Thursday, May 26, 2016

පාපන්දු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා යුද හමුදාව , සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය, රිනවුන් සහ කොළඹ ක‍්‍රීඩා සමාජය සුදුසුකම් ලබයි.


පාපන්දු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගය සඳහා යුද හමුදාව , සෝන්ඩර්ස් ක‍්‍රීඩා සමාජය, රිනවුන් සහ කොළඹ ක‍්‍රීඩා සමාජය සුදුසුකම් ලබයි.

අර්ධ අවසන් සුපිරි තරගය ඊයේ පස්වරුවේ කොළඹ දි පැවැත්විනි.

එහි දී කලූතර බ්ලූස්ටාර්ස් ක‍්‍රීඩා සමාජය ගෝල 1 ට 0 කින් පරාජය කරමින් සෝන්ඩර්ස්  කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

2016 පාපන්දු සම්මේලන කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරග අනිද්දා පස්වරුවේ කොළඹ රීඞ් මාවත ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින් තරගාවලිය සංවිධාන කර තිබේ.


වියට්නායමයට එරෙහි අවි තහනම ලිහිල් කිරිම සම්බන්ධයෙන් චිනයෙන් අමෙරිකාවට චෝදනා.


දශක ගණනක් පුරා වියට්නායමයට පනවා තිබූ අවි තහනම ලිහිල් කිරිම පිළිබ`ද චිනය අමෙරිකාවට චෝදනා කරයි.

වියට්නාමය විසින් වසර 41 ක් පුරා අමෙරිකාව සතුරු රාජ්‍යයක් ලෙස හැදින්වීය.

දකුණු චීන මුහදේ සහ ආසියාවේ අමෙරිකානු ආධිපත්‍ය පැතිරවීමට අමෙරිකාව දරන උත්සාහයේ එක් අවස්ථාවක් ලෙස ද චීන විචාරකයෝ මෙම අවි තහනම ලිහිල් කිරීමේ සිද්ධිය හදුන්වා දෙයි.

දකුණු චීන මුහුද සම්පූර්ණයෙන්ම තමන්ට අයත් බව චීනය පවසන නමුත් වියට්නාමය සහ කලාපයේ තවත් රටවල් කිහිපයක් එම මුහුදු ප‍්‍රදේශයට අයිතිය ප‍්‍රකාශ කර තිබේ.

අවි තහනම ඉවත් කිරිම වියට්නාමය සමග සබ`දතා සාමාන්‍ය තත්වයට පත් කරගැනීමක් මිස චීනයට අතපෙවීමක් නොවන බව අමෙරිකා ජනාධිපති බරක් ඔබාමා පවසා ඇත.


ඇතැමුන්ට අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළ තනතුරු ලබාදීම පිළිබඳ ගුරු සංගමිවල විරෝධය.

දේශපාලන පලිගැනීම් සිදු වූවා යැයි පවසමින් ඇතැමුන්ට අධ්‍යාපන පරිපාලන සේවයේ ඉහළ තනතුරු ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා එල්ල වෙයි.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ එවැනි පුද්ගලයින් 4680 කට පත් වීම් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඉන් වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපන පරිපාලන සේවය ස`දහා සුදුසුකම් නොලත් පිරිසක් බව ද ඔහු පැවසීය.

මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ එම තත්ත්වය නිදහස් අධ්‍යාපනයේ ඉදිරි පැවැත්මට බරපතල තර්ජනයක් බවයි.


උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කැඳ වූ රැස්වීමක් පිළිබඳ පළාත් මහ ඇමතිගෙන් චෝදනා.


යාපනය නගර සංවර්ධන යෝජනා ක‍්‍රමය පිළිබ`ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා කැ`ද වූ රැස්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් චෝදනා එල්ල වෙයි.

සංවර්ධන යෝජනා ක‍්‍රමය සම්බන්ධයෙන් වූ රැස්වීම තමන් දැනුවත් නොකර සිදුවූවක් බවට ඔහු චෝදනා කළේය. 

