Monday, April 4, 2016

මෙරට විදේශ සේවය ප‍්‍රතිසංවිධාන කිරීම පිළිබඳ රජයේ අවධානය.

මෙරට විදේශ සේවය ප‍්‍රතිසංවිධාන කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වෙයි.
මෙතෙක් ශ‍්‍රී ලංකාවේ තානාපති නියෝජනයක් නොමැති රටවලට නියෝජිතයින් නම් කිරීමට අදහස් කර ඇත.


ඔවුන් කොළඹ විදේශ කටයුතු අමාත්‍යංශයේ සිට ක‍්‍රියාත්මක වීම විශේෂත්වයකි.


විදෙස් තානාපති සේවා සඳහා පිරිවැය අවම කර ගැනීමටත් තානාපති කටයුතු ක‍්‍රමවත් කිරීමත් වැඩපිළිවෙලේ අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.


තානාපති සම්බන්ධතා මෙරට සිට මෙහෙයවන රටවල් කවරේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැත.


අදාළ රටවල් සඳහා ශ‍්‍රී ලංකාවෙන් පත් කරන නියෝජිතයා කොළඹ සිට එම රට සම්බන්ධයෙන් මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නියමිතයි.


එමෙන්ම ඔහු වසරකට කිහිපවරක් අදාළ රටට ගොස් එහි කටයුතු සොයා බැලීමට ද නියමිතය.


Google Plus Facebook Twitter Delicious