Friday, May 6, 2016

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද යළි අධිකරණයට.


සී එස් එන් ආයතනයේ සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යෝෂිත රාජපක්ෂ මහතා ඇතුලූ සැකකරුවන් පස් දෙනා අද අධිකරණය හමුවේ පෙනි සිටිමට නියමිතයි.  

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව පසුගිය අපේ‍්‍රල් මස 28 වැනි දින කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී කැ`දවනු ලැබීය.

එහි දී මෙම නියෝගය නිකුත් කෙරිණි.

යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ කොටිඨාශයට භාර දී ඇති අතර ඔහුගේ පැරණි විදේශ ගමන් බලපත‍්‍ර ද එම කොට්ඨාශයට භාර දෙන ලෙස එහි දී නියෝග කෙරිණි.

Google Plus Facebook Twitter Delicious