"ද හින්දු" පුවත්පත වාර්තා කර ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන සම`ග පැවැත් වූ සාකච්ඡුාවකට සහභාගි වෙමින් සී. වී. විග්නේශ්වරන් මහතා ඒ පිළිබ`ද ස`දහන් කර ඇති බවයි.

නගර සංවර්ධන යෝජනා ක‍්‍රමය පිළිබ`ද වසරක් පුරා සාකච්ඡුා පැවති බව සී. වී. විග්නේශ්වරන් මහතා පැවසීය.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ චෝදනාව සම්බන්ධයෙන්  "ද හින්දු" පුවත්පත පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතාගෙන් ද විමසීමක් කර ඇත.   

ඔහු ස`දහන් කර ඇත්තේ අදාළ රැස්වීම සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙන්ම උතුරු පළාතේ මන්තී‍්‍රවරුන් ඇතුළු සියලූ පාර්ශවයන්ට ආරාධනා කළ බවයි.

පළාතේ සංවර්ධන කටයුතු සතුටුදායක මට්ටමක නොපවතින බව ද රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.

ඔහු පවසා ඇත්තේ රැස්වීමේ දී යාපනය නගරයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම පමණක් සිදු කළ බවයි.

සාකච්ඡාව ඉතා සාර්ථක වූ බව ද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පවසා තිබේ.


ගංවතුරින් පීඩාවට පත් කැලණි ගඟ අවට කුඩා ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් රජයේ අවධානය.


ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කැලණි ග`ග අවට කුඩා ව්‍යාපාරිකයින් සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වෙයි.

ඔවුන්ට අවශ්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සම`ග සාකච්ඡුා කරන බව ඊයේ  පාර්ලිමේන්තුවේ දී අග‍්‍රාමාත්‍යවරයා ස`දහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ අවදානම් සහිත ප‍්‍රදේශවල නිවාස ඉදි කිරීම සම්බන්ධයෙන් ද ඉදිරියේ දී විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ස`දහන් කළේ පක්ෂ පාට භේදයකින් තොරව පීඩාවට පත්වූවන්ට සහන සැලසීම සියලූ දෙනාගේ යුතුකම බවයි.

ආපදා අවස්ථාවන්හි දී රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීන තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව සැලසිය යුතු බව ද ඔහු පැවසීය.


ජී 7 රාජ්‍ය නායක සමුළුවේ අද සහ හෙට ජපානයේ ඊසෙ - ශිමා නගරයේ දී.


ජී 7 රාජ්‍ය නායක සමුළුව අද සහ හෙට ඊසෙ - ශිමා නගරයේ දී පැවැත්වෙයි.   

ජී 7 සමුළුවේ සමගාමී සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ ජපානය බලා පිටත්ව ගියේය.

ජී 7 සමුළුවේ සභාපති ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ විශේෂ නිල ආරාධනයක් මත ජනාධිපතිවරයා සංචාරයට එක්වෙයි. 

ජී 7 සමුළුවේ සමගාමී සමුළුවක් සඳහා ශ‍්‍රී ලාංකීය රාජ්‍ය නායකයෙකුට ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය මෙය වීම විශේෂත්වයකි.

සාමය සහ සෞභාග්‍යයට සාර්ථක මාර්ගය පෙන්වා දෙමින් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ අධිපත්‍යය හා මානව අයිතිවාසිකම්වල මූලික අගයන් බෙදා හදා ගැනීම ජී - 7 සමුළුවේ අරමුණයි.

සාම්ප‍්‍රදායික ජී 7 න්‍යාය පත‍්‍රයට අමතරව ගෝලීය ආර්ථිකය, විදේශ ප‍්‍රතිපත්තිය, ජාතික ආරක්ෂාව, ගෝලීය සෞඛ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබ`දව ද මෙවර සමුළුවේ දී අවධානය යොමු කිරීමට නියමිතය.


Wednesday, May 25, 2016

ජාතික හොකී පුහුණු සංචිතයේ පිරිමි පුහුණුවීම් අද කොළඹ කෘති‍්‍රම හොකී ක‍්‍රිඩාංගණයේ දී ආරම්භ වෙයි.


