Wednesday, April 6, 2016

අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි.


අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි. 


පැනමා ලිපි ගොනු සම්බන්ධයෙන් පැන නැගුණු ජනතා විරෝධය හේතුවෙන් අග්‍රාමාත්‍ය සිගමනෝර් ගුන්ලූග්සන් ඉල්ලා අස්වී තිබේ. 


පැනමා රාජ්‍යයේ මොසැක් ෆොන්සේකා සමාගමේ වසර 40 ක ගනුදෙණු පිළිබඳ දත්ත ඇතුළත් ලිපි ගොනුවල අයිස්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නම ඇතුළත්ව තිබිණ. 


ඊට එරෙහිව ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.
ඩොලර් මිලියන ගණනක් වත්කම් සඟවා තබා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය. 


කෙසේ වෙතත් රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය සිගමනෝර් ගුන්ලූග්සන් මහතා චෝදනා ප්‍රතික්‍ෂේප කර තිබිණ.


ඔහු සඳහන් කර ඇත්තේ විදේශ සමාගම් සමග තමන්ගේ සබඳතා පැවතිය ද වත්කම් සහ බදු සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළි කර ඇති බවයි. 

Google Plus Facebook Twitter Delicious