Tuesday, May 3, 2016

චීන සබිමැරීන සම්බන්ධයෙන් ඉන්දියාව හා අමෙරිකාව අතර තීරනාත්මක සාකච්ඡා.


ඉන්දිය සාගරයේ චීන නාවික ක‍්‍රියාකාරකම් ඉහල යෑම සම්බන්ධයෙන් අමෙරිකාව හා සාකච්ඡා ආරම්භ කිරීමට ඉන්දියාව පියවර ගනියි.

ඉනි්දියානු මුහුදු සීමාව තුළ චීන සබ්මැරීන ගමන් කීරීම මෙයට හේතු වී තිබේ.

දකුණු දිග චීන මුහුදේ සිය බලය පතුරවමින් එය ඉන්දියාව තෙක් ව්‍යෘප්ත කීරිම සම්බන්දයෙන් චිනය කටයුතු කරමින් සිටින බව දේශපාලන විශ්ලේෂකයින් ස`දහන් කරති.

අමෙරිකාව හා චීනය අතර පැවැත්වෙන සාකච්ඡා වලදි සබ්මැරීන නාශක යුධ උපක‍්‍රම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති අතර එම තාක්ෂණය අමෙරිකාව මෙතෙක් හුවමාරු කර ගත්තේ සිය සමීපතම රටවල් සමග පමනක් බව ද ස`දහන්ය.

මේ අතර චීන සබ්මැරීන ඉන්දිය මලක්කා සමුද්‍ර සංධිය ආසන්නයේ පිහිටි ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් දිවයින් ආසන්නයේ දක්නට ලැබෙන බවද ඉන්දීය බලධාරීන් ස`දහන් කර තිබේ.


Google Plus Facebook Twitter Delicious