Monday, April 4, 2016

2016 පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වෙයි.

2016 පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් වෙයි.


ඊයේ රාත‍්‍රියේ පැවති අවසන් මහා තරගයේ දී එංගලන්තය පරදා කඩුලූ හතරක තියුණු ජයක් ලැබීමට ඔවුන්ට හැකි විය.


පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තේය.


එංගලන්ත ඉණිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 54 ක් රැස් කළේය.


පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයෝ පන්දුවාර 19 යි පන්දු 4 ක දී කඩුලූ හයක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත් වූහ.


බොෙහෝ කෙදෙව් ක‍්‍රීඩකයින් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දි ආරක්ෂාකාරී පිති හරඹයක නිරත වෙමින් කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගිය මාලන් සැමුවෙල් නොදැවී ලකුණු 85 ක් ලබා ගත්තේය.


මේ අතර ඊයේ පැවති පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ජය ද තමන් සතු කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් විය.


ඔවුන් තරග වැදුනේ  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිවයි.


Google Plus Facebook Twitter Delicious