Tuesday, May 3, 2016

41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි.


41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අද පෙරවරුවේ යාපනයේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි. 

තරගාවලිය සැප්තැම්පර් මුල් සතියේ පැවැත්වීමට නියමිතය. 

ක‍්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවන 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතර තරග ඉදිරි දෙමස තුළ පැවැත්වෙයි.

අදියර 04 කින් යුත්තව මෙම ජාතික මහා ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.

පළමු අදියර වන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල පිහිටි ක‍්‍රීඩා සමාජ අතර තරග පසුගිය අපේ‍්‍රල් 30 වැනි දිනෙන් අවසන් විය.

දෙවැනි අදියර තරග ජූනි මස 30 වැනි දින දක්වා දිස්ත‍්‍රික් තුල පැවැත්වෙයි.

මෙවර ජාතික මහා ක‍්‍රීඩා උළෙල යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Google Plus Facebook Twitter Delicious