Tuesday, May 3, 2016

රජයට එරෙහිව පෙළ ගැසුණු ජනතාවට ඒකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රණාමය.


විරුද්ධ පක්‍ෂයේ මැයි රැලි පැවැත්වීමට එරෙහිව රජය ගෙන ගිය වැඩපිළිවෙල නොසළකා හරිමින් මෙරට දේශමාමක ජනතාව කිරුළපනට සහ නුගේගොඩට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි. 

රජයට එරෙහිව පෙළ ගැසුණු ජනතාවට සිය ප‍්‍රණාමය පුද කරන බව මන්ත‍්‍රීවරයා ස`දහන් කළේය. 

හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

මහින්ද රාජපක්‍ෂ මහතා වටා ගොඩනැගෙන ජන පෙළහර කෙතරම් ද යන්න මෙවර මැයි රැලියේ දී දැක ගැනීමට හැකිවු බව හෙතෙම පැවසිය. 


Google Plus Facebook Twitter Delicious