Friday, May 20, 2016

42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග ලබන ජූලි මාසයේ කුලියාපිටියේ දී පැවැත්වීමට තීරණය කරයි.


42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් සහ පාපැදි තරග ලබන ජූලි මාසයේ කුලියාපිටියේ දී පැවැත්වීමට තීරණය කරයි.

කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස් රුවන්චන්ද්‍ර මහතා මේ බව ස`දහන් කළේය.

42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල කී‍්‍රඩා 32 කින් සමන්විතයි.

මැරතන් සහ පාපැදි තරග ජූලි මස 09 වැනිදා පැවැත්වෙන අතර පාපැදි තරග රේසින් සහ ස්ටෑන්ඩඞ් දෙඅංශයෙන් කි‍්‍රයාත්මකය.

ඇවිදීමේ තරග ජූලි මස 02 වැනි දා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල කී‍්‍රඩා අමාත්‍යංශය විසින් මෙහෙයවනු ලබයි.


අනතුරට ලක් වූ ඊජිප්තු ගුවන් යානයේ සුන්බුන් කිහිපයක් හමු වෙයි.


අනතුරට ලක් වූ ඊජිප්තු ගුවන් යානයේ සුන්බුන් කිහිපයක් හමු වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මධ්‍යධරණී මුහුදු කලාපයේ තිබී සුන්බුන් හමු වූ බවයි.

පුද්ගලයින් හැට නව දෙනෙකු සම`ග පැරීසියේ සිට කයිරෝ නුවර බලා පියසර කළ "එයාර් බස්" වර්ගයේ ඊජිප්තු ගුවන් යානය ඊයේ අතුරුදන් විය.

කෙසේ වෙතත් යානය මධ්‍යධරණී මුහුදට කඩා වැටී ඇති බවට ප‍්‍රංශ රජය නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කර තිබේ.

යානය අතුරුදන් වනවිට එහි මගීන් පනස්නව දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දස දෙනෙකු ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගී‍්‍රක සහ ඊජිප්තු ආරක්ෂක හමුදා එක්ව යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව ස`දහන්ය.


අවතැන් කඳවුරුවල ජනතාවට සෞඛ්‍ය පහසුකම් සැලසීමට ජංගම කණ්ඩායම්.


අවතැන්වු කඳවුරුවල සිටින ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාදීම ස`දහා ජංගම කණ්ඩායම් පත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 

ඔවුන් දිනපතා එම කඳවුරුවලට ගොස් පරික්‍ෂා සිදුකර ප‍්‍රතිකාර ලබාදීම් සිදුකරන බව හෙතෙම ස`දහන් කළේය. 

ඒ මහතා මේ බව ස`දහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

දිවයිනේ සියළු රෝහල් ආපදාවන්ට ලක්වුන්ට ප‍්‍රතිකාර ලබාදීම ස`දහා සුදානම් කර ඇති බව වෛද්‍ය පාලිත මහීපාල මහතා ස`දහන් කළේය. 


ජල ගැලීම්වලින් විපතට පත්වුවන් සඳහා කොටස් තුනක් යටතේ ක‍්‍රියා කිරිමට සුදානම් බව ජනපති පවසයි.


ජල ගැලීම්වලින් විපතට සහ පීඩාවට පත්වු ජනතාවට රජයේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

පවතින තත්ත්වයන්ට මුහුණ දීම ස`දහා ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, ප‍්‍රාදේශිය ලේකම්වරුන් සහ දිස්ත‍්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරින් සිදුකරන කැපවීම සහ සේවය අගය කරන බව ජනාධිපතිවරයා ස`දහන් කළේය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව ස`දහන් කළේ අයහපත් කාලගුණික තත්ත්වයන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡුාවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා ස`දහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වු ජනතාව වෙනුවෙන් රජය කොටස් තුනකින් ක‍්‍රියා කිරිමට අපේක්‍ෂා කරන බවයි. 


රංගිරි දඹුලු රජමහා විහාරස්ථ මහ පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කරයි.


රංගිරි දඹුලු රජමහා විහාරස්ථ මහ පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කරයි.
මෙවර පෙරහැර පැවැත්වෙන්නේ 20 වැනි වරටයි.

රංගිරි දඹුළු රජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත අතිපූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගලාභිධාන මහනායක ස්වාමීන් වහන්සේ අතින් මංගල හස්ති රාජයා මත සධාතුක කර`ඩුව තැන්පත් කිරීමෙන් පෙරහර කටයුතු ආරම්භ වේ.

රාත‍්‍රී හතයි තිහට ඇරඹෙන පෙරහැර රංගිරි දඹුළු පූජා භූමියේ වීථි සංචාරය කිරීමට කටයුතු යොදා තිබේ.

