Tuesday, May 3, 2016

ජනතාව පීඩාවට පත්වන අයුරින් බදු හදුන්වාදුන් ආර්ථික විදඥායින් ඉවත් කරන බවට ජනපති ලබාදුන් පොරොන්දු ඉටු කරන්නැයි හෙළ උරුමයෙන් ඉල්ලීමක්.

අහිංසක දුප්පත් ජනතාව පීඩාවට පත්වන අයුරින් බදු හ`දුන්වාදීමට ආර්ථික විදඥායින්ට ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ඉල්ලිමක් කරයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් විසින් බදු වැඩි කිරිමට කටයුතු කරන බවට පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවක දී ජනාධිපතිවරයාට දැනුම් දුන් බව නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ස`දහන් කළේය. 

ඒ අනුව මුල්‍ය අරමුදලේ ශ‍්‍රී ලංකා නිළධාරින් එම තනතුරින් ඉවත් කළ යුතු බව උදය ගම්මන්පිල මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුකදී කියා සිටියේය. 

එම නිළධාරින් ඉවත් කරමින් හෝ වැට් බද්ද වාහම ඉවත් කර ජාතියට ලබාදුන් පෙරොන්දු ඉටු කරන ලෙස හෙතෙම ජනාධිපතිරයාගෙන් ඉල්ලීමක් කරයි. 


Google Plus Facebook Twitter Delicious