Thursday, April 7, 2016

අගමැති ඇතුලූ දූත පිරිසට චීනයෙන් ඉහළ පිළිගැනීමක්.


තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස මහත් හරසරින් පිළි ගනියි.


අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස ඊයේ රාත‍්‍රියේ බෙයිජිං නුවර වෙත ළඟා වූහ.


චීන විදේශ අමාත්‍යංශයේ සහකාර අමාත්‍ය කොං ෂුආන් යු මහතා හා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා විසින් බෙයිජිං නුවර කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපල පර්යන්තයේ දී ඔවුන් පිළිගනු ලැබීය.


යහපාලන රජය පිහිටුවීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා චීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.


සංචාරයේ දී ඔහු චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මෙන්ම චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා ද හමු වී ඉහළ පෙලේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.


එම සාකච්ඡා ශ්‍රී ලංකා - චීන සබඳතා නව මානයකට ගෙනඒමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂිතය.

Google Plus Facebook Twitter Delicious