Wednesday, May 4, 2016

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි.


පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.

නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රැස් වූ පාර්ලිමේන්තුව අද දිනය දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය. 

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කළේය.

ඊට පිළිතුරු ලබා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාට අවස්ථාව ලබා දුන්නේය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරු සභා ගර්භය මධ්‍යයට පිවිස විරෝධතාවයේ නිරත වූහ.
එම අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් හා ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

මේ හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි සන්දීප් සමරසිංහ මහතා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය.  

කෙසේ වෙතත් ඊයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් අද පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා පියවර ගත්තේය.

මේ අතර පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට පටහැනිව මන්ත‍්‍රිවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායකවරයා අප‍්‍රසාදය පළ කර සිටියි.

කරූ ජයසූරිය මහතා ස`දහන් කළේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ද පවත්වන බවයි.


Google Plus Facebook Twitter Delicious