Thursday, May 5, 2016

මිල වැඩි කිරීමේ ගැසට් පත‍්‍රයේ ඇතුළත් වූ භාණ්ඩ 37 ක් වැට් බද්දෙන් නිදහස්.


ගැසට් පත‍්‍රයේ ඇතුළත් වූ භාණ්ඩ 37 ක් වැට් බද්දට යටත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ස`දහන් කළේ බදු ඉහළ යාම සිදුවන්නේ විශේෂ බද්දට යටත් වූ භාණ්ඩවලට පමණක් බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් ස`දහන් කළේ පාරිභෝගිකයින්ට ගැටළුවක් නොවන අයුරින් බදු සංශෝධනය සිදු කර ඇති බවයි.


Google Plus Facebook Twitter Delicious