අලි ඇතුන් හා උඩරට පහතරට මෙන්ම සබරගමු නර්තනාංග ඇතුළු සංස්කෘතිකාංග රැසකින් පෙරහැර සමලංකෘතය.

රංගිරි දඹුළු පෙරහැර රාත‍්‍රී හතයි තිහේ සිට රංගිරි ශ‍්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ සහ රංගිරි ශී‍්‍ර ලංකා ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විසුරුවා හැරීමට ද කටයුතු සංවිධාන කර තිබේ.


රංගිරි දඹුලූ උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් සිදුකරන කිරිපිඬු දානය අද පෙරවරුවේ.


රංගිරි දඹුලූ උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ 16 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කරන කිරිපිඬු පුජාව අද පැවැත්වෙයි.

බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අභියසදී පෙරවරු 9 යි 30 ට එය පැවැත්වීමට නියමිතය.

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අධ්‍යක්‍ෂ ජනරාල්, සියම් මහ නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගලාභාධාන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කරයි.

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලය හා රංගිරි දඹුලූ රජමහා විහාරස්ථ දායක සභාව ද මේ ස`දහා සහභාගීවෙයි.

රංගිරි ශ‍්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ සජීවීව එය විකාශය කිරීමට සියලූ කටයුතු යොදා තිබේ.


Thursday, May 19, 2016

ශ‍්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද.


ශ‍්‍රී ලංකාව හා එංගලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙයි.

එංගලන්තයේ හෙඩින්ග් ක‍්‍රීඩංගණයේ දී පස්වරු 2 යි 30 ට එය ආරම්භ කිරීමට නියමිතය.

2014 වර්ෂයේ පැවති තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 100 ක ජයග‍්‍රහණයක් ලැබීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලින් හත්වැනි ස්ථානය දක්වා පහත බැස ඇති ශ‍්‍රී ලංකාවට අද තරගය වැදගත් වනු ඇත.


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අවධානය.


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අවධානය යොමු වෙයි.

ඒ සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග සාකච්ඡුා කිරිමට සූදානම් බව ද හෙතෙම ස`දහන් කළේය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියානු නායකයා සමග සාකච්ඡුා කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවයි.

හෙතෙම ඒ බව ස`දහන් කළේ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

උතුරු කොරියාව සමග සාකච්ඡුා කිරීම තුළින් ඉතා යහපත් ප‍්‍රතිඵල හිමිවනු ඇති බව ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම කියා සිටියේ එක් සාකච්ඡුාවකින් හෝ එක් දුරකතන ඇමතුමකින් උතුරු කොරියාව සමග නිසි එක`ගතාවකට පැමිණිය හැකි බවයි.


හිටපු ජනපතිගේ උගන්ඩා සංචාරයට මුදල් ලබාදීම පිළිබ`ද රජයෙන් පැහැදිලි කිරීමක්.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උගන්ඩා සංචාරයට රජයෙන් මුදල් ලබා දීම පිළිබ`ද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැහැදිලි කිරීමක් සිදු කරයි.

ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් මේ පිළිබ`ද අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළේය.

එහි දී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ස`දහන් කළේ පළිගැනීම් කිසිවක් නොමැති බැවින් හිටපු ජනාධිපතිවරයාට එවැනි සහයක් ලබා දුන් බවයි.

කෙසේ වෙතත් ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් නිශ්චිත ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ද අමාත්‍යවරයා ස`දහන් කළේය.


අරණායක නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා අදත් මෙහෙයුම්.


කෑගල්ල අරණායක සාමසර කන්ද නායයාමෙන් අතුරුදන් වූ පුද්ගලයින් සොයා අද දිනයේත් මෙහෙයුම් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

යුද හමුදාව, පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඊයේ දිනට මෙහෙයුම් කටයුතු අත්හිටුවන විට මියගිය 17 දෙනෙකුගේ සිරුරු හමුව තිබිණි.

මෙහෙයුම් කටයුතු භාර යුද හමුදාවේ බස්නාහිර ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා ස`දහන් කළේ නායයාමෙන් පුද්ගලයින් 120 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවට වාර්තා වී ඇති බවයි.

නිවාස 66 ක් පමණ නායයාමෙන් විනාශ වී ඇත.

යුද හමුදාවේ මෙහෙයුම් කටයුතුවලට ද වරින් වර අයහපත් කාලගුණයේ බලපෑම් එල්ල වී තිබේ.

හමුදා සාමාජිකයින් 450 කට අධික පිරිසක් මෙහෙයුම්වලට එක්ව සිටිති.

