Friday, May 13, 2016

සමස්ත ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිණුම් සහ කිමිදුම් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයදුම්පත් කැඳවයි.


සමස්ත ලංකා පාසල් වයස් කාණ්ඩ පිහිණුම් සහ කිමිදුම් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයදුම්පත් කැඳවයි.

ශ‍්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය මගින් 43 වැනි වරට එය සංවිධාන කර තිබේ.

තරගාවලිය ජූනි මස 23 වැනි දින සිට 26 වැනි දින දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී පැවැත්වෙයි.

වයස අවුරුදු 09 න්, 11 න් , 15 න් සහ 19 න් පහළ වයස් කාණ්ඩ හයකින් බාලක බාලිකා වශයෙන් තරග ක‍්‍රියාත්මකය.

අයදුම්පත් ලබන 30 වැනි දිනට පෙර සභාපති, ශ‍්‍රී ලංකා පාසල් ජල ක‍්‍රීඩා සංගමය, ලූම්බිණි විද්‍යාලය, කොළඹ 05 ලිපිනයට යොමු කළ යුතුයි.


ඉතාලියෙන් සොරාගත් ඉපැරණි කලා නිර්මාණ තොගයක් යුකේ‍්‍රනයෙන් හමු වෙයි.


පසුගිය වසරේ ඉතාලියේ කෞතුකාගාරයකින් සොරකම් කරන ලද කලා නිර්මාණ 17 ක් සොයාගත් බව යුකේ‍්‍රන බලධාරීන් පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒවායේ වටිනාකම ඩොලර් මිලියන 18 ක් පමණ වන බවයි.

ප්ලාස්ටික් ඇසුරුම් තුළ ස`ගවා තිබූ චිත‍්‍ර ඇතුළු කලා නිර්මාණ මොල්දෝවා දේශ සීමාවේ දී සොයාගෙන ඇත.

ලෝක පූජිත චිත‍්‍ර ශිල්පීන් වන රූබන්ස් සහ ටින්ටෝරෙට්ටෝගේ නිර්මාණ ද ඒ අතර වන බව ස`දහන්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිද්ධිය සම්බන්ධයෙන් යුකේ‍්‍රන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි.


මීගමුව කළපුවේ සංවර්ධන කටයුතු ඇරඹේ.


ශ‍්‍රී ලංකාවේ කළපු අතරින් විශාලම සහ දර්ශණීය කළපුව වශයෙන් හැ`දින්වෙන මීගමුව කළපුව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. 

මීගමුව කලපුව මේ වනවිට රොන්මඩ සහ විවධ අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් ධීවර කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ධීවර කාර්මිකයෝ පවසති. 

කලපුව සංවර්ධනය කර දෙන ලෙස පැවති රජයෙන් ඉල්ලීම් කළ ද අවධානය යොමු නොකළ බව ඔවුන් පෙන්වා දෙයි. 

එහෙත් වත්මන් රජයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි හෙක්ටයාර 3000 කින් සමන්විත මීගමුව කළපුව රුපියල් කෝටි දහයක වියදමකින් සංවර්ධනය කිරිම ඊයේ ආරම්භ කෙරිණි. 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය ආරම්භ විය. 

ව්‍යාපෘතිය යටතේ ධීවර පවුල් දෙදහසකට සහ වෙනත් පුද්ගලයින් ලක්‍ෂ ගණනකට සහ ව්‍යාපාරික ප‍්‍රජාවට සහන ප‍්‍රතිලාභ හිමිවෙයි. 

මේ අතර වත්මන් රජය යටතේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැුසක් 2016 හා 2017 වසර දෙක තුල ආරම්භ වන බව අමාත්‍යවරයා පැවසිය. 

ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය ඇතිව සංවර්ධනයේ දැවැනත් පියවරක් ශ‍්‍රී ලංකාව තබනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ස`දහන් කළේය. 


වැට් බද්දට එරෙහිව සංගම් කිහිපයක් විරෝධතාකට සුදානම්.