ජාතික හොකී පුහුණු සංචිතයේ පිරිමි පුහුණුවීම් අද කොළඹ කෘති‍්‍රම හොකී ක‍්‍රිඩාංගණයේ දී ආරම්භ වෙයි. 

ක‍්‍රිඩා අමාත්‍යංශය විසින් සංචිතයේ සිටින ක‍්‍රිඩකයින් 25 දෙනා ස`දහා නේවාසික පුහුණුව ලබා දීමට කටයුතු යොදා ඇතැයි හොකි පුහුණුකරු අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා ස`දහන් කළේය. 

ඉදිරියේ දී තේරීම් තරග මගින් යොවුන් ක‍්‍රිඩකයින් සංචිතයට ඇතුළත් කිරිමට ද සැලසුම් කර තිබේ. 

පසුගිය දා සිංගප්පුරුවේ පැවති ලෝක ලීග් හොකි තරගාවලියේ පළමුවැනි කොටසේ අනුශූරතාව දිනා ගනිමින් ශ‍්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම දස්කම් දැක්විය. 

නොවැම්බර් මස හොංකොංහි පැවැත්වෙන ආසියානු හොකි සම්මේලන කුසලාන තරගාවලිය මෙන්ම ලබන වසරේ ජනවාරි මස මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක ලීග් හොකි දෙවන කොටසේ තරගාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම මෙම සංචිතයෙන් තෝරා ගැනෙයි. 


ඉඩෝමනි කඳවුරේ සරණාගතයින් ඉවත් කිරීමට ගී‍්‍රසිය තීරණය කරයි.


ඉඩෝමනි ක`දවුරේ සරණාගතයින් ඉවත් කිරීමට ගී‍්‍රසිය තීරණය කරයි.

ඔවුන් විශේෂ ක`දවුරක් වෙත යොමු කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් සරණාගතයින් එම තීරණයට විරෝධය පළ කර ඇත.

ඒ හේතුවෙන් කලහකාරී තත්ත්වයක් ඇති වෙතැයි ගී‍්‍රසිය සැක පළ කර තිබෙන බව ද ස`දහන්ය.

කෙසේ වෙතත් මේ වනවිට ක`දවුර ආශි‍්‍රත ප‍්‍රදේශයට කැරළි කණ්ඩායම යෙදවීමට එරට රජය පියවර ගෙන තිබේ.


ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් රජයට නිවැරදි තක්සේරුවක් නොමැති බවට ජවිපෙන් චෝදනා.


පැවති රජයට මෙන්ම වත්මන් රජයට ද ආපදා කළමනාකරණය පිළිබ`ද නිවැරදි තක්සේරුවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 

ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ස`දහන් කළේ ස්වාභාවික විපත්වලට මුහුණ දීම ස`දහා රජය පූර්ව සූදානමක සිටීම වැදගත් බවයි.

සිදු වූ ව්‍යසනය වෙනුවෙන් මේ වනතෙක් රට තුළ හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට රජය අපොහොසත් වී ඇතැයි වැඩිදුරටත් අදහස් දැක් වූ විජිත හේරත් මහතා කියා සිටියේය.


ආපදා හේතුවෙන් නිවාස අහිමිවූවන් ප‍්‍රතිස්ථාපනය කිරීමේදී නව විදුලි සබඳතා නොමිලයේ දීමට රජයෙන් පියවර.


ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමිවූවන් ප‍්‍රතිස්ථාපනය කිරීමේදී නව විදුලි සබඳතා නොමිලයේ ලබාදෙන බව විදුලිබල හා  පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඇතැම් නිවාස අභ්‍යන්තරයේ විදුලි පරිපථයන්හි පවතින ආපදා තත්ත්වයන් මත විදුලි සබඳතා ලබාදිය නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ස`දහන් කළේය.

ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීම ස`දහා පාරිභෝගිකයින්ට නොමිලයේ එම සේවාව සපයන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රශංසනීය වෙනසක් - ලෝක බැංකු නියෝජිතයෝ පවසති.


