Thursday, April 7, 2016

ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියේ 12 දෙනෙකුට චෝදනා පත්‍ර.


ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දොළොස් දෙනෙකුට චෝදනා පත්‍ර ගොනුකර ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.


ලේකම් ආර්යදාස කුරේ මහතා සඳහන් කළේ ඇඹිලිපිටිය පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව මෙම චෝදනා පත්‍ර ගොනු කර ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ කමිටුව විසින් එම චෝදනා පත්‍ර සකස් කර තිබේ.


ඒ පිළිබඳ ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් අද දිනයේ රැස්වන ජාතික පොලිස් කොමිසම තීරණය කරනු ඇති බව ද ආරියදාස කුරේ මහතා සඳහන් කළේය.


පසුගිය දා පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න තරුණයා ජීවිතක්ෂයට පත් විය. එම සිද්ධියට අදාළ නඩුව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් විභාග වෙයි.

Google Plus Facebook Twitter Delicious