Monday, April 11, 2016

මල්වතු පාර්ශව මහ සංඝ සභාව අද අස්ගිරි මහා විහාරයට.


ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහනාහිමියන්ට ආශිර්වාද කිරීම සඳහා මල්වතු මහනාහිමි ප්‍රමුඛ එම පාර්ශවයේ විංසත්වර්ගික කාරක සංඝ සභාව අද අස්ගිරි මහ විහාරයට වැඩම කරති.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඞරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය පෙරේදා මල්වතු මහ විහාරයට වැඩම කළහ.

එහි දී අභිනව මහ නාහිමි පත්කර ගැනීමේ පුවත මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාව වෙත දැනුම් දුන්නේය.

ඒ අනූව අද මල්වතු පාර්ශවයේ ස්වාමීන් වහන්සේ විසින් අභිනවයෙන් මහනාහිමි පදවියට පත් මහනාහිමියන් බැහැ දැකීමට නියමිතයි

මේ අතර අභිනව අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැකීම සඳහා ජනාධිපතිවරයා ද ඊයේ මහනුවර අස්ගිරි මහ විහාරයට ගියේය.

අභිනව මහනායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිවරයා සුභාශිංසන පිරිනැමීය.

අභිනව මහනායක ස්වාමීන් වහන්සේ විසින් මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

Google Plus Facebook Twitter Delicious