නායයෑමේ බලපෑමට ලක් වූ ප‍්‍රදේශයේ පවුල් 300 කට අයත් පුද්ගලයින් 1047 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන 04 ක ර`දවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස`දහන් කළේය.


කාලගුණය තවදුරටත් අයහපත් - පුද්ගල මරණ 38 ක් - ලක්ෂ හතරක් පීඩාවට.


දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ලක්ෂ හතරක පමණ ජනතාවක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ස`දහන් කළේ පුද්ගල මරණ තිස් අටක් පමණ වාර්තා වන බවයි.

දෙලක්ෂ අනූහය දහසකට වැඩි පිරිසක් තාවකාලික සහන මධ්‍යස්ථානවල රැ`දී සිටිති.

පීඩාවට පත්  වැඩි පිරිස කොළඹ දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් බව ද ඔහු ස`දහන් කළේය.

මේ අතර මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුරය, කෑගල්ල හා කළුතර දිස්ත‍්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇ`ගවීම තවදුරටත් ක‍්‍රියාත්මකය.

දිවයින ආශ‍්‍රිත වායුගෝලයේ පැවති පීඩන අවපාතය මේ වනවිට කන්කසන්තුරේට කිලෝ මීටර් 400 ක් පමණ උතුරින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය දිවයිනෙන් එපිටට ගමන් කරමින් පවතින බැවින් වැසි සහිත කාලගුණයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බව දෙපාර්තමේන්තුව ස`දහන් කරයි.

කෙසේ වෙතත් දිවයින සහ අවට මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව ඉදිරි දින කිහිපයේදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස`දහන් කර තිබේ.


රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සංවත්සරයට සමගාමී ප‍්‍රජා සත්කාරක සේවාවන් අද.


රංගිරි ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ නව වැනි සංවත්සරය හා රංගිරි ශ‍්‍රී ලංකා රූපවාහිනියේ සිව්වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කරන ප‍්‍රජාසත්කාරක වැඩසටහන් අද පැවැත්වෙයි.

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාල පරිශ‍්‍රයේ දී පෙරවරු නවයේ සිට පස්වරු 03 දක්වා වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ලේ දන්දීමේ පිංකමක්, ආයුර්වේද වෛද්‍ය සායනයක් හා ඇස් කණ්නාඞ් බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

එයට අමතරව කිරි ගවයින්ට අභය දානය ලබා දීමේ පිංකමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ අතර රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයට සෙත් පතා සංවිධාන කරන විශේෂ ආශිර්වාද බෝධි පූජාව ද පස්වරුවේ රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතය.

රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සංවත්සරය වෙසක් පොහෝ දිනට පෙර දින යෙදී ඇත.

ඒ වෙනුවෙන් වාර්ෂිකව මෙම ප‍්‍රජාසත්කාරක සේවාවන් සංවිධාන කරනු ලබයි.

අධ්‍යක්‍ෂ ජනරාල්, සියම් මහ නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ඉනාමළුවේ ශ‍්‍රී සුමංගලාභාධාන නායක ස්වාමීන් වහන්සේගේ හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය පූජ්‍ය දානියගම ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කරයි.

මෙම ප‍්‍රජා සත්කාරක වැඩසටහන්වලට සහභාගී වී නොමිලයේ ලබා දෙන සේවාවන් ලබා ගන්නා ලෙස ප‍්‍රදේශවාසී ජනතාවට රංගිරි ශ‍්‍රී ලංකා මාධ්‍ය ජාලයේ අපි ඇරයුම් කරමු.


Wednesday, May 18, 2016

ශ‍්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායමට ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරග අනිද්දා සිදු නොකරන බව දැල්පන්දු සංගමය පවසයි.


ශ‍්‍රී ලංකා දැල්පන්දු ජාතික කණ්ඩායමට ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ තරග අනිද්දා සිදු නොකරන බව දැල්පන්දු සංගමය පවසයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එහෙත් ලබන 24 සහ 25 දිනවල ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලීය ගෘහස්ත ක‍්‍රීඩාංගණයේ දී තේරීම් තරග පැවැත්වීමට නියමිතය. 

පෙරවරු නවයට තරග ආරම්භ වෙයි.

මේ ස`දහා දැල්පන්දු ක‍්‍රීඩාවට දක්ෂතා දක්වන ක‍්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි බව ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනි යසා රාමචන්ද්‍ර මහත්මිය ස`දහන් කළාය.


උතුරු කොරියාවට නව විදේශ අමාත්‍යවරයෙක්.


උතුරු කොරියාවේ නව විදේශ අමාත්‍යවරයා ලෙස රියොන් කෝ පත් කරයි. 

