Thursday, May 5, 2016

රජයේ සෑම කටයුත්තකටම පාදක වී ඇත්තේ හිටපු ජනපති බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා.


වර්තමාන රජයේ සෑම කටයුත්තකටම පාදක වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා ස`දහන් කළේ රජය බලයට පත්වීමේ දී ජනතාවට ලබාදුන් සියලූ පොරොන්දු මේ වනවිට අසත්‍ය වී ඇති බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත‍්‍රීවරයා ස`දහන් කළේ ප‍්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරික ජේමිස් පැකර් දිවයිනට පැමිණ ඇති බවට ද තමන් වෙත තොරතුරු වාර්තා වී ඇති බවයි.


Google Plus Facebook Twitter Delicious