ජනතාවගෙන් අය කර ගන්නා වැට් බද්ද තුලින් මෙරට පාලකයින් සුඛෝපභෝගි ජිවිත ගත කිරිමට සුදානම් වන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි. 

පැවති රජයේ අඩුපාඩු පෙන්වමින් බලයට පත්වු නව රජය ද ජනතාව පීඩාවට පත් කරන බව සංගමයේ කැ`දවුම්කරු අසේල සම්පත් මහතා පැවසිය. 

හෙතෙම මේ බව ස`දහන් කළේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ඔහු ස`දහන් කළේ ආපනා ශාලා හිමියන්ගේ සංගමය විසින් වැට් බදු රජයට නොගෙවන බවයි. 

එම වාසිය පාරිභෝගිකයාට ලබා දෙන බව අසේල සම්පත් මහතා ස`දහන් කළේය. 

වැට් බද්ද අහෝසි කිරිමට රජය කටයුතු නොකළහොත් ඉදිරියේ දී ඊට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බව ආපන ශාලා හිමියන්ගේ සංගමය කියා සිටියේය. 

මේ අතර මාධ්‍ය හමුවට එක්වු පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්විය. 

ඔහු ස`දහන් කළේ ජනතාවට සිදුවු අසාධාරණයට එරෙහිව ලබන 15 වැනිදා පෙරවරුවේ නාරාහේන්පිට දී උද්ඝෝෂණයක් ආරම්භ කරන බවයි. 

ඒ ස`දහා සියළු දෙනාට සහභාගිවන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කරයි. 


බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනු ලැබුවේ රජයට එරෙහි චෝදනා වෙනතකට හැරවීමට බවට ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදනයක්.


හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනු ලැබුවේ රජයට එරෙහිව එල්ලවන ජනතා විරෝධය වෙනතකට හැරවීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. 

බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට රජය සහ රජයට වක‍්‍රාකාරයෙන් සහයෝගය දක්වන නිල විපක්‍ෂය කල් තියා සුදානම් කරන ලද්දක් බවට ඉතා පැහැදිලි බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. 

වැට් බද්ද සහ ජාතික ගොඩනැගීමේ බද්ද නීති විරෝධීව වැඩි කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කොට අත්අඩංගුවේ පසුවන කොටි ත‍්‍රස්තවාදීන් නිදහස් කිරිමේ සුදානම හා පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දැමීම ආදි ජනතා ද්‍රෝහි ක‍්‍රියා කලාපයන් හේතුවෙන් රජයට මේ වනවිට දැඩි ජනතා විරෝධයක් එල්ල වෙමින් පවති. 

එම ජනතා විරෝධය වෙනතකට හැරවීමේ උවමනාවෙන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ජාතික නිදහස් පෙරමුණ ස`දහන් කරයි. 

වත්මන් රජය විපක්‍ෂයේ දේශපාලනඥයන් දඩයම් කිරිමේ මෙවලම වන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය යොදා ගනිමින් සිදු කරන මර්දනය තරයේ හෙළා දකින බව එම පෙරමුණ නිවේදනය කර තිබේ. 

එමෙන්ම රට ගැන සිතා ඊට එරෙහිව සබුද්ධිකව පෙළ ගැසෙන ලෙස ජාතික නිදහස් පෙරමුණ සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටි. 


එල් ටී ටී ඊ නායකයින් සැමරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.


ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයේ උතුරු පළාත තුළ යුද්ධයෙන් මියගිය එල් ටී ටී ඊ නායකයින් සැමරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. 

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පෙරේදා දින යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා දැක්වු අදහසට ප‍්‍රතිචාර දක්වමිනි. 

එම් කේ සිවාජිලිංගම් මහතා ස`දහන් කළේ උතුරේ මියගිය ජනතාව සැමරීම ස`දහා සතියක කාලයක් ප‍්‍රකාශයට පත් කරන බවයි. 

