Wednesday, May 4, 2016

ඔලිම්පික් ගිනි සිළුව බ‍්‍රසීලයට ළඟා වෙයි.


ඔලිම්පික් ගිනි සිළුව බ‍්‍රසීලයට ළඟා වෙයි.

අගෝස්තු මාසයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව ජිනීවාහි ස්විස් නගරයේ සිට විශේෂ ගුවන් යානයකන් ඊයේ බ‍්‍රසීලයට රැගෙන එන ලදී.

බ‍්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් මහත්මිය විසින් ගිනි සිළුව පිළිගැනීමෙන් අනතුරුව බ‍්‍රසීල කාන්තා නෙට්බෝල් කණ්ඩායමේ නායිකා ෆැබියානා ක්ලෝඩිනෝ වෙත එය භාර දෙනු ලැබීය.

බ‍්‍රසීලය පුරා ගිනි සිළුව රැගෙන කී‍්‍රඩක ඛ‍්‍රඩිකාවන් 12 දහසක් පමණ ධාවනයේ යෙදෙනු ඇත.
දින 95 ක් පුරා ගිනි සිළුව රැගත් ධාවකයෝ බ‍්‍රසීලයේ නගර හා ගම්මාන 300 කට වැඩි සංඛ්‍යාවක් පසු  කරමින් ධාවනයේ යෙදෙති.

අගෝස්තු 05 වැනි දින එය රියෝඩි ජැනරෝයි නුවර මැරකානා කී‍්‍රඩාංගණයට ළඟා වීමට නියමිතය.

ගිනි සිළුව රැගෙන යන ධාවකයින් අතර සිරියානු යුද්ධයෙන් අනාථව මේ වනවිට බ‍්‍රසීලයේ වෙසෙන කී‍්‍රඩකයෙකු ද වෙයි. 


Google Plus Facebook Twitter Delicious