ඔහු න්‍යෂ්ටික විශේෂඥයෙකු බව ද  විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කළේය. 

වෘත්තිය රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරියෙකු ලෙස ද රියොන්කෝ සේවය කරන බව උතුරු කොරියාව නිවේදනය කරයි. 

කෙසේ වෙතත් ඔහුගේ නව පත් කිරීම දැඩි අවදානම් සහගත තත්ත්වයක් බව දේශපාලන විචාරකයින් පවසයි. 

උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීම ඉලක්ක කර ගනිමින් නව විදේශ අමාත්‍යවරයා රියොන් කෝ පත්කර ඇතැයි ඇතැමුන් චෝදනා කරයි. 


හත්වැනි විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ දී.


හත්වැනි විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය අද බත්තරමුල්ල පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරුවේ එය පැවැත්වීමට නියමිතය.

ඒ ස`දහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද සහභාගි වීමට නියමිතව ඇත.

මීට අමතරව පාර්ලිමේන්තු නියෝජිතයින්, හමුදාපතිවරුන්, ත‍්‍රිවිත හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ ද මේ ස`දහා සහභාගි වෙති.

නිදහස් චතුරස‍්‍රයේ දී අද සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වෙයි.   

මේ අතර නාඋල - අරංගල දී විශේෂ රණවිරු උපහාර උත්සවයක් අද පැවැත්වෙයි.

මාතලේ - නාඋල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ යුද්ධයෙන් මියගිය හා අතුරුදන් වූ රණවිරුවන් ඇගයීම හා එම පවුල්වල සාමාජිකයින්ට උපහාර පිදීම ස`දහා එය සංවිධාන කර තිබේ.

පෙරවරු නවයේ සිට පස්වරු 1 දක්වා උපහාර උත්සවය පැවැත්වෙයි.

‘‘ රණවිරු උත්තමාචාර - 2016 ’’ වැඩසටහන නාඋල අරංගල රණවිරුවන් ඇගයීමේ තරුණ සංසදය මගින් වැඩසටහන් සංවිධාන කර තිබේ. 


අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් රැසක පාසල් වසා දමයි.


අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතේ පාසල් දින නියමයකින් තොරව වසා තැබීමට පියවර ගනියි.    

පළාත් අධ්‍යාපන අමාත්‍ය භානු මුනිපි‍්‍රය මහතාගේ නියෝගයකට අනුව සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් තීරණය ගෙන ඇත.

ඊට අමතරව වයඹ පළාතේ ද සියලූ පාසල් අද දිනයේ වසා තැබීමට පියවර ගෙන තිබේ.

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ස`දහන් කළේ අද පවතින කාලගුණික තත්ත්වය සලකා බලා හෙට පාසල් විවෘත කරන්නේ ද යන්න තීරණය කරන බවයි.

මහනුවර ධර්මරාජ විද්‍යාලය ද අද සහ හෙට වසා තැබීමට පියවර ගත් බව විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා ස`දහන් කළේය.

එමෙන්ම මහනුවර ගෝතමී බාලිකා විද්‍යාලය සහ මහමායා බාලිකා විද්‍යාලය ද අයහපත් කාලගුණය හේතුවෙන් අද දිනයේ වසා තැබීමට පියවර ගෙන ඇත.   


වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවෙයි - පළාත් රැසක ජනතාව පීඩාවට.



මාවනැල්ල අරණායක සාමසර කන්ද නායයාමෙන් එළ`ගපිටිය, පල්ලෙබාගේ සහ ශී‍්‍ර පුර ප‍්‍රදේශවල පුද්ගලයෝ  450 ක් පමණ අවතැන්ව සිටිති.    

මෙම ප‍්‍රදේශයේ පවුල් 190 කට වැඩි සංඛ්‍යාවක් පදිංචි වී සිටි බව අප වාර්තාකරු ස`දහන් කරයි.

අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු ඊයේ රාති‍්‍රයේ සිට සිදු වෙයි.

මේ වනවිට තුවාල ලැබූවන් 16 දෙනෙකු සොයාගෙන තිබේ.

ඔවුන්ගෙන් 14 දෙනෙක් අරණායක රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදෙනෙක් මාවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබති. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසිය එක්ව විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි.

මේ අතර රුවන්වැල්ල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාමසේවා වසම් 17 කට අයත් පවුල් 797 ක පුද්ගලයෝ 2553 දෙනෙක් අවතැන්ව සිටිති.     

ඔවුන් මේ වනවිට අවතැන් ක`දවුරු දෙකක ර`දවා ඇතැයි වාර්තා වෙයි.

