Friday, June 17, 2016
තායි විවෘත මළල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ හය දෙනෙක් සහ ක්රීඩිකාවවෝ දෙදෙනෙක් සහභාගි කරවති.
Posted by Rangiri News on 8:48:00 AM
උතුරු එංගලන්තයේ ජනමත විචාරණය සඳහා සිදු කෙරෙන ප්රචාරක කටයුතු නතර කරයි.
Posted by Rangiri News on 8:44:00 AM
උතුරු එංගලන්තයේ ජනමත විචාරණය සඳහා සිදු කෙරෙන ප්රචාරක කටයුතු නතර කර ඇතැයි වාර්තා වෙයි.
වෙඩි ප්‍රහාරයකට ලක් වූ කම්කරු පක්ෂ මන්තී‍්‍ර ජෝ කොක්ස් ජීවිතක්ෂයට පත් වීම ඊට හේතු වී තිබේ.
රැස්වීමක් පැවැත්වෙන අතරවාරයේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට පැමිණි අවස්ථාවේ දී මන්තී‍්‍රවරියට වෙඩි වැදී ඇත.
අනතුරුව ප්‍රහාරකයා විසින් ඇයට තියුණු ආයුධයකින් ද පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
බරපතල තත්ත්වයේ පසු වූ ජෝ කොක්ස් මන්තී‍්‍රවරිය රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පනස් දෙහැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය මරාන්තික උපවාසයකට සුදානම්.
Posted by Rangiri News on 8:40:00 AM
හි`ග දීමනා ලබා නොදීම ඇතුළු ගැටළු රැසක් ස`දහා මෙතෙක් විස`දුම් ලැබී නොමැති බව සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය චෝදනා කරයි.
ඒ වෙනුවෙන් පසුගිය දින කිහිපයක සිට සංකේත වැඩවර්ජනයක නිරතවු එම සංගමය අද දිනයේ මරාන්තික උපවාසයක නිරත වන බව එහි සභාපති ගාමිණි කොස්ලන්ද මහතා ස`දහන් කළේය.
2015 වසරේ හි`ග දීමනා ලබා ගැනීම ස`දහා වසරකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යංශය සම`ග සාකච්ඡා කිරීමට සිදු වූ බව බව හෙතෙම කියා සිටි.
ඒ අනුව මෙම වසරේ මැයි මාසයේ දී එක් අයෙකුට රුපියල් දහස බැගින් වූ දීමනාවක් පමණක් ලබා දී ඇති බව ස`දහන්ය.
601 දෙනෙකුගෙන් සමන්විත මධ්‍යම රජයේ ආයුර්වේද කාර්ය මණ්ඩලය ස`දහා ගෙවිය යුතු මුළු මුදල හැට හය ලක්ෂ එකොළොස් දහසක් බව ගාමිණී කොස්ලන්ද මහතා පවසයි.
නවක වදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු සමාවක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.
Posted by Rangiri News on 8:35:00 AM
නවක වදයට සම්බන්ධ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කිසිදු සමාවක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
නවක වදයට සම්බන්ධ සිසින් කිහිප දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව අමාත්‍යවරයා ස`දහන් කළේය.
ඔවුන් නිදහස් කරන ලෙස පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීම සාධාරණ ද යන්න අමාත්‍යවරයා විමසා සිටියේය.
හෙතෙම මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
අන්තවාදී පිරිස් විසින් රජයට විරුද්ධව විවිධ කටයුතු සිදුකරන බව ද හෙතෙම පැවසිය.
එහෙත් එක්සත් ජාතික පක්ෂය වටා එක්ව සිටින මධ්‍යස්ථ කොටස් ශක්තිමත් රජයක් ගොඩනැගීම ස`දහා කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චක්‍රලේඛවලට සීමා නොවී ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සලසන්නැයි මුදල් ඇමතිගෙන් නිළධාරින්ට උපදෙස්.
Posted by Rangiri News on 8:33:00 AM
ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට අත්තිකාරම් ගෙවීම් ස`දහා රුපියල් මිලියන 380 ක මුදලක් ආපදා කළමණාකරණ අමාත්‍යංශය වෙත ලබා දෙයි.
ඊයේ දිනයේ එම මුදල් ලබාදුන් බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා පෙන්වා දෙන්නේ නිළධාරින්ගේ ආකාර්යක්ෂමතාව සහ නොසලකිලිමත්කම මෙන්ම චක්‍රලේඛවලට සීමා වී සිටිම හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී බාධා එල්ලවී ඇති බවයි.
මෙම තත්ත්වය වහා වෙනස් කර ජනතාවගේ අවශ්‍යතාවන් සොයා බැලීමට වගකිය යුතු නිළධාරින් චක්‍රලේඛවලට සීමා නොවි ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම අවධාරණය කර සිටි.
අමාත්‍යවරයා මේ බව ස`දහන් කළේ නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැුස්වීමට එක්වෙමිනි.
විපතට පත් පවුලක් වෙනුවෙන් රුපියල් 10 000 බැගින් අත්තිකාරම් ගෙවීම ස`දහා කටයුතු සුදානම් කර තිබුණ ද මෙතෙක් එම කටයුතු ප්‍රායෝගික තත්ත්වයන් හේතුවෙන් ප්‍රමාද වී ඇති බවට අනාවරණය වු බව හෙතෙම පැවසිය.
විපතට පත් ජනතාවට සහන සැලසීම ප්රමුඛ කොට සැලකිය යුතු බව මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.
රුපියල් 10 000 ක අත්තිකාරම් මුදල ප්රමාණවක් නොවේ නම් එය සුදුසු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට වුවද හැකි බව රවී කරුණානායක මහතා කියා සිටි.
හෙට දිනය වනවිට මෙම අත්තිකාරම් මුදල සියළු පවුල් වෙත ලබා දීමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යවරයා අදාළ පාර්ශව වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය.
රුවන්වැලි මහා සෑයේ සුළු ඉරිතැලීමක් පමණක් සිදුව ඇති බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසයි.
Posted by Rangiri News on 8:32:00 AM
අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ විශාල ලෙස පිපිපුරුමක් සිදුව ඇති බවට මාධ්‍ය මගින් සිදුකරන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා ස`දහන් කළේ රුවන්වැලි මහා සෑයේ සුළු ඉරිතැලීමක් පමණක් සිදුව ඇති බවයි.
හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එවැනි බරපතල පිපිරීමක් සිදුව නොමැති බවට පුරාවිද්‍යා කොමසරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.
වෙනත් කූඨ අරමුණු ඉටු කර ගැනීම ස`දහා ඇතැම් පිරිස් මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන බව හෙතෙම පැවසිය.
ඒ හේතුවෙන් ජනතාව නොම`ග යවන එවැනි ප්රවෘත්ති පළ කිරිමේ දී සත්‍ය අසත්‍යාව තහවුරු කර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සියළු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.
Thursday, June 16, 2016
අයර්ලන්තයට එරෙහි තරග 2 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙයි.
Posted by Rangiri News on 9:01:00 AM