Monday, April 11, 2016

අවුරුදු දහනවයෙන් පහළ සිංගර් කුසලාන දෙවැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ වෙස්ලි හා කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලවලට හිමිවෙයි.


අවුරුදු දහනවයෙන් පහළ සිංගර් කුසලාන දෙවැනි කොටසේ පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ වෙස්ලි හා කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලවලට හිමිවෙයි.

දින තුනක් පුරා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දී පැවති තරගය ඊයේ පස්වරුවේ ජය පරාජයෙන් තොරව අවසන් විය.

වෙස්ලි විදුහල් පිළ පළමු ඉණිම ස`දහා ලකුණු 120 ක් ද දෙවැනි ඉණිම ස`දහා ලකුණු 194 ක් ද ලබා ගත්තේය.

කෑගල්ල ශාන්ත මේරී විදුහල් කණ්ඩායම පළමු ඉණිම ස`දහා ලකුණු 194 ක් රැුස් කළ අතර දෙවැනි ඉණිමට ලකුණු 120 ක් රැුස් කිරීමට සමත් විය.

ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රීඩා සංගමය, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ද සහය ඇතිව සිංගර් කුසලාන අවුරුදු දහනවයෙන් පහළ ක‍්‍රිකට් තරගාවලිය සංවිධාන කරනු ලැබීය.


42 වන ජී 07 සමුළුවට සහභාගි වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජපානයට යයි.


42 වන ජී - 07 සමුළුවට සහභාගී විම ස`දහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජපානයට පිටත්ව යයි.

ජපානයේ හිරෝෂිමාහි දී එය පැවැත්වීමට නියමිතය.

අමේරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ පළමු ජපාන සංචාරය මෙය බව ද විදෙස් මාධ්‍ය වාර්තා ස`දහන් කර තිබේ.

1945 වර්ෂයේ පැවති දෙවන ලෝක යුද්ධය හේතුවෙන් අමෙරිකාව හිරෝෂිමාවට එල්ල කරන ලද පරමාණු බෝම්බය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව එක් ලක්ෂ 40 ස් දහසකි.

කෙසේ වෙතත් ජෝන් කෙරි ස`දහන් කර ඇත්තේ හිරෝෂිමාවට පැමිණියේ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට නොවන බවයි.

හිරෝෂිමාවට එල්ල වූූ ප‍්‍රහාරය හේතුවෙන් තමන් කම්පාවට පත්වන බව ද රාජ්‍ය ලේකම්වරයා එහි දී ස`දහන් කර තිබේ.                                                                     


මාතර - කරතගම ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට.


මාතර - කරතගම ප‍්‍රධාන මාර්ගයේ තංගල්ල - සීනි මෝදර ප‍්‍රදේශයේ මාර්ගය යථා තත්ත්වයට පත් කරයි.

පෙරවරු 7 යි 50 ට පමණ ප‍්‍රධාන මාර්ගය අසළ තිබු බෝගසක් මාතර - කරතගම ප‍්‍රධාන මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එහි ගමනා ගමනට බාධා එල්ල විනි.

ප‍්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව කඩා වැටී ඇති ගස ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ස`දහන් කරයි.


මන්ත්‍රීවරුන්ට නව ආචාර ධර්ම පද්ධතියක්.

විනය ගරුක ආදර්ශමත් පාර්ලිමේන්තුවක් බිහි කිරීම ස`දහා මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් නව ආචාර ධර්ම පද්ධතියක් යෝජනා කළ බව කථානායක කරූ ජයසූරි මහතා පවසයි.

ලොව අනෙකුත් රටලව උපදෙස් ලබා ගනිමින් සහ දැනට පවතින ආචාර ධර්ම පද්ධතිය සැලකිල්ලට ගනිමින් නව ආචාර ධර්ම පද්ධතිය සකස් කළ බව කථානායකවරයා ස`දහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කථානායක කරූ ජයසූරිය මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.

මන්ත‍්‍රීවරුන්ගේ ඝෘජු වත්කම් සහ ඔවුන්ට අදාළ අනෙක් සියලූ මූල්‍ය සබ`දතා පාර්ලිමේන්තුවට හෙළිකළ යුතු බව නව ආචාර ධර්ම පද්ධතියේ ඇතුළත් ප‍්‍රධානතම අංගයක් වෙයි.

