Wednesday, April 6, 2016

ලෝක ශූරතා ලීග් හොකි තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක අද සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතයි.


ලෝක ශූරතා ලීග් හොකි තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙක අද සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතයි. 


ලබන 9 වැනිදා සිට 17 වැනිදා දක්වා සිංගප්පුරුවේ දී තරගාවලිය පැවැත්වෙයි. 


එහි පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා රටවල් දෙකට ලෝක ශූරතා තරගාවලියේ දෙවැනි කොටසට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවෙයි. 


තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකටම ඇතුළත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය දා ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.


පිරිමි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සත්කාරක සිංගප්පුරුව, මියන්මාරය, චීනය, හොංකොං, බෲනායි, වියට්නාමය, කසකස්තානය සහ තායිලන්තය යන රටවල් නවය සහභාගි වෙයි. 


කාන්තා තරගාවලියේ දී කසකස්තානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, බෲනායි සහ කාම්බෝජය යන රටවල් හත තරග වදියි. 


ශ්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායමේ නායකයා ලෙස නලන්ත ද සිල්වා කටයුතු කරන අතර මධාරා ධර්මරත්න ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ නායිකාව  ලෙස කටයුතු කරන්නීය. 


අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ජී ජී ධර්මරත්න මහතා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරති. 

Google Plus Facebook Twitter Delicious