ගලපිටමඩ, ඉ`දුරාන, ගෝනගල සහ ලෙවන්ගම උතුර ප‍්‍රදේශයේ පස් ක`දු කඩා වැටීමෙන් පවුල් 04 ක් අවතැන්ව සිටිති.  

නායයාමේ අවදානම හේතුවෙන් වැන්දල ග‍්‍රාම නිලධාරී වසමේ පවුල් 30 ක් සහ පල්ලේ කණුගල ග‍්‍රාම නිලධාරි වසමේ පවුල් 03 ක් අවදානම් තත්ත්වයේ පවතින බව නිවේදනය කර තිබේ.       

අප වාර්තාකරු කියා සිටියේ වැන්දල ග‍්‍රාම නිලධාරී වසමේ එක් නිවසක් නායයාමට ලක්ව ඇති බවයි.

වර්ෂාව හේතුවෙන් කලූතර දිස්ති‍්‍රක්කයේ පවුල් 870 කට අයත් පුද්ගලයෝ 3355 ක් විපතට පත්ව සිටිති.

නිවාස 18 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස ගණන 200 කි.
අවතැන්වූවන් මිල්ලනිය, පානදුර හා හොරණ ප‍්‍රදේශවල ක`දවුරුවල තාවකාලිකව ර`දවා ඇත. 

දිස්ති‍්‍රක් ලේකම් යූ. ඞී. සී ජයලාල් මහතාගේ උපදෙස් පරිදි විපතට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු කි‍්‍රයාත්මකය.  


ථෙරවාදී බුදුදහම සමීප කර ගැනීමෙන්, වාණිජකරණයෙන් පරිහානියට පත්වූ සමාජය සුවපත් කළ හැකි බව ජනපති පවසයි.

වාණිජ ලෝකය සම`ග පරිහානියට පත්ව ඇති සමාජය සුවපත් කිරීම ස`දහා එකම විස`දුම වන්නේ ථෙරවාදී බුදුදහම සහ බෞද්ධ දර්ශනය සමීප කර ගැනීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අභිනව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥානරතන ස්වාමීන් වහන්සේ සහ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ශී‍්‍ර ධම්මදස්සී ස්වාමීන් වහන්සේට ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණි.

මහනුවර ශී‍්‍ර දළ`දා මාළිගා පරිශ‍්‍රයේ ඓතිහාසික ම`ගුල් ම`ඩුවේ දී එය සිදු කෙරිණ.

එම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.


Tuesday, May 17, 2016

එංගලන්ත - ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අනිද්දා ලීඞ්ස්හි දී ආරම්භ වෙයි.


එංගලන්ත - ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අනිද්දා ලීඞ්ස්හි දී ආරම්භ වෙයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද් මෙම ක‍්‍රිකට් තරගයෙන් ඉවත් කර තිබේ.

ඔහුගේ උරහිසේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් ඉවත් කර ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆොර්ඞ් ස`දහන් කළේ ධම්මික ප‍්‍රසාද් තවදුරටත් ඒ ස`දහා ප‍්‍රතිකාර ලබා ගන්නා බැවින් දෙවන ටෙස්ට් තරගය ස`දහා එක්ක ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එංගලන්ත එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම සමග පැවති තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගයේ දී ධම්මික ප‍්‍රසාද් මෙලෙස ආබාධයට ලක් විය.


කොළොම්බියාවේ දී කොකේන් ටොන් 08 ක් අත්අඩංගුවට.


කොළොම්බියාවේ ටර්බෝ නගරයේ දී කොකේන් ටොන් 08 සොයාගෙන තිබේ.

කොලොම්බියානු ආරක්ෂක අංශ ස`දහන් කළේ එරට මෙතෙක් හමුවු විශාලතම කොකේන් ප‍්‍රමානය මෙය බවයි.

කෙසේල් වගාවක් තුළ තිබිය දී කොකේන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොලොම්බියානු පොලිසිය ස`දහන් කළේ කොකේන් මද්‍රව්‍ය තොගය උසුගා මත්ද්‍රව්‍ය ජාවාරම කල්ලියට අයත් බවට සැක පවතින බවයි.


නව රජය ආර්ථික විද්‍යාවට නුසුදුසු තීන්දු තීරණ ගැනීමෙන් රට ණය උගුලකට හසුවී ඇති බවට චෝදනා.


පැවති රජයේ පාලකයින් විසින් ලබාගත් ණය පියවීම ස`දහා බදුපැනවීමට සිදුවු බවට නව රජය සිදුකරන ප‍්‍රකාශ පිළිගත නොහැකි පිවිතුරු හෙළ උරුමය පවසයි. 

