 

නැතහොත් උතුරේ ප‍්‍රධාන අමාත්‍ය සි වි විග්නේෂ්වරන් මහතා කැ`දවා ඔහුගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය.


ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙලට ජාත්‍යන්තරයේ ඉහළ සහයෝගය හිමිව ඇති බව ජනපති පවසයි.


ශ‍්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙලට ජාත්‍යන්තරයේ ඉහළ සහයෝගය හිමිව ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

ලෝක බලවතුන් හත් දෙනාගේ සමුළුවට ඉතිහාසයේ පළමු වරට ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයාට ආරාධනා ලැබුණේ ශ‍්‍රී ලංකාව දියුණු කිරිමට ඔවුන්ගේ අත හිත දීම වෙනුවෙන් බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය. 

එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබ`ද සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා එරට ප‍්‍රමුඛ පෙළේ ආයෝජකයින් පිරිසක් සම`ග ලබන මසදී ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව ද හෙතෙම පැවසිය. 

ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සහයෝගයන් පිළිබ`ද සොයා බැලීමට ඉරාන රජයෙන් ද කඩිනම් සංචාරයක් ස`දහා තමන්ට ආරාධනා ලැබී ඇති බව ජනාධිපතිවරයා කියා සිටි. 

රාජ්‍ය දේපළ සහ රාජ්‍ය වත්කම් අනිසි ලෙස භාවිතා කරමින් වංචා දුෂණ සිදු කිරිමට කිසිවෙකුට ඉඩක් ලබා නොදෙන අතර ඒ පිළිබ`ද පැමිණිලි ලැබුණහොත් තරා තිරම නොබලා නීතිය ක‍්‍රියාත්මක කරන බව ද මෛත‍්‍රිපාල සිරිසේන අවධාරණය කළේය. 

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ මැදිරිගිරිය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර සහ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.


Google Plus Facebook Twitter Delicious