කිසියම් පාර්ශවකින් ලැබෙන ආධාර සහ ත්‍යාග ප‍්‍රදානයන් ද ඊට ඇතුළත් කළ යුතු බව කථා නායකවරයා ස`දහන් කර තිබේ.

යෝජිත ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්  ඕනෑම පුරවැසියෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමට අයිතියක් පවතින බව කථානායකවරයා ස`දහන් කළේය.

එමෙන්ම එම චෝදනාවලට වරදකරු වන අදාළ මන්ත‍්‍රීවරයාට හෝ මන්ත‍්‍රීවරියට කිසියම් කාලයකට පාර්ලිමේන්තුව තහනම් කිරීම ඇතුළු දඩුවම් පැමිණ විය හැකි වන ලෙස එම ආචාර ධර්ම පද්ධතිය සකස් කර ඇති බව ද ස`දහන්ය.

මහජන නියෝජිතයෙකු වශයෙන් ගන්නා සියලූ තීරණ සහ තමන්ගේ සියලූ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජනතාවට විවෘතව කරුණු දැක්විය යුතු බව ද අචාර ධර්ම පද්ධතිය තුළින් යෝජනා වී ඇත.


අප්‍රේල් 15 ත් රජයේ නිවාඩු දිනයක් කරයි.

අපේ‍්‍රල් මස 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කරයි.

ජනාධිපති සහ අගමැතිවරයා විසින් එය ප‍්‍රකාශයට පත් කළ බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ස`දහන් කළේය.                                                  
මේ අතර අලූත් අවුරුදු සමයේ බීමතින් රිය පදවා අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ගේ රියදුරු බලපත‍්‍රය නැවත ලබා නොදෙන බව පොලිසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබ`ද නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනානායක මහතා ස`දහන් කළේ අද සිට එය ක‍්‍රියාත්මක වන බවයි.

මීට පෙර බීමත්ව රිය පදවා අත්අඩංගුවට පත් වූ රියදුරන්ගේ රියදුරු බලපත‍්‍රය ලබා ගෙන නැවත තාවකාලික බලපත‍්‍රයක් ලබා දීමට කටයුතු කළ බව අමරසිරි සේනානායක මහතා පැවසීය.

එහෙත් අද සිට එම තාවකාලික බලපත‍්‍රය ලබා නොදීමට තීරණය කර ඇති බව ද ඔහු ස`දහන් කරයි.

ඒ හේතුවෙන් බීමත්ව රිය පැදවීමෙන් වලකින්නැයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අලූත් අවුරුදු සමයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇති විය හැකි තදබදය අවම කිරීම ස`දහා විශේෂ වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ.

සියලූ අන්තර් හුවමාරු ආවරණය වන පරිදි අවුරුදු සමයේ අතිරේක පිටවුම් දොරටු යොදවන බව දක්ෂිණ අධිවේගී මාර්ග පාලන ඒකකය ස`දහන් කළේය.

මේ වනවිට දිනකට දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන රථවාහන සංඛ්‍යාව හතලිස් දහසකට අධික බව වාර්තා වෙයි.

අවුරුදු සතිය තුල එය පනස් පන්දහසක් ඉක්මවනු ඇති බව තක්සේරු කර ඇත.

අධිවේගී මාර්ගය භාවිත කිරීමේ දී සම්මත වේගය පමණක් අනුගමනය කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලූ නවයක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වෙයි.


ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලූ නවයක විශිෂ්ට ජයක් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වෙයි.

දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රියේ කොල්කටහි දී තරගය පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයා ඩෙවිල්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 17 යි පන්දු 4ක දී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 98 ක් පමණි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 14 යි එක් පන්දුවක දී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.
ගෞතම් ගාම්බීර් නොදැවී ලකුණු 38 ක් රැස් කළේය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 03 වැනි තරගය අද කිංග්ස් ඉලවන් පන්ජාබ් හා ගුජරාට් ලයන්ස් කණ්ඩායම් අතර පැවැත්වෙයි.

මොහාලිහි දී රාත්‍රී හතට එය ආරම්භ කිරීමට නියමිතය.

ජගත් සංවිධානයේ ගෝලීය උණුසුමට එරෙහි සටනට රටවල් 120 ක සහය.

