Wednesday, April 6, 2016

බෝ නොවන රෝග "යුගයේ අභියෝගය" වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.


වර්තමානයේ බෝ නොවන රෝග "යුගයේ අභියෝගය" වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


ඒ අතරින් දියවැඩියාව ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම ශීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.


හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


දියවැඩියා රෝගය වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී අදහස් දැක්වීය.
හෙතෙම සඳහන් කළේ ඒ සඳහා ශරීර ස්කන්ධ දර්ශකය මනාව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි. 


ඊට අමතරව සමබර ආහාර වේලක් ලබා ගැනීම ද වැදගත් බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දෙයි.


වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ව්‍යායාම්වල නිරත වීම තුළින් ද දියවැඩියා රෝගය වළක්වා ගත හැකි බවයි. 

Google Plus Facebook Twitter Delicious