Friday, April 8, 2016

"ඉසුරු පුර" නිවාස ව්‍යාපෘතිය ලබන 11 වැනිදා ජනතා අයිතියට.


සැමට සෙවන ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදිකරන ලද ප්‍රථම උදා ගම්මානය වන "ඉසුරු පුර" නිවාස ව්‍යාපෘතිය ලබන 11 වැනිදා ජනතා අයිතියට පත් කිරිමට නියමිතයි. 

නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරිම සඳහා සංවිධාන කර තිබු මාධ්‍ය හමුවකදී නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව් කේ කේ අතුකෝරල මහත්මිය මේ බව සඳහන් කළාය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් උදා ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මකය.
එම වැඩපිළිවෙල යටතේ මේ වනවිට දිවයින පුරා උදා ගම්මාන 40 ක් ඉදිව ඇති බව ලේකම්වරිය සඳහන් කළාය. 

ඒ අනුව ජනතා අයිතියට පත් කිරීමට නියමිත ප්‍රථම උදා ගම්මානය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලූ යටිතල පහසුකම්වලින් සමන්විතව ඉදිකරන ලද නිවාස 25 කින් සමන්විත ඉසුරුපුර උදා ගම්මානයයි. 

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපුර උදා ගම්මානය විවෘත කිරිමට නියමිත බව ද ඩබ්ලිව් කේ කේ අතුකෝරල මහත්මිය සඳහන් කළාය. 

Google Plus Facebook Twitter Delicious