ගෝලීය උණූසුමට එරෙහි එක්සත් ජාතීන්ගේ සටනට රටවල් 120 ක් අත්සන් කිරීමට සූදානම් බව ප්‍රංශ පාරිසරික අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය සෙහොලින් රෝල් මේ බව සඳහන් කර තිබේ.

පසුගිය දෙසැම්බර් මාසයේ රජයන් 200 ක් පමණ ගෝලීය උණූසුම සෙල්සියස් අංශක 02 කට අඩුකිරීමේ එකඟතාවට පැමණ ඇත.

මේ අතර ලොව කාළගුණ ආධාර ලෙස පොහොසත් රටවලින් ඩොලර් මිලියනයක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ද ප්‍රංශය සඳහන් කර තිබේ.

2020 සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

යුරෝපා සංගමය පසුගිය වසරේ දී මේ සඳහා ගිවිසුම් අත්සන් කළ අතර සංවර්ධනය වෙමින් පවතින ප්‍රධාන රටක් වන ඉන්දියාව ද මේ සඳහා එකඟතාවය පලකර තිබේ.

මේ සඳහා අප්‍රිකානු රටවලින් ද යහපත් ප්‍රතිචාර ලැබී ඇත.

ණය අඩු කර රට සංවර්ධනය කරා රැගෙන යාමට කාලය අවශ්‍යයි - මන්ත්‍රී නාලක කොලොන්නේ පවසයි.

අනාගයේ දී රටේ ණය ප්‍රමාණය අඩු කරගනිමින් රට සංවර්ධනය කරා රැගෙන යන බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොලොන්නේ මහතා පවසයි.


හෙතෙම සඳහන් කළේ එය සාර්ථකව සිදු කිරීම සඳහා තවදුරටත් කාලය අවශ්‍ය බවයි.


නාලක කොලොන්නේ මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවකය එක්වෙමිනි.


එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ හෙතෙම සඳහන් කළේ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

සුළු කාලයක් තුළ රටේ විප්ලවීය ආර්ථික වෙනසක් ඇති කරන බව මුදල් ඇමති කියයි.


සුළු කාලයක් තුළ රටේ විප්ලවීය ආර්ථික වෙනසක් ඇති කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

පසුගිය රජය සමයේ කඩා වැටී තිබූ ආර්ථිකය කෙටි කාලයක් තුළ යළි ශක්තිමත් කිරීම පහසු කාර්යක් නොවන බව හෙතෙම සඳහන් කළේය.

රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලිය කාක දුපත වෙරළ උද්‍යානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා සඳහන් කළේ යහපාල රජය යටතේ රටේ දියුණුව එක් දිත්‍රික්කයකට පමණක් සීමා නොවන බවයි.

මල්වතු පාර්ශව මහ සංඝ සභාව අද අස්ගිරි මහා විහාරයට.


ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අභිනව මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඥානරතන මහනාහිමියන්ට ආශිර්වාද කිරීම සඳහා මල්වතු මහනාහිමි ප්‍රමුඛ එම පාර්ශවයේ විංසත්වර්ගික කාරක සංඝ සභාව අද අස්ගිරි මහ විහාරයට වැඩම කරති.

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඞරුවේ උපාලි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය පෙරේදා මල්වතු මහ විහාරයට වැඩම කළහ.

එහි දී අභිනව මහ නාහිමි පත්කර ගැනීමේ පුවත මල්වතු මහනාහිමියන් ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභාව වෙත දැනුම් දුන්නේය.

ඒ අනූව අද මල්වතු පාර්ශවයේ ස්වාමීන් වහන්සේ විසින් අභිනවයෙන් මහනාහිමි පදවියට පත් මහනාහිමියන් බැහැ දැකීමට නියමිතයි

මේ අතර අභිනව අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ බැහැදැකීම සඳහා ජනාධිපතිවරයා ද ඊයේ මහනුවර අස්ගිරි මහ විහාරයට ගියේය.

අභිනව මහනායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසූ ජනාධිපතිවරයා සුභාශිංසන පිරිනැමීය.

අභිනව මහනායක ස්වාමීන් වහන්සේ විසින් මෙහි දී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

Google Plus Facebook Twitter Delicious