ගෙවී ගිය කාලය තුළ ශී‍්‍ර ලංකාවේ සිදුව ඇති වෙනස ප‍්‍රශංසනීය බව ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරු පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවට ලැබෙන ආධාර කිසිදු අක‍්‍රමිකතාවකින් තොරව ප‍්‍රතිලාභීන් වෙත ලබා දීමේ ක‍්‍රමවේදයක් රට තුළ සකස් වී ඇති බවයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම`ග ඊයේ පැවති හමුවක දී ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරු මේ බව පැවසූහ.

ඔවුන් දින තුනක් මෙරට රැු`දී සිටිමින් විදේශාධාර ශී‍්‍ර ලංකාවේ සංවර්ධන කටයුතු ස`දහා වැය කරන ආකාරය සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇත. 

හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ ඉදිරියේ දී ද මෙරට සංවර්ධන කටයුතුවලට දායක වීම ස`දහා ලෝක බැංකු නියෝජිතයින් කැමැත්ත පළ කළ බවයි.


දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් කි‍්‍රයාත්මකය.


දිස්ති‍්‍රක්ක කිහිපයකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇ`ගවීමේ නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.         

ඒ අනුව මහනුවර, රත්නපුරය, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල සහ කලූතර දිස්ති‍්‍රක්කවලට තවදුරටත් අවදානම බලපැවැත්වෙයි.  

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස`දහන් කළේ අඛණ්ඩව වැසි ඇදහැලූණහොත් නායයාමේ සහ පස් කණ්ඩි කඩා වැටීමේ වැඩි අවදානමක් පවතින බවයි. 

මේ අතර දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින තුළ ස්ථාපිත වී ඇති බව ද දෙපාර්තමේන්තුව ස`දහන් කළේය.

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල සුළෙ`ග් වේගය ක්ෂණිකව වැඩි වීමේ හැකියාව දකුණු, නැගෙනහිර සහ උතුරු මුහුදු ප‍්‍රදේශවල තවදුරටත් පවතින බව ස`දහන්ය.




Tuesday, May 24, 2016

කුසල් ජනිත් පෙරේරා ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනියි.


තහනම් උත්තේජන භාවිත කිරීමේ චෝදනාවෙන් නිදහස්වී තරග තහනමෙන් මිදුණු කුසල් ජනිත් පෙරේරා ජාතික කණ්ඩායමට ඇතුළත් කිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව පියවර ගනියි.

වේගපන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද් ආබාධයකට ලක්වී නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීම ඊට හේතු වී තිබේ.

ලබන 27 වැනි දින චෙස්ටර් ලී ස්ට්රීට්හි දී දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගය ආරම්භ වෙයි.

ටෙස්ට් තරග 03 කට සහභාගි වී ඇති කුසල් ජනිත් අර්ධ ශතක 2 ක් රැස් කිරීමට සමත් වී තිබේ.


තායිවානය සමග පවතින සංනිවේදන සබදතා අත්හිටුවීමට චීනය පියවර ගනි.


තායිවානය සමග පවතින සංනිවේදන සබදතා අත්හිටුවීමට චීනය පියවර ගනියි.

චීන රජයේ ප‍්‍රතිපත්තිවලට තායිවාන එක`ග නොවීම එයට හේතුව වී තිබේ.

මෙම තත්ත්වය හමුවේ ඉදිරියේ දී තායිවානය සමග සංනිවේදන සබදතා අත්හිටුවීමට පියවර ගැනීමට චීන බලධාරින් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කරයි.

‘ එක් චීනයක් ’ යන ප‍්‍රතිපත්තිය යටතේ සිදු කරන ක‍්‍රියාකාරකම්වලට තායිවානය සිය විරෝධය පලකර සිටියි.

තායිවානය ස`දහන් කර ඇත්තේ චීනයේ ඒක පාර්ශවික ප‍්‍රතිපත්ති හේතුවෙන් ගැටළු රැසක් පැන නැගී ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ චීනය ඉදිරියේ දී තායිවානය හා පවතින සංනිවේදන සම්බන්ධයෙන් තීරණයකට එළබීමට නියමිත විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබේ.


පරිසර සතියක් ප‍්‍රකාශයට පත් කරයි.


