Wednesday, May 4, 2016

අතුරුදන් වූ පබහින්න නියඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ මෙතෙක් සොයාගෙන නැත.


පබහින්න නියඳගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ මෙතෙක් සොයාගෙන නැතැයි බලංගොඩ අප වාර්තාකරු පවසයි.

ඊයේ පස්වරුවේ සිදු වූ නායයාමකින් බලංගොඩ - පබහින්න නියඳගල ආරණ්‍ය සේනාසනය සම්පූර්ණයෙන් යට විය.    

ආරණ්‍ය සේනාසනාධිපති ස්වාමීන් වහන්සේ එම අවස්ථාවේ එහි වැඩ සිට ඇත.

නායගොස් ඇත්තේ බලංගොඩ පබහින්න පුවක්ගහවෙල හගලේ කන්දයි.

බලංගොඩ පොලිසිය, සමනලවැව පොලිසිය, දියතලාව හමුදා ක`දවුරේ නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටින බව අප වාර්තාකරු ස`දහන් කළේය. 

ප‍්‍රදේශයෙන් ඉවත් කරන ලද පවුල් 60 ක පිරිස් මේ වනවිට පුවක්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නවාතැන් ගෙන සිටිති.

ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ප‍්‍රාදේශිය ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.


Google Plus Facebook Twitter Delicious