Friday, April 8, 2016

අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයින් ජීවිතක්ෂයට.


අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.

තෙලන්ගානා සහ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තවල පවතින උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයින්ගේ වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය සතියේදීය.
ඉන් පුද්ගයින් 66 දෙනෙකු තෙලන්ගානා ප්‍රාන්තයේ වන අතර 45 දෙනෙකු අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේයි.

මේවන විට එම ප්‍රාන්තවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවා ඇතැයි සඳහන්ය.

පසුගිය සතියේ මෙම ප්‍රාන්තවල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ ගිය බව ඉන්දීය කාලගුණ අංශ පෙන්වා දෙයි.

පසුගිය වර්ෂයේ අන්ද්‍රා සහ තෙලන්ගානා ප්‍රාන්තවලට බලපෑ උෂ්ණාධික කාලගුණයෙන් දෙදහකට වැඩි පිරිසක් ජීවිත්ක්ෂයට පත් වූ බවට විදෙස් වාර්තා සඳහන් කර තිබිනි.

ඉන් වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රාන්තයෙනි.

Google Plus Facebook Twitter Delicious