Monday, April 4, 2016

කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ට එරෙහිව අද සිට දැඩි දඞුවම්.

කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් CCTV දර්ශන ඔස්සේ හදුනාගෙන අද සිට දැඩි දඞුවම් පමුණුවන බව පොලිසිය පවසයි.


රථ වාහන අනතුරු  අවම කිරීම සහ රියදුරන්ට විනයානුකූලව ක‍්‍රියාකිරීමට පෙළඹවීම එහි අරමුණ වී තිබේ.


කොළඹ නගර සීමා බලප‍්‍රදේශයේ CCTV යන්ත‍්‍ර 105 ක් සවි කර ඇත.


සී සී ටී වී සවිකළ පොලිස් ජංගම සේවා රථ 03 ක් පැය 24 පුරා ක‍්‍රියාත්මක බව ද පොලිස් රථ වාහන අංශයේ ජේ්‍යෂ්ඨ සහකාර පොලිස් අධිකාරි චූලා ද සිල්වා මහතා පවසයි.


ජාත්‍යන්තර වශයෙන් භාවිත වන මෙම ක‍්‍රමවේදය මෙරටට හදුන්වා දෙනු ලබන්නේ පළමු වරටය.


Google Plus Facebook Twitter Delicious