Tuesday, May 3, 2016

යෝෂිත රාජපක්ෂ ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද යළි පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශයට.


සී එස් එන් ආයතනයේ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද යළි පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශය හමුවේ පෙනී සිටිමට නියමිතයි. 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පසුගිය මැයි මස 28 වැනිදා කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැ`දවනු ලැබීය.

ඒ අනුව අද දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ගොස් සාක්ෂි සටහන් කර ගැනීම ස`දහා දින නියම කර ගන්නා ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා එහිදි නියෝග කෙරිණි. 

එම ප‍්‍රකාශ ලබා ගැනීම සති දෙකක් තුළ අවසන් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශයට භාර දී ඇති අතර ඔහුගේ පැරණි විදේශ ගමන් බලපත‍්‍රය ද එම කොට්ඨාශයට භාර දෙන ලෙස එහි දී නියෝග කෙරිණි.

සිද්ධියට අදාළ නඩුව මැයි 6 වැනි දින යළි කැ`දවීමට නියමිතය.

කෙසේ වෙතත් එදිනට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටීම අවශ්‍ය නොවන බවට ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දී තිබේ.


Google Plus Facebook Twitter Delicious