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ස`දහන් කළේ එල් ටී ටී ඊ නායකයින් සැමරීමට රට තුල කිසිසේත්ම ඉඩක් නොමැති බවයි. 

මේ අතර ලබන 18 වැනිදා යුද්ධයෙන් මියගිය රණවිරුවන් සහ අබාධිත වු රණවිරුවන් සිහිකිරිම නිදහස් චතුරස‍්‍රයේ දී සිදුකරන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ස`දහන් කළේය. 


Thursday, May 12, 2016

තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සියලූ චෝදනාවලින් නිදහස් කරයි.


තහනම් උත්තේජක චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක් වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සියලූ චෝදනාවලින් නිදහස් කරයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් පාලක මණ්ඩලය, මෙරට වේලාවෙන් ඊයේ රාත‍්‍රී 11 යි 45 ට පමණ ඒ පිළිබ`ද නිවේදනය කර තිබේ.

එහි දැක්වෙන්නේ කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට තීරණක් ගැනීමට තරම් ප‍්‍රබල සාක්ෂි ලැබී නොමැති බවයි.

ඔහු ලබාගෙන ඇති ඖෂධ පිළිබ`ද විධිමත් පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව මෙම තීරණය ප‍්‍රකාශයට පත්කර තිබේ.

තහනම් උත්තේජක ගැටළුව හේතුවෙන් පසුගිය දෙසැම්බර් 15 වැනි දින සිට කුසල් ජනිත් පෙරේරා තරග තහනමට ලක්ව සිටියේය.

ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් වහා ක‍්‍රියාත්මක වන පරිදි ඔහුගේ තරග තහනම ඉවත් කර තිබේ.


දූෂණ අක‍්‍රමිකතා මැඩලීමට නයිජීරියානු ජනපති දැඩි උත්සහයක.


නයිජීරියාවේ දූෂණ අක‍්‍රමිකතා මැඩලීමට දැඩි ප‍්‍රයත්නයක් ගන්නා බව එරට ජනාධිපතිවරයා පවසයි.

දූෂණ අක‍්‍රමිකතාවන් සෑම රටකටම පොදු ලක්ෂණයක් බව ද මුහම්මදු බුහාරි ස`දහන් කළේය.

නයිජීරියාව දූෂණ අක‍්‍රමිකතාවන්ගෙන් ගහණ රටක් බවට පත්ව ඇතැයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා සිදු කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා ඒ බව පවසා තිබේ.

ලන්ඩන් නුවර පැවති දූෂණ මැඩලීම සම්බන්ධයෙන් වූ සමුළුවකට සහභාගි වෙමින් මුහම්මදු බුහාරි එම අදහස් දක්වා තිබේ.

මේ අතර ට‍්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය ද නයිජීරියාව සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක් නිකුත් කර ඇත.

එහි දූෂණ අක‍්‍රමිකතා සහිත රටවල් අතර 136 වැනි ස්ථානය නයිජීරියාවට හිමිව තිබේ.


ජවිපෙ යළි මාධ්‍ය මර්දනයක යෙදෙන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා.


ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි වරටත් රටේ මාධ්‍ය නිදහසට සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට බලපෑම් එල්ල කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ම`ගින් අනාවරණ කළ කරුණුවලට ප‍්‍රතිචාර දැක්වීම වෙනුවට අදාළ මාධ්‍යවේදීන් අපකීර්තියට පත් කළ බවයි.

එය අනුමත කළ නොහැකි ක‍්‍රියාවක් බව ද මන්ත‍්‍රී උදය ගම්මන්පිළ මහතා ස`දහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


පැනමා ලේඛනවලින් හෙළි කළ සියලූ ගනුදෙනු නීති විරෝධි නොවේ - ඇමති පාඨලී චම්පික කියයි.


පැනමා ලේඛනවලින් හෙළි කළ පමණින් එම සියලූ ගනුදෙනු නීති විරෝධි ගනුදෙනු නොවන බව රජය පවසයි.

අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා ස`දහන් කළේ  ඕනෑම පුද්ගලයෙකුට විදේශ රටවල් සම`ග මෙන්ම විදේශීය සමාගම් සම`ග ගනුදෙනු කිරීමට අයිතිය පවතින බවයි.

එහෙත් ඒ සම්බන්ධයෙන් මෙරට වගකිව යුතු අංශ දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු ස`දහන් කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ස`දහන් කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ විද්‍යා අමරපාල මහතාගේ නම ද පැනමා ලේඛනවල ඇතුළත්ව තිබූ අතර ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා පැහැදිලි කළේය.


දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව අද ලන්ඩන් නුවර දී ඇරඹෙයි.


දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව අද ලන්ඩන් නුවර දී ආරම්භ වෙයි.

රාජ්‍ය නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර ලැන්කස්ටර් හවුස්හි දී එරට වේලාවෙන් පෙරවරු 10 ට එය ආරම්භ වීමට නියමිතය.

සමුළුවට සහභාගී වීම ස`දහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ බි‍්‍රතාන්‍ය බලා පිටත්ව ගියේය.

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේව්ඞ් කැමරන් මහතාගේ ආරාධනයක් මත මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගී වෙයි.

ජනාධිපතිවරයාගේ සංචාරය මෙන්ම දූෂණ මැඩලීමේ අන්තර්ජාතික සමුළුව පිළබ`ද ලන්ඩන් සිට තොරතුරු දක්වන ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ චමින්ද සිරිමල්වත්ත මහතා...

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මුල්කිරිගල නයිගල රජමහා විහාරස්ථානයේ දී.


2016 රාජ්‍ය වෙසක් උත්සවය මුල්කිරිගල නයිගල රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට තීරණය කර ඇතැයි රජය පවසයි.

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ස`දහන් කළේ දකුණු පළාතේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බවයි.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේය.

ලබන 18 වැනි දින සිට 24 වැනි දින දක්වා ජාතික වෙසක් සතියක් ප‍්‍රකාශයට පත්කර තිබේ.

එහි දී කුල දරුවන් තිස්පස් දෙනෙකු සසුන්ගත කිරීමේ පිංකමක් ද සිදු කරන බව අමාත්‍යවරයා ස`දහන් කළේය.

රාජ්‍ය වෙසක් උත්සවය ලබන 22 වැනි දින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.


Wednesday, May 11, 2016

ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව ක්වාලාම්පුර් නුවරදී අද පැවැත්වෙයි.


ආසියානු පළමු කොටසේ සිවුකොන් රග්බි තරගාවලියට සහභාගිවී සිටින ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම සහභාගිවන දෙවැනි තරගය සත්කාරක මැලේසියානු කණ්ඩායමට එරෙහිව ක්වාලාම්පුර් නුවරදී අද පැවැත්වෙයි. 

දිනයේ දෙවැනි තරගය වන මෙම තරගය පස්වරු 4 යි 30 ට පැවැත්වීමට නියමිතය. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයේ දී ලකුණු 33 ට 17 ක් ලෙස සිංගප්පුරුව පරාජය කිරිමට සමත් විය. 

එම තරගයේ දී උත්සාහයක දිනුම් හතරක් සම්පුර්ණ කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතිරේක ප‍්‍රසාද ලකුණක් සමගින් ප‍්‍රසාද ලකුණු 5 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. 

පිලිපිනය ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා දෙවැනි ස්ථානයේ සිටි. 

සත්කාරක මැලේසියානු කණ්ඩායම පළමු තරගයේ දී පිලිපිනය හමුවේ පරාජයට පත්වු අතර ප‍්‍රසාද ලකුණක් ලබා තෙවැනි ස්ථානයේ පසුවෙයි. 


ලොව ශාක වර්ග තුන් ලක්‍ෂ අනූ දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවට සමීක්ෂණයකින් හෙළි වෙයි.


