Wednesday, May 4, 2016

ඉතාලියේ විදී මුර සංචාරය සඳහා චීන පොලිස් භට කණ්ඩායමක් යෙදවීමට දෙරට අතර එකඟතාවක්.


ඉතාලියේ සුප‍්‍රකට රෝම සහ මිලාන් නගරවල විදී මුර සංචාරය සඳහා චීන පොලිස් භට කණ්ඩායමක් යෙදවීමට දෙරට අතර එකඟතාවක් ඇති වෙයි.

ඉතාලි භාෂාව කථා කළ හැකි එම චීන පොලිස් භට කණ්ඩායම ඊයේ සිට ලබන 13 වැනිදා දක්වා පරික්‍ෂණ මෙහෙයුමක් ලෙස මුර සංචාර ආරම්භ කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

වසරකදී චීන ජාතිකයින් තිස් ලක්‍ෂයක් පමණ ඉතාලියේ සංචාරය කරනු ඇත.

මේ හේතුවෙන් චීන සංචාරකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙම චීන පොලිස් භට කණ්ඩායමක් යොදවන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇන්ජලීනෝ අල්ෆානෝ ප‍්‍රකාශ කර තිබේ.


Google Plus Facebook Twitter Delicious