Tuesday, April 5, 2016

සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ පර්යේෂණ මත පදනම් වු වාර්ෂික සම්මන්ත‍්‍රණය අද පැවැත්වෙයි.

සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ පර්යේෂණ මත පදනම් වු වාර්ෂික සම්මන්ත‍්‍රණය අද පැවැත්වෙයි.


සම්මන්ත‍්‍රණය පෙරවරු 9 ට කොළඹ විශ්ව විද්‍යාලීය සනාතන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.


"අධ්‍යයන පර්යේෂණ සොයා ගැනීම් ශ‍්‍රී ලංකාවේ තිරසර සංවර්ධනය සඳහා" යන තේමාව යටතේ එය පැවැත්වෙයි. 


කොළඹ විශ්ව විද්‍යාලීය සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමනාකරණ ශාස්ත‍්‍රපති පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ සොයා ගැනීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කරනු ඇත. 


සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ පරිසර විද්‍යාව පිළිබඳ විශ‍්‍රාමික මහාචාර්ය සරත් කොටගම මහතා විසින් පවත්වනු ලබයි. 


මෙමඟින් ශ‍්‍රී ලාංකීය සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් පිළිගත් තිරසර සංචාරක සංවර්ධන ක‍්‍රියාවලිය දක්වා සංවර්ධනය කිරීමට හා ශක්තිමත් කිරිමට අවකාශය සැලසෙනු ඇත. 

තවද පර්යේෂණවල ප‍්‍රායෝගික ප‍්‍රතිඵල පදනම් කර ගනිමින් ශ‍්‍රී ලාංකීය සංචාරක කර්මාන්තයේ ඉදිරි ගමනට ඇති අභියෝග සාකච්ඡුාවට ලක්කරන බව සඳහන්ය. 


කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්‍ෂ්මන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සම්මන්ත‍්‍රණය පැවැත්වෙයි. 


විශ්ව විද්‍යාලීය ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව හා සංචාරක ආර්ථික විද්‍යා හා හෝටල් කළමණාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඒකව සම්මන්ත‍්‍රණය සංවිධාන කර තිබේ.

Google Plus Facebook Twitter Delicious