Tuesday, April 5, 2016

පසුගිය රජය ලබාගත් ණය පියවීම සඳහා රටේ ආදායම යෙදවීමට සිදුව ඇතැයි ඇමති දයා ගමගේ කියයි.

අද වනවිට රටේ ආදායම පසුගිය පාලන සමය තුල ලබා ගත් ණය පියවීමට පමණක් සරිලන බව ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. 


අධ්‍යාපනය, සෞඛ්‍ය සහ වෙනත් අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් අවශ්‍ය පරිදි මුදල් වෙන් කිරීමේ හැකියාවක් නොමැතිකමින් වත්මන් රජය අපහසුතාවට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 


කෙසේ වෙතත් නව රජය පැවති රජය වෙන් කළ මුදල මෙන් තුන් ගුණයක් අධ්‍යාපනයට සහ සෞඛ්‍යට වෙන් කර ඇති බව දයා ගමගේ මහතා පෙන්වා දෙයි. 


ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති රැුකියා දස ලක්‍ෂයේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කතරගම කිරිවෙහෙර භූමියේ පැවති දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Google Plus Facebook Twitter Delicious