Thursday, May 5, 2016

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ පිරිසට එරෙහි විනය පියවර පිළිබඳ අවසන් තීරණය අද.


පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභාව අද රැස්වෙයි.

කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ස`දහන් කළේ පෙරවරු නවයට කමිටුව රැස්වන බවයි.

පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය ගැටුමක් දක්වා වර්ධනය වීමට තුඩු දුන් පාලිත තෙවරප්පෙරුම හා ප‍්‍රසන්න රණවීර මන්තී‍්‍රවරුන්ට එරෙහිව උපරිම විනය කි‍්‍රයාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ නියෝජ්‍ය කතානායකවරයා ප‍්‍රමුඛ කමිටුව විසින් සැකසූ වාර්තාවේ නිර්දේශවල මේ බව දැක්වෙයි.

එමෙන්ම දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන හා පියල් නිශාන්ත යන මන්තී‍්‍රවරුන් මූලාසනයට අවනත නොවී අශෝබන අන්දමින් කටයුතු කිරීම ද අනුචිත කි‍්‍රයාවක් බවට වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව අදාළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් ගත යුතු පියවර අද රැුස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබ`ද කාරක සභාවේ දී තීරණය කරනු ඇත.


Google Plus Facebook Twitter Delicious