Wednesday, April 6, 2016

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් තීරණයක්.


පෞද්ගලික රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කටයුතු සඳහා සාධාරණ මිලක් නියම කිරීමට සෞඛ්‍යඅමාත්‍යංශය පියවර ගනියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේය.


හෙතෙම කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට තීරණය කර ඇති බවයි.


එම රෝහල් පරීක්ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් ද සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර තිබේ.

එම රෝහල්වල සිදු කරන රෝගී සත්කාරක සේවා නිවැරදි ආකාරයකට නියාමනය කර ගුණාත්මක සේවාවක් ලබා දීම අරමුණ වී ඇත.


රසායනාගාර පරීක්ෂණ 33 ක් සඳහා මේ වනවිට මිල නියම කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. 


මේ අතර පෞද්ගලික රෝහලක දී වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පරීක්ෂා කළ යුතු කාලය විනාඩි 10 ක් බව සෞඛ්‍ය  අමාත්‍යංශය දැනුම් දෙයි.


එමෙන්ම පෞද්ගලික රෝහල්වල රසායනාගාර පරීක්ෂණ කිහිපයක් සඳහා අධ්‍යයනයක් සිදුකර සාධාරණ මිලක් නියම කිරීමට ද අමාත්‍යංශය තීරණය කර තිබේ. 

සීටී ස්කෑන් පරීක්ෂණ, එක්ස් රේ පරීක්ෂණ ඊට ඇතුළත් බව සඳහන්ය.

Google Plus Facebook Twitter Delicious