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එහි නායක උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. 

රජයකට ලබා ණය ලබාගත හැක්කේ පාර්ලිමේන්තුව අනුමත කළ ණය සීමාවන්ට අනුව පමණක් බව හෙමෙතෙම අවධාරණය කරයි. 

රජයට ණය ලබා ගත හැක්කේ ණය සම්බන්ධයෙන් මහ බැංකු වාර්තාව ම`ගින් පාර්ලිමේන්තුව දැනුවත් කරන බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය. 

ඒ අනුව පැවති රජය එවකට ලබාගත් ණය සම්බන්ධයෙන් නව රජයේ අග‍්‍රමත්‍යවරයා සහ අමාත්‍යවරුන් දැන සිටි බවයි. 

රට ණය උගුලකට හසුවී ඇත්තේ නව රජය පසුගිය වසර තුළ ආර්ථික විද්‍යාවට නුසුදුසු තීන්දු තීරණ ගැනීම හේතුවෙන් බව උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. 


විපතට පත්වන්නන්ට සහන සැලසීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානමින්.

වැසි සහිත කාලගුණයෙන් විපතට පත්වන්නන්ට සෞඛ්‍ය සහන සැලසීම ස`දහා පැය 24 පුරා විශේෂ සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ස`දහන් කළේය. 

ඒ අනුව සියලූ රෝහල් හදිසි ප‍්‍රතිකාර ස`දහා සුදානම් කර තිබේ.

මේ දිනවල සියළු ජනතාව ජලය උණුකර නිවා පානය කළ යුතු බව ද පළතරු වැනි ආහාර වර්ග ආහාරයට ගැනීමට පෙර හො`දින් පිරිසිදු කර ගත යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. 


පීඩාවට පත් ජනතාවට ජනපති උපදෙසින් කඩිනමින් සහන.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අදාළ නිළධාරින්ට උපදෙස් දෙයි. 

ජනතාවට අවශ්‍ය ආහාර හා අනෙකුත් පහසුකම් ලබාදිම වෙනුවෙන් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන ලෙසට ද අදාළ අංශ දැනුවත් කර තිබේ. 

අයහපත් කාලගුණය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සහ ඒ පිළිබ`ද සොයා බැලීම ස`දහා විශේෂ සාකච්ඡුාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් පී බී අබේකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 

සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් ආපදා කළමණාකරණ අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු ත‍්‍රිවිධ හමුදා ප‍්‍රධානීන්ට සහ පොලිස්පතිවරයාට නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. 

දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබ`ද ජනතාව දැනුවත් කිරිම ස`දහා විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් ක‍්‍රියාවට නංවන ලෙසත් ජනාධිපතිවරයා උදෙස් දී තිබේ. 


අයහපත් කාලගුණයෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා.


දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 14 ක ජනතාවට බරපතල හානි සිදුව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ස`දහන් කරයි. 

නායයාම්, ජල ගැලීම්, පස් ක`දු කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හා ජිවිත හානි රැසක් ද වාර්තා වී තිබේ. 

මේ අතර අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන ජලාශ රැුසක වාන් මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

 පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ ස්ථාන රැුසකට ගස් කඩා වැටීම හේතුවෙන් ඊයේ රාත‍්‍රියේ ගමනා ගමනයට බාධා එල්ලවු අතර කලාවැවේ වාරි ජලය ද අඩි නවය බැගින් මුදා හල බව වාරි ඉංජිනේරු එච් එම් හේරත් මහතා ස`දහන් කළේය. 

තප්පරයට ඝන අඩි හැට දහස බැගින් කලාවැවේ ජලය මුදාහැරෙන අතර පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙස හෙතෙම ඉල්ලා සිටි. 

මේ අතර අනුරාධපුර- තලාව හා තඹුත්තේගම අතර බෙල්ලන්කඩවල ප‍්‍රදේශයේ දුම්රිය මාර්ගය ජල පහරට හසුවී සෝදා පාලූවට ලක්වීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට ඇති බව දුම්රිය පාලක මැදිරිය ස`දහන් කරයි. 

යාපනය හා මන්නාරම සිට කොළඹ කොටුව දක්වාත් - කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය කල රාත‍්‍රි  තැපැල් දුම්රිය තලාව හා තඹුත්තේගම දුම්රිය ස්ථාන අතර නතර කර ඇති බව ද පාලක මැදිරිය ස`දහන් කළේය. 

එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරිමට කටයුතු කරන බව ද දුම්රිය පාලක මැදිරියේ ප‍්‍රකාශකයෙකු පැවසිය. 

