Friday, May 6, 2016

මෙරට මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දේශීය සහ ජාත්‍යන්තර තරගාවලි 04 කට සහභාගි වීමේ අවස්ථා ලබා දිය හැකි බව ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය පවසයි.


මෙරට මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දේශීය සහ ජාත්‍යන්තර තරගාවලි 04 කට සහභාගි වීමේ අවස්ථා ලබා දිය හැකි බව ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය පවසයි.

2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් එය ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

අගෝස්තු මාසයේ බ‍්‍රසීලයේ රියෝ ද ජෙනයිරෝ නගරයේ පැවැත්වීමට නියමිත 19 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට මේ වනවිට සුදුසුකම් ලබා සිටින්නේ මළල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙකු පමණි.

අනෙක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ද ඊට සහභාගිවීමට අවස්ථාව ලබා ගැනීම ස`දහා දේශීය ක‍්‍රීඩා උළෙලේවල් දෙකකට සහ ජාත්‍යන්තර මළල ක‍්‍රීඩා උළෙලවල් දෙකකට සහභාගි විමට අවස්ථාව ලබා දී ඇත.

ලබන 31 වැනි දින විවෘත මළල ක‍්‍රීඩා උළෙලක් පැවැත්වෙයි.

ජාතික මළල ක‍්‍රීඩා ශූරතා තරග උළෙල ජූලි මස අට වැනි දින සිට 10 වැනි දක්වා ශ‍්‍රී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව ජූනි මාසයේ කසකස්තාන ආරාධිත සහ තායි ආරාධිත මළල ක‍්‍රීඩා උළෙලට ද ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කරවන බව මළල ක‍්‍රීඩා සංගමය පවසයි.


Google Plus Facebook Twitter Delicious