Thursday, May 5, 2016

ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ජගත් සංවිධානය අවධානයෙන්.


ශ‍්‍රී ලංකාවේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ`ද අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

දිවයිනේ සංචාරයක නිරත එහි අධිකරණ විනිශ්චය සහ නීති වෘත්තිය පිළිබ`ද විශේෂ කරුණු වාර්තා කරන කණ්ඩායම මේ බව ප‍්‍රකාශ කර තිබේ.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම`ග පැවති හමුවක දී ඔවුන් ඒ පිළිබ`ද ස`දහන් කර ඇත.

19 වැනි ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිසන් සභාවල ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට කරුණු වාර්තා කිරීම ස`දහා එම පිරිස දිවයිනට පැමිණියහ.


Google Plus Facebook Twitter Delicious