මේ වසරේ සිට සෑම වසරකම මැයි මස 30 වැනිදා සිට ජුනි මස 5 වැනිදා දක්වා පරිසර සතියක් ලෙස ප‍්‍රකාශයට පත් කිරිමට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශය කටයුතු කරයි. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුව සේවාමුක්ත ක`දවුර මහා විද්‍යාලයේ ලබන 30 වැනිදා පැවැත්වෙන උත්සවයකදී පරිසර සතිය ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතය. 

පරිසර දින සැමරුම් ජාතික උත්සවය ජුනි මස 5 වැනිදා පවත්වන බව මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශය ස`දහන් කරයි. පරිසර සතියට සමගාමීව පරිසර සංවර්ධන වැඩසටහන් රැුසක් සංවිධානය කර ඇති බව අමාත්‍යංශය ස`දහන් ස`දහන් කළේය.


සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය උද්ඝෝෂණයකට සුදානම්.

දීමනා ලබා නොදීමට එරෙහිව උද්ඝෝෂණයක නිරතවීමට සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය සුදානම් වෙයි. 

ඒ අනුව අද දහවල් බොරැල්ල ආයුර්වේද රෝහල ඉදිරිපිට ඔවුන් උද්ඝෝෂණය නිරත වන බව සංගමයේ සභාපති ගාමිණි කොස්ලන්ද මහතා ස`දහන් කළේය. 

ආයුර්වේද රෝහල් කාර්ය මණ්ඩලය ස`දහා 2015 ජුනි මාසයේ සිට අනුමත රුපියල් දහසක විශේෂ දීමනා සහ 2016 ජනවාරි සිට අතිකාල දීමනාව ලබා නොදීමට එරෙහිව විරෝධතා ක‍්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම කියා සිටි. 


එකිනෙකාට චෝදනා නොකර විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගන්නැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.


කොළඹ නගරයේ ජල ගැලීම් ස`දහා හේතුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අත්තනෝමතික නගර සැලැස්ම බවට ඇතැම් මන්ත‍්‍රීවරු ප‍්‍රකාශ කරන බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරයි.

නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සකස් කර තිබු ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරිමට හැකිවුයේ නම් කොළඹ නගරයට මෙතරම් හානියක් සිදු නොවන බවයි. 

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ඔහු ස`දහන් කළේ එකිනෙකාට චෝදනා නොකර සියළු දෙනා එක්ව විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගත යුතු බවයි. 

ආපදා තත්ත්වය පහව යාමෙන් පසු මේ ස`දහා වගකිව යුතු පුද්ගලයින් කවුරුන්ද යන්න සොයා බැලිය යුතු බව උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ස`දහන් කළේය. 


ආපදා හේතුවෙන් අපිරිසිදුවී ඇති ළිං ජලය සහ නළ ජලය පිරිසිදු කිරිමට ජනාධිපතිවරයාගේ අවධානය.


ජල ගැලීම් හේතුවෙන් අපිරිසිදුවු කොළඹ නගරය පිරිසිදු කිරිම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව පවතින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

එමෙන්ම අපිරිසිදුවී ඇති ප‍්‍රදේශවල ළිං ජලය සහ නළ පහසුකම් පිරිසිදු කිරිම ස`දහා ප‍්‍රමුඛත්වය ලබා දිය යුතු බව ජනාධිපතිවරයා ස`දහන් කළේය. 

ජනතාවගේ පානීය ජල ගැටළුව සඳහා විස`දුම් ලබා දීමෙන් අනතුරුව නිවාස පිරිසිදු කිරිම පිළිබ`ද අවධානය යොමු කළ යුතු බව හෙතෙම කියා සිටි. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව ස`දහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම ස`දහා පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ රැස්වු අවස්ථාවේදීය. 

වැඩිදුරටත් කරුණු දැක්වු ජනාධිපතිවරයා ස`දහන් කළේ මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි කොටස් තුනක් යටතේ අපාදාවට ලක්වු ජනතාවට සහන සලසන බවයි. 

මේ ස`දහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සෑම පුද්ගලයෙකුගේම කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ස`දහන් කළේය. 


Google Plus Facebook Twitter Delicious