මල්වතු ඔට පිටාර ගැලීමෙන් අනුරාධපුර දුම්රිය ස්ථානයට නුදුරෙන් පිහිටි මල්වතු ඔය පටුමග ප‍්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවී නිවාස දහයකට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී ඇත.


කලාඔය පිටාර ගැලීමෙන් රාජාංගණය යාය නවය ප‍්‍රදේශයේ නිවාස 22 ක් ජල ගැල්මට හසුවී තිබේ. 

මේ අතර කුරණෑගල දිස්ත‍්‍රික්කයේ ඊයේ පැවති ආපදා තත්ත්වය තවදුරටත් පවතින බව අප වාර්තාකරු ස`දහන් කරයි. 

පුද්ලයින් හාරසියයකට අධික ප‍්‍රමාණයක් අවතැන්වී ඇති  අතර මාර්ග රැසක් මේ වනවිටත් වසා දමා ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය. 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ස`දහන් කළේ අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවත්ව ගමන් කරමින් පවතින බවයි.

නමුත් සුළං තත්ත්වය තවදුරටත් දින කිහිපයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස`දහන් කරයි. 


Monday, May 16, 2016

ජාතික කණිෂ්ඨ මළල ක‍්‍රීඩා උළලේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ගේ‍්‍රෂන් ධනංජය විශේෂ ශූරතා කුසලානය හිමිකර ගනියි.


ජාතික කණිෂ්ඨ මළල ක‍්‍රීඩා උළලේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ගේ‍්‍රෂන් ධනංජය විශේෂ ශූරතා කුසලානය හිමිකර ගනියි.

ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය මෙහෙය වූ ක‍්‍රීඩා උළෙල වයස් සීමා හතරක් යටතේ දින හතරක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ඊයේ පස්වරුවේ එය නිමාවට පත් වූ අතර එහි දී නව තරග වාර්තා 16 ක් බිහි විය.

අවුරුදු විස්සෙන් පහළ බාලක තුම්පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කළ ගේ‍්‍රෂන් ධනංජය සමස්ත ක‍්‍රීඩා උළලේ අතිශූර ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

මේ අතර 16 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස කෑගල්ල ශාන්ත ජෝශප් වාස් බාලිකාවේ පියුමිනී විජේසූරිය ද, 18 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස වළල රත්නායක මහ විදුහලේ මහේෂි කුමාරසිංහ ද තේරීපත් වූහ.

20 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව බවට පත්වූයේ වෙන්නප්පුව ශූද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලයේ හෂිනි බාලසූරියයි.

23 න් පහළ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස යුද හමුදාවේ විදූෂා ලක්ෂාණි සම්මාන ලැබීය.
මේ අතර 16 න් පහල වයස් කාණ්ඩයේ දක්ෂතම ක‍්‍රීඩකයා බවට පත්වූයේ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ශාලික වීරසිංහයි.

18 න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ එස් පී ඒ දර්ශන තේරී පත්විය.

20 න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගේ‍්‍රෂන් ධනංජය ද 23 න් පහළ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ගුවන් හමුදාවේ අමිල තුෂාර ද සම්මාන ලැබීය.


නිෂ්පාදන කටයුතු නවතා ඇති වෙනිසියුලාවේ කර්මාන්තශාලා රජයට පවරා ගන්නැයි නියෝග.


නිෂ්පාදන කටයුතු නවතා ඇති කර්මාන්ත ශාලා රජයට පවරා ගන්නා ලෙස වෙනිසියුලානු ජනාධිපතිවරයා නියෝග කරයි.

එවැනි කර්මාන්තශාලාවල හිමිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ද ජනාධිපති නිකොලොස් මදුරෝ නියෝග කර තිබේ.

වෙනිසියුලාවේ යළි මැතිවරණයක් පවත්වන්නැයි බල කරමින් එරට විපක්ෂ ක‍්‍රියාකාරීන් උද්ඝෝෂණයක නිරත වෙයි.

ඔවුන් අවධාරණය කර ඇත්තේ වෙනිසියාලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ධුරයෙන් පහ කළ යුතු බවයි.

ජනාධිපතිවරයා විසින් හ`දුන්වා දී ඇති හදිසි නීතිය පිළිබ`ද නව පනතට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වෙති.

ඒ ස`දහා එරට නිෂ්පාදකයින්ගේ ද සහය හිමිව ඇති විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කරයි.
වෙනිසියුලානු ජනාධිපතිවරයා මීට පෙර කර්මාන්ත හිමියන්ට අනතුරු ඇ`ගවීමක් ද සිදු කර තිබිණි.