ලෝකයේ ශාඛ වර්ග තුන් ලක්‍ෂ 90, 900 ක් පවතින අතර ඉන් තුන් ලක්‍ෂ 64 400 ක් මල් හට ගන්නා බව නවතම විද්‍යාත්මක සමීක්‍ෂණයකින් හෙළි වෙයි. 

බි‍්‍රතාන්‍යයේ රාජකීය උද්භිද විද්‍යා ආයතනයේ විදඥායින් සිදුකළ මෙම සමීක්‍ෂණයට අනුව 2005 වසරේ දී හ`දුනාගෙන ඇති නව විශේෂ ශාඛ සංඛ්‍යාව 2034 කි. 

බටහිර අප‍්‍රිකානු ගැබ්‍රොන් රාජ්‍යයේ වනාන්තරවල වැඩෙන මීටර් 45 ක් දක්වා උස යන දැවැන්ත ශාඛය ද ඊට ඇතුළත්ය. 

නව බිගෝනියා විශේෂ අනුවක් ද පසුගිය වසරේ සොයගෙන ඇති අතර කෘමින් ආහාරයට ගන්නා ශාඛයක් ද පසුගිය වසරේ බ‍්‍රසීලයෙන් සොයා ගැණින. 

ලෝකයේ ශාඛ විශේෂවලින් සියයට 21 ක්ම මිහිපිටින් තුරන් වීමේ අවදානමට මුහුණ දෙන බව මෙම විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. 


ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට.


නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පසුගියදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත‍්‍රාත් එම් ගනේෂරාජා මහතා නියෝග කළේය.

2005 වසරේ දෙසැම්බර් 25 වැනි දින මඩකලපුව ප‍්‍රදේශයේ දේවස්ථානයක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.


ජනතාවට බදු පැනවීමේ වත්මන් රජයේ ප‍්‍රතිපත්තිය පරාජයට පත්කරන බව ජවිපෙ කියයි.

අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයේ උදර පෝෂණය වෙනුවෙන් ජනතාවට බදු පැනවීමේ ප‍්‍රතිපත්තිය පරාජයට පත්කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

නායක අනුර කුමාර දිසානායක මහතා ස`දහන් කළේ මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉදිරි සතියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.


යල කන්නයේ ජාතික වප් මඟුල් උත්සවය අද පැවැත්වෙයි.


යටියන්තොට ජයවින්දාගම පොලටගම වෙල්යායේ දී පෙරවරු 7.32 යෙදෙන සුබ මොහොතින් එය ආරම්භ කිරීමට නියමිතය.

"වස විස නැති රටක්" රජයේ තුන් අවුරුදු කෘෂිකාර්මික වැඩසටහන යටතේ වප් ම`ගුල් උළෙල පැවැත්වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වීමට නියමිතය.

වස විස නැති රටක් ජාතික කෘෂිකාර්මික වැඩසටහනේ අනුශාසක පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ සහ උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ උපදේශකත්වය යටතේ වප් ම`ගුල් උළෙල පැවැත්වෙයි.

ඒ පිළිබද පැහැදිලි කරන වස විස නැති රටක් ජාතික ආහාර වැඩසටහනේ ක්ෂේත‍්‍ර සම්බන්ධිකාරක චින්තන සී ගුණදාස මහතා...  


හෙද උපාධි පීඨය ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සහ සම්පත් කඩිනමින් ලබාදෙන බව ජනපති පවසයි.


දීර්ඝ කාලීන ඉල්ලීමක් බවට පත්ව තිබූ හෙද උපාධි පීඨය ආරම්භ කිරීම ස`දහා අවශ්‍ය ප‍්‍රතිපාදන සහ සම්පත් කඩිනමින් ලබාදෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සම`ග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකට එක්වෙමිනි.

හෙද උපාධි පීඨයේ ඉදි කිරීම් කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා ස`දහන් කළේ රටේ අවශ්‍යතාවය අනුව හෙද සේවාව කාර්යක්ෂම ලෙස යෙදවීමට නොහැකි වීම ගැටළුවක් බවයි.

