Wednesday, May 4, 2016

ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සී ඩබ්ලිව් සී ධර්මරත්න මහතා අද යළි අධිකරණයට.


ඇඹිලිපිටිය සුමිත් ප‍්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී සී ඩබ්ලිව් සී ධර්මරත්න මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කරයි.

ඔහු පසුගිය මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා නියෝග කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුවක් ජනවාරි මස 27 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මනීලාල් වෛද්‍යරත්න මහතා ඉදිරියේ කැ`දවනු ලැබීය.

එම අවස්ථාවේ දී රෝහිත අබේගුණවර්ධන මහතාට අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා නොතීසි නිකුත් කළේය. 

සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව නඩුව ගොනු කර ඇත.

2004 වසරේ සිට 2006 දක්වා වූ දෙවසරක කාලය තුළ එම දේපල උපයා ඇති බවට මන්ත‍්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.


Google Plus Facebook Twitter Delicious