ඔහු ස`දහන් කළේ කර්මාන්ත වසා දැමීම හේතුවෙන් රටෙහි දැනට පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග‍්‍ර විය හැකි බවයි.

නිෂ්පාදන කටයුතු නවතා ඇති කර්මාන්ත ශාලා රජයට පවරා ගන්නා ලෙස ඔහු විසින් නියෝග කර ඇත්තේ ඒ අනුවයි.


හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන අද බරපතල වංචා දූෂණ විමර්ශන කොමිස හමුවට.


හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට අද බරපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි.

කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම ස`දහා හිටපු අමාත්‍යවරයා කැ`දවා තිබේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විෂයභාර අමාත්‍යවරයාව සිටි සමයේ සිදු කරන ලද හම්බන්තොට වරායට ජලය පිරවීම හා වරාය විවෘත කිරීමේ උත්සවය සම්බන්ධයෙන් කොමිසම පරීක්ෂණ සිදු කරයි.

එයට අදාළව ප‍්‍රකාශ ලබාදීම ස`දහා මීට පෙර ද අවස්ථා කිහිපයක දී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.


වැට් බදු වැඩි කර ඇත්තේ වත්මන් රජයේ වාසියටයි - ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා.


වැට් බදු වැඩි කර ඇත්තේ වත්මන් රජයේ වාසිය ස`දහා බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

ජනතාව පිඩාවට පත් කරමින් මන්ත‍්‍රීවරුන් සැප විදින බව දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා ස`දහන් කළේය.

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඞ් දුරටත් අදහස් දැක් වූ වසන්ත සමරසිංහ මහතා ස`දහන් කළේ අසාධාරණ වැට් බදු සංශෝධනය ඉවත් නොකළහොත් ලබන 26 වැනි දින දැවැන්ත උද්ඝෝණයකට යොමු වන බවයි.


ප‍්‍රවේශපත‍්‍ර රහිතව දුම්රියේ ගමන් කරන පුද්ගල පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට.


ප‍්‍රවේශපත‍්‍ර රහිතව දුම්රියේ ගමන් කරන පුද්ගලයින් හා දුම්රිය මාර්ගයේ ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ප‍්‍රවේශපත‍්‍ර වැරදි සම්බන්ධයෙන් දුම්රිය මගීන්ගෙන් මෙතෙක් අය කළ රුපියල් 1500 ක දඩය රුපියල් 3000 ක් දක්වා වැඩි කිරීමට රජය පසුගිය දා කටයුතු කළේය.

ඒ අනුව අද සිට එම දඩ මුදල අය කර ගැනීමට කටයුතු කරන බව දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර පේ‍්‍රමරත්න මහතා පැවසීය.

මේ අතර දුම්රිය මාර්ගයේ ගමන් කිරීම හේතුවෙන් සිදු වන අනතුරු සංඛ්‍යාව ද මේ වනවිට ඉහළ ගොස් තිබේ. 

අනතුරු රැුසකට හේතුව ජංගම දුරකතන භාවිත කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම බව ද අනුර පේ‍්‍රමරත්න මහතා ස`දහන් කළේය. 

එවැනි පුද්ගලයින්ට එරෙහිව ද අද සිට නීතිමය පියවර ගනු ඇත. 


දිස්ත‍්‍රික්ක අටකට නිකුත් කළ තිබූ නාය යාම් අවදානම් තත්ත්වය තවදුරටත්.


පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක අටකට නිකුත් කළ තිබූ අවදානම් තත්ත්වය තවදුරටත් ක‍්‍රියාත්මකයි.

ඌව පළාතේ මොණරාගල හා බදුල්ල දිස්ත‍්‍රික්කවලට මෙන්ම මාතලේ, මහනුවර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත‍්‍රික්කවලට අවදානම ප‍්‍රකාශයට පත්කර තිබේ.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් ආපදා තත්වයන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස`දහන් කළේය.

සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ස`දහන් කළේ පවතින තත්වය පිළිබ`ද සියලූ දෙනා අවධානයෙන් පසුවිය යුතු බවයි.

මේ අතර දිවයින ආසන්න වායුගෝලයේ ස්ථාපිත වී ඇති අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරන බැවින් වර්ෂාව තරමක් අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ...

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ.

දැදුරු ඔයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත් බිම් ආශ‍්‍රිත ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු හතරක් ද විවෘත කර තිබේ.

ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මොණරාගල, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු හයම විවෘත කර ඇත.

දැදුරු ඔය ජලාශයේ ද වාන් දොරටු 07 ක් විවෘත කර තිබේ.

මේ අතර බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයෙන් පහක් විවෘත කර ඇත.


Google Plus Facebook Twitter Delicious