හෙද සේවාව ගුණාත්මක සහ ශක්තිමත් සේවාවක් ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සෑම සහයක්ම නොඅඩුව ලබා දෙන බව මෛතී‍්‍රපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.


Tuesday, May 10, 2016

ආසියානු රගර් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය හෙට පැවැත්වෙයි.


ආසියානු රගර් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගය හෙට පැවැත්වෙයි.

ශ‍්‍රී ලංකාව ලබන 14 වැනි දින පිලිපීනය සමග තරග වැදිමට නියමිතය.

පෙරේදා පැවති පළමු තරගයෙන් ලකුණු 33 ට 17 ක් ලෙසින් සිංගප්පූරුව පරාජය කරමින් ශ‍්‍රී ලංකාව ජය හිමි කර ගත්තේය.

ක්වාලාම්පූර් රෝයල් සැලෙන්ජර් ක‍්‍රීඩාංගණයේ දී තරගාවලිය  ආරම්භ විය.


ඉරානය නව මිසයිල අත්හදා බැලීමක.


ඉරානය නවතම බැලස්ටික් මිසයිලයක් අත්හදා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කරයි.

ඔවුන් අත්හදා බැලූ නව මිසයිලයට කිලෝමීටර් 2000 ක් දුරක් ගමන් කල හැකි බව ඉරානය ස`දහන් කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ අරක්ෂක මණ්ඩලයේ ගිවිසුම් උලංඝනය කරමින් ඉරානය මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බවට අමෙරිකාව සහ යුරෝපය චෝදනා එල්ල කර තිබේ.

කෙසේ වෙතත් ඉරාන අධ්‍යාත්මික නායක, අයතල්ලාහ් අල් කහ්මෙනි ස`දහන් කර ඇත්තේ ඉස්ලාමීය ජනරජයේ අනාගතන තීරණය වන්නේ මිසයිල බවයි.


ශ‍්‍රී ලංකා සංවර්ධන නිළධාරින්ගේ සංගමයෙන් ජනාධිපතිවරයාට ප‍්‍රණාමය.


රජය කොටස් වශයෙන් වරින් වර උපධිධාරීන් 152000 කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බ`දවා ගත් බව ශ‍්‍රී ලංකා සංවර්ධන නිළධාරින්ගේ සංගමය පවසයි. 

එයින් සංවර්ධන නිළධාරීන් ලෙස බ`දවාගෙන ඇති උපාධිධාරී සංවර්ධන නිළධාරීන් මෙන්ම අනෙකුත් උපාධිධාරී සංවර්ධන සහකාරවරුන් විවිධ ප‍්‍රශ්නවලට මුහුණ පා සිටින බව එම සංගමය චෝදනා කර සිටි. 

එම ගැටළු විස`දා ගැනීම ස`දහා පැවති රජය සම`ග සාකච්ඡුා කළ ද ඉන් ලැබු ප‍්‍රතිඵලය ඵල රහිත බැවින් වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට මේ බව ලිඛිතව දන්වා සාකච්ඡුා කළ බව සංගමයේ ප‍්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර මහතා ස`දහන් කළේය. 

එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම නිළධාරින්ගේ සේවාව විධිමත් කිරිම ස`දහාත් ඔවුන්ගේ ගැටළු විස`දීම ස`දහාත් සංවර්ධන නිළධාරින් හා සෙසු උපාධිධාරී රාජ්‍ය සේවකයින් ස`දහා ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරිමට අනුමැතිය ලබා දී ඇත. 

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන නිළධාරින්ගේ සංගමය ජනාධිපතිවරයාට ප‍්‍රණාමය පුද කරන බව අජිත් ජයසුන්දර මහතා පැවසිය. 

සංවර්ධන නිළධාරින්ගේ රැුකියාවේ ආරක්‍ෂාව සහ ගරුත්වය රැුකීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කරයි. 

එසේ තිබියදී එක්තරා කණ්ඩායමක් සංවර්ධන නිළධාරින්ගේ රැුකියා අවිනිශ්චිත බව පවසමින් ලබන 12 වැනිදා කොළඹ කොටුවේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බව හෙතෙම පැවසිය. 

කෙසේ වෙතත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති චක‍්‍රලේඛණ මගින් සංවර්ධන නිළධාරින්ගේ රාජකාරි ස`දහා සෘජුව හෝ වක‍්‍රව බාධා සිදුවන්නේ නම් ඉදිරියේ දී වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බව සංවර්ධන නිළධාරින්ගේ සංගමය ද අවධාරණය කර සිටි.


වැඩිහිටි හා ආබාධ සහිත වුවන්ට රැකවරණ නිවාස තැනීම සඳහා ප‍්‍රමාණවත් මුදල් රජයෙන් නොලැබෙන බව ඇමති එස් බී දිසානායක කියයි.

ජිවිතයේ සැ`දෑ සමය වැඩිහිටි නිවාසවල ගත කිරිමට සුදානමින් සිටින වැඩිහිටියන්ගේ සංඛ්‍යාව මේ වනවිට 25000 ක් පමණ වන බව අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසයි. 

ඒසේ වුව ද ඒ ස`දහා ප‍්‍රමාණවත් පහසුකම් සහිති වැඩිහිටි නිවාස නොමැති බව සමාජ සවි බල ගැන්වීම් සහ සුභසාධන අමාත්‍යවරයා ස`දහන් කළේය. 

එමෙන්ම වැඩිහිටි හා ආබාධ සහිත වුවන්ට රැකවරණ නිවාස තැනීම ස`දහා ප‍්‍රමාණවත් මුදල් රජයෙන් නොලැබෙන බව ද හෙතෙම කියා සිටි. 

එස් බී දිසානායක මහතා මේ බව ස`දහන් කළේ පසුගිය දා පුවක්පිටිය ජයවිරු සෙවන රැකවරණ නිවාසයේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි. 


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බවට පිවිතුරු හෙළ උරුමයෙන් නව රජයට චෝදනා.


ව්‍යවස්ථාදායක සභාව විසින් තුන්වෙනි වරටත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි. 

ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අධිකරණ සේවා කොමිසමට පත්කිරිම් ස`දහා උත්සහ කරමින් සිටින බව නායක උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

පසුගිය දා රැස්වු ව්‍යවස්ථාදායක සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 111 (ඇ) 2 වගන්තිය උල්ලංඝණය කරමින් පත් කිරිම් සිදු කිරිමට තීරණය කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි. 

ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එම පත්කිරිම් සිදු නොකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව උදය ගම්මන්පිල මහතා පැවසිය.


ආසියා ශන්තිකර කලාපීය බන්ධනාගාර නිළධාරින්ගේ සමුළුව අද කොළඹ දී.


ආසියා ශන්තිකර කලාපීය බන්ධනාගාර නිළධාරින්ගේ සමුළුව අද කොළඹ දී ආරම්භ වෙයි. 

මේ ස`දහා රටවල් 12 ක බන්ධනාගාර නිළධාරීන් සහභාගිවීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ස`දහන් කළේය. 

ශ‍්‍රී ලංකාවේ මෙවැනි සමුළුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර  සමුළුවේ දී එළිමහන් සිරක`දවුරු සම්බන්ධ සංකල්පය පිළිබ`ද විශේෂ අවධානයක් යොමුවනු ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසිය. 

සමුළුව අවසානයේ දී ඊට සහභාගිවන නියෝජිතයින් ස`දහා පල්ලේකැලේ එළිමහන් සිරක`දවුර නිරික්‍ෂණය කිරිමේ චාරිකාවක් ද සංවිධානය කර ඇති බව හෙතෙම කියා සිටියේය. 


Google Plus Facebook Twitter Delicious