Friday, May 6, 2016

පරිසර දුෂණයේ අයහපත් තත්ත්වයන්ට සමස්ත ලෝකයම මුහුණ දී ඇති බව ජනපති පෙන්වා දෙයි.


පරිසර දුෂණය හා වායු දුෂණය හේතුවෙන් ඇතිවන අයහපත් තත්ත්වයන්ට සමස්ත ලෝකයට මේ වනවිට මුහුණ දී ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.  

ලොව ප‍්‍රබල රටවල රාජ්‍ය නායකයින් එක්ව පරිසර සමුළු පවත්වමින් කඩිනම් තීන්දු තීරණ ගන්නේ එහි අයහපත් තත්ත්වයන් මැනවින් අවබෝධ කර ගනිමින් සිටින බැවින් බව ජනාධිපතිවරයා ස`දහන් කළේය. 

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ බත්තරමුල්ලේ පැවති වායු තත්ත්ව කළමණාකරණය පිළිබ`ද හයවන ජාතික සම්මන්ත‍්‍රණයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

ශ‍්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමණාකරණය පිළිබ`ද ජාතික සම්මන්ත‍්‍රණය අද දිනයේ ද වෝටර්ස් ඒජ්හිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.  

ජනාධිපතිවරයා ලෙස තමන් පරිසර අමාත්‍යංශය භාරගනු ලැබුවේ පරිසරයේ ආරක්‍ෂාව වෙනුවෙන් අන් අයගේ බලපෑමකින් තොරව තීන්දු තීරණ ගැනීමේ අවශ්‍යතාව මතුව තිබීම හේතුවෙන් බව ජනාධිපතිවරයා ස`දහන් කළේය.


Google